අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රංගගේ නඩුව රංගටම ඇසීමට තවත් අවස්ථාවක්..?

රංගගේ නඩුව රංගටම ඇසීමට තවත් අවස්ථාවක්..?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නන්දන ගුණතිලක සහ උදය ගම්මන්පිල විසින් 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 118 වගන්තිය යටතේ වත්මන් අල්ලස් සහ දූෂණ කොමිෂමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකට සහ සමස්ත කොමිෂන්…

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නන්දන ගුණතිලක සහ උදය ගම්මන්පිල විසින් 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 118 වගන්තිය යටතේ වත්මන් අල්ලස් සහ දූෂණ කොමිෂමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකට සහ සමස්ත කොමිෂන් සභාවට කර ඇති අපහාසට අදාලව පරීක්ෂණයක් කරන මෙන් පුරවැසි බලය සංවිධානයේ සභාපති ජාමුනි කමන්ත තුෂාර විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂමට පැමිණිලි කර ඇත.

මේකත් හරියට රංග දිසානායකගේ පුතා රාජකීය විද්‍යාලයට ඇතුලත් කිරීමට එරෙහිව දාපු පැමිණිල්ල වගේ එකක්.

රංග දිසානායකට එරෙහිව ඉදිරිපත් කරලා තියන චෝදනා විභාග කරන්න ආයෙත් රංග දිසානායකටම පුළුවන්.

දැන්වීම

මේක රංග දිසානායකගේ උවමනාවට අල්ලස් හෝ දුෂණ කොමිසමට ගෙන්න ගත්ත පැමිණිල්ලක්ද කියලා සැකයි.

මොකද රංග දිසානායකට පෞද්ගලික එල්ල වෙන චෝදනාවලට අල්ලස් හෝ දුෂණ කොමිෂම පටලවාගන්න එයා පහුගිය කාලය පුරා උත්සාහ කළා.

රංගගේ ඒ අරමුණට කොමිෂම තල්ලු කිරීම මේ පැමිණිල්ලේ යටි අරමුණද කියන සැකය ඇති වෙනවා.

රංග මේ ගැනත් පරීක්ෂණයක් කරලා කියයි මගේ පත්වීම නීත්‍යානුකූලයි කියලා.

එතකොට අපි ඒක පිලිගන්න ඕනිද?

එතකොට ඉතින් නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ තමයි.

ඇත්තටම මේ කරන්න හදන්නේ ජනතාවට වගකියන ස්වාධීන කොමිෂන් සභා ගැන පුරවැසියන්ගේ පැත්තෙන් ප්‍රශ්න කිරීම නතර කිරීමට දරන උත්සාහයක්ද?

- RRMC -

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
රංගගේ නඩුව රංගටම ඇසීමට තවත් අවස්ථාවක්..? | Lanka Newsweek