අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

යශෝධ රංගේ බණ්ඩාර යළි රිමාන්ඩ්

යශෝධ රංගේ බණ්ඩාර යළි රිමාන්ඩ්

(නිලන්ති චන්ද්‍රසේන) රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර ලබන 14 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. පසුගිය 8 වැනි දා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට පැමිණි නුගේගොඩ වැඩබලන…

(නිලන්ති චන්ද්‍රසේන)

රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර ලබන 14 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

පසුගිය 8 වැනි දා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට පැමිණි නුගේගොඩ වැඩබලන මහේස්ත්‍රාත්වරයා  ඔහු අද දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කිරීමෙන් අනතුරුව එදින අලුයම ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී   යශෝධ රංගේ බණ්ඩාර පොලිසිය විසින්  අත්අඩංගුවට ගනු ලැබුවේය.

ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ රාජ්‍ය දේපළ සාපරාධී සාවද්‍ය පරිහරණය, බීමත්ව රිය පැදවීම, රිය අනතුරක් සිදු කිරීම ඇතුළු චෝදනා යටතේ ය.

යශෝධ විසින් පැදවූ කැබ් රථයක් ආරච්චිකට්ටුව කෝට්ටපිටිය මංසන්ධියේදී අනතුරට ලක් වීමෙන් ඔහු ඇතුළු පුද්ගලයින් 4 දෙනෙක් තුවාල ලැබූ අතර එහිදී එම කැබ් රථය මාර්ගය අයිනේ තිබු  තාප්පයකට හානි කරමින් නිවසක් වෙතට ධාවනය වී  එම නිවසේ තිබු බඩු වලටද විශාල හානියක් සිදු කර  ඇති බව පොලීසිය පැවසී ය.

එම අනතුර සිදු වූ අවස්ථාවේ  එම කැබ් රථයේ තිබී  කඩුවක් ද සොයා ගත් බව පොලීසිය ප්‍රකාශ කළේ ය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
යශෝධ රංගේ බණ්ඩාර යළි රිමාන්ඩ් | Lanka Newsweek