අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

යාල වනෝද්‍යානයේ මිස්සක හස්තියා මිය යයි

යාල වනෝද්‍යානයේ මිස්සක හස්තියා මිය යයි

(නිලන්ති චන්ද්‍රසේන) යාල වනෝද්‍යානයේ මිස්සක හස්තියා වෙඩි ප්‍රහාරයකින් මිය යාම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණ කටයුතු මේ වන විටත් වනජීවී දෙපාර්තමේන්තුව ආරම්භ කර තිබේ. අවුරුදු 35 පමණ වයසැති මෙම මිස්සක…

(නිලන්ති චන්ද්‍රසේන)

යාල වනෝද්‍යානයේ මිස්සක හස්තියා වෙඩි ප්‍රහාරයකින් මිය යාම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණ කටයුතු මේ වන විටත් වනජීවී දෙපාර්තමේන්තුව ආරම්භ කර තිබේ.

 අවුරුදු 35 පමණ වයසැති මෙම මිස්සක හස්තියාට වෙඩි වැදීමෙන් පසු දින ගණනාවක් ඉතා අසාධ්‍ය තත්වයේ පසු වී ඊයේ (19) දින මිය ගිය බව  බව වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එම්.ජී.සී. සූරියබණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

දැන්වීම

මිස්සක හස්තියා ආදී 03ක් පමණ දිග දල යුගලක් හිමි  යාල වනෝද්‍යානයේ ඇතුන් අතර සංචාරකයින්ගේ නොමද ආකර්ශනයට ලක්වූ හස්තියෙකි.

මෙම හස්තිය පසුගිය 15 වනදා යාල වනෝද්‍යානයේ වැටී සිටින බවට ලද තොරතුරක් මත කළ නිරීක්ෂණයේදී හස්තියාගේ වම් පාදයට ඉහළින් වර්ග අඩියක පමණ විශාල තුවාලයක් දක්නට ලැබුණු බව අතර ඒ සඳහා දින 4ක් පුරා පශු වෛද්‍යවරුන් කණ්ඩායම් ප්‍රතිකාර කළ ද මිස්සක හස්තියාගේ දිවි බේරා ගැනීමට නොහැකි වූ බව වනජීවී පශූ වෛද්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය තාරක ප්‍රසාද් මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත් හස්තියාට වෙඩි තැබූ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ කටයුතු මේ වන විටත් ක්‍රියාත්මකයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
යාල වනෝද්‍යානයේ මිස්සක හස්තියා මිය යයි | Lanka Newsweek