යාපනය මුහුදේ නැවක් ගිනිගනී
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(නිලන්ති චන්ද්‍රසේන) යාපනය මයිලඩ්ඩි වරායට ආසන්න මුහුදේ අතහැර දැමූ නෞකාවක ඊයේ (17)රාත්‍රියේ ගින්නක් හට ගෙන තිබේ. ගින්න මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදා ගිනිනිවීම් භටයින් ක්‍රියා කරමින් සිටින බව නාවික…
(නිලන්ති චන්ද්‍රසේන)
යාපනය මයිලඩ්ඩි වරායට ආසන්න මුහුදේ අතහැර දැමූ නෞකාවක ඊයේ (17)රාත්‍රියේ ගින්නක් හට ගෙන තිබේ.
ගින්න මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදා ගිනිනිවීම් භටයින් ක්‍රියා කරමින් සිටින බව නාවික හමුදාව සඳහන් කරයි.
මෙම ගින්න ඊයේ රාත්‍රියේ නාවික හමුදාවේ ගිනිනිවන භටයින් ගින්න මැඩ පැවැත්වුව ද, අද පෙරවරුවේ යළිත් නෞකාවේ ගින්න හටගත් බව නාවික හමුදාව සඳහන් කරයි.
කිංඩම් නමැති මෙම නෞකාව පෞද්ගලික සමාගමකට අයත් නෞකාවක් වන අතර මෙම නෞකාව භාණ්ඩ ප්‍රවාහන කටයුතු සඳහා භාවිත කළ එකකි. පසුගිය ජනවාරි මස වලිපරයක ගැටීම නිසා සිරවී ඇති අතර එය අත්හැර දම තිබු නෞකාවකි . මෙම ගින්න නෞකාවේ එන්ජින් කාමරයේ ඇති වූ එකක් බවට නාවික හමුදාව සැක පළ කරයි.
මේවන විටත් ගින්න මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදා ගිනිනිවීම් භටයින් කටයුතු කරමින් සිටින බව නාවික හමුදාව සඳහන් ප්‍රකාශ කරයි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1