යහ පාලනයත් සුදු වැන්වලට අත වනන ලකුණු..?
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2

සීඅයිඩීය මාධ්‍යවේදීන්ගේ තොරතුරු ඉල්ලලා..! ජාතික ආරක්ෂාවට මුවාවී මාධ්‍යවේදීන්ගේ ජීවිත අනතුරේ දැමීමට ගන්නා උත්සාහය වහා ආණ්ඩුව වහාම හකුලා ගත යුතු යැයි වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය විශේෂ නිවේදනයක්…
සීඅයිඩීය මාධ්‍යවේදීන්ගේ තොරතුරු ඉල්ලලා..!
ජාතික ආරක්ෂාවට මුවාවී මාධ්‍යවේදීන්ගේ ජීවිත අනතුරේ දැමීමට ගන්නා උත්සාහය වහා ආණ්ඩුව වහාම හකුලා ගත යුතු යැයි වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු දුමිඳු දිසානායක මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේ ද සඳහන්වේ.
ජාතික ආරක්ෂාවට මුවාවී ආණ්ඩුව මාධ්‍යවේදීන්ගේ ජීවිත අනතුරේ දැමිමට ගන්නා උත්සහය වහාම හකුලා ගන්නා ලෙස වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය ලෙස අපි ජනපතිවරයාට,අගමැතිවරයාට සහ ආණ්ඩුවේ වග කිව යුතු පාර්ශවයන්ට දැඩි ලෙස අවධාරණය කර සිටිමු.
මැයි මාසයේ උතුරේ සහ දකුණේ පැවැති විරු සැමරුම් පිළිබඳව ආරක්ෂක අංශ ගන්නා පියවර සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත්ව 2018 මැයි මස 25 දා දිනමිණ සහ ලක්බිම පුවත් පත්හි පළවු ප්රවෘත්ති ගැන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පරික්ෂණයක් ආරඹා ඇති අතර ඒ හරහා එම ප්රවෘත්ති සංස්කරණය කළ මාධ්‍යවේදීන්ගේ පෞද්ගලික තොරතුරු ලබා ගැනිම මගින් ඔවුන්ගේ ජිවිත අවදානමකට ලක් කිරීමට කටයුතු කර තිබේ.
පසු ගිය මැයි මස 25 වන දින ලක්බිම පුවත් පතේ මාධ්‍යවේදීන් වන ලසන්ත වීරකුලසුරිය සහ ගයාත්‍රී ගිංගඟආරච්චි විසින් සංස්කරණය කර ඇති අදාළ පුවත පිළිබඳව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හරහා පරික්ෂණයක් කිරිමට අවශ්‍ය බව දන්වමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ලිපියක් යොමු කර ඇති අතර එම ලිපිය මගින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අදාළ ලිපිය පළ කළ මාධ්‍යවේදීන්ගේ නම් සහ ලිපිනය ඇතුළත් විස්තරයක්ද ඉල්ලා තිබේ.
ඊට අමතරව ලිපිය පළ කිරිම සදහා අනුමැතිය ලබා දුන් අය සහ එම පළ කරන ලද ලිපියේ සහතික කළ පිටපතක්ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉල්ලා තිබේ. ලක්බිම පුවත් පත විසින් අදාළ ප්‍රවෘත්තිය පළ කිරීමේදී එම පුවතේ අදාළ මාධ්‍යවේදින්ගේ නම් සදහන් කර තිබියදි තවදුරටත් ඔවුන්ගේ නම් සහ පෞද්ගලික තොරතුරු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ මන්ද යන්න ගැටලුවකි.
අනිත් අතට රජයේ රහස්‍ය භාවය පිළිබද කිසිදු ගැටලුවක් නොවන මෙම ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් පරික්ෂණයක් කරන්නේ කවර නීතිමය ප්‍රතිපාදන යටතේද යන්න පිළිබද ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇත.
මේ සම්බන්ධයෙන් රහස් පොලිස් ආරංචි මාර්ග සදහන් කරන්නේ ආරක්ෂක මණ්ඩලයේ සාකච්ඡා වු කාරණයක් ලෙස මේ ප්‍රවෘත්තිය පළ කිරිම හේතුවෙන් පරික්ෂණ සිදු කරන බවයි. එහෙත් එවැනි කාරණයක් ගැන පරික්ෂණයක් කරන බවක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම පුවත් පත් දෙකට යැවූ ලිපියේ සටහන් කර නොතිබිමද පුදුමයට කරුණකි.
“රට බෙදන වැඩ ගැන ආරක්ෂක අංශ සීරුවෙන්”- “ජනපති -අගමැති උපදෙස් දෙති” යනුවෙන් පළ කළ පුවත් හරහා රටේ ජාතික ආරක්ෂාවට සිදුවු හානිය කෙසේ වෙතත් ආණ්ඩුවේ සිටින කල්ලි කණ්ඩායම් එම පුවත පළ කළ මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් මේ අකාරයේ ක්‍රියා මාර්ගයක් ගැනිම හරහා කිසියම් පිරිසක් සතුටු කිරිමට උත්සහ දරන බව නම් මනාව පැහැදිළිය.
එම පිරිස සංතර්පණය කිරීම සඳහා මෙම මාධ්‍යවේදීන්ගේ තොරතුරු අනාවරණය කිරිමට ආණ්ඩුවේ කල්ලි කණ්ඩායම්හි උත්සහය බව අපගේ මතය වේ. ඒ බව තවත් තහවුරු වන්නේ එම ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පරික්ෂණයක් කිරිමට අණ දුන්නේ කවුද යන්න පිළිබදව තවමත් අනාවරණය නොවිම හරහාය.
ජාතිවාදය පෙන්වමින් ආණ්ඩුවේ නොහැකියාව,දුෂණ,වංචා,අපරාධ වසා ගැනිම සදහා වෙබ් අඩවි සහ සමාජ ජාලා අවහිර කිරිමට කටයුතු කළ වත්මන් යහපාලන ආණ්ඩුව එහි තවත් දිගුවක් ලෙස පසු ගියදා TNL රූපවාහිනියේ පොල්ගහවෙල ප්‍රති විකාශනාගාරය ද ගලවා ගෙන ගියේය. මාධ්‍යයට එරෙහිව මාධ්‍ය මර්දනය කිරීම සඳහා ආණ්ඩුව නීතිය භාවිත කරන බවට හොඳම සාක්කිය එම සිද්ධිය බව කිව යුතුය.
ඒ හේතුවෙන් මාධ්‍යවේදීන් ආරක්ෂා කරන බවට පොරොන්දු වෙමින් පැමිණි යහපාලන ආණ්ඩුව දැන් කිසිදු අපරාධයක් නොවන කාරණා සම්බන්ධයෙන් පවා මාධ්‍යවේදින්ගෙන් ප්‍රශ්න කරන්නේ කුමකට ද යන්න පිළිබදව බලධාරීන් වහාම අවධානය යොමු කළ යුතු බව වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරයේ අදහසයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2