අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

යතුරු පැදි කරුවෝ පොලිසියේ රෙදි ගලවති..!

යතුරු පැදි කරුවෝ පොලිසියේ රෙදි ගලවති..!

මාර්ග අනතුරුවලට පොලිසිය ඍජුව වග කිව යුතුයි..! ( හේමන්ත තුෂිත කුමාර) රටේ මාර්ග අනතුරු වැඩිවීම කෙරෙහි ඍජුව වග කිව යුත්තේ ශ්‍රී ලංකා පොලිසියේ අදුරදර්ශී සහ විනය විරෝධී ක්‍රියා කලාපය බවට ශ්‍රී ලංකා යතුරු…

මාර්ග අනතුරුවලට පොලිසිය ඍජුව වග කිව යුතුයි..!

යතුරු පැදි කරුවෝ පොලිසියේ රෙදි ගලවති..!

(හේමන්ත තුෂිත කුමාර)

රටේ මාර්ග අනතුරු වැඩිවීම කෙරෙහි ඍජුව වග කිව යුත්තේ ශ්‍රී ලංකා පොලිසියේ අදුරදර්ශී සහ විනය විරෝධී ක්‍රියා කලාපය බවටශ්‍රී ලංකා යතුරු පැදි කරුවන්ගේ සංගමය චෝදනා කර සිටියි. මේ සම්බන්ධයෙන් සාක්කි සහ සාධක මත කරුණු දක්වමින් ශ්‍රී ලංකා යතුරු පැදි කරුවන්ගේ සංගමයේ සභාපති චින්තන අමරසිංහ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් වෙත යොමු කර ඇති විශේෂ ලිපියක් යොමු කර තිබේ. උත්සව සමයේ මාර්ගයේ ගමන් ගන්නා වාහන ප්‍රමාණයඉහළ යෑමත් සමඟ රිය අනතුරු සහමරණ විශාල ප්‍රමාණයක් සිදුව තිබෙන අතර ඒ සඳහාශ්‍රී ලංකා පොලිසිය දායකත්වය දක්වා ඇති ආකාරය පිළිබඳව කරුණු දක්වමින්ශ්‍රී ලංකා යතුරු පැදි කරුවන්ගේ සංගමයේ සභාපති චින්තන අමරසිංහ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වෙත යොමු කර ඇති එම ලිපිය මෙසේය.

  1. නොපෙනී යෑම – යතුරුපැදි අනතුරුවලට මූලික හේතුවක් වන්නේ යතුරුපැදිය නොපෙනී යෑමයි. නොපෙනී යෑම ශ්‍රී ලංකා පොලිසිය අර්ථකතනය කරන්නේ නොසැලකිලිමත් ලෙස රිය ධාවනය කියා ය. මේ අනුව අමතර පහන් සවි කර යතුරු පැදි ධාවනය කිරීම මගින්යතුරු පැදිකරු සෑම කෝණයකින්ම පෙනීම වැඩි වන නිසා මාර්ග අනතුරු අඩු වන නමුත්, පොලිසිය එවා ඉවත් කිරීමට හෝ එවා සවි කිරීමට රුපියල් 50,000-100,000 ක දඩ මුදලක් අය කරයි.

  2. කැපී පෙනීම – විවිධ වර්ණයෙන් යුත් දේව දූත පහන් (angel lights) මූලික පහනට යෝදා ගැනීමෙන් යතුරු පැදිකරුවන්ට සියයතුරු පැදියේ බැටරියට හානියක් නොකර දහවල් කාලයේ ඔවුන්ගේ කැපී පෙනීම වැඩි කර ගත හැක. ඒ හේතුවෙන් යතුරු පැදිය අනිත් රියදුරන්ට සහපදිකයින්ට නොපෙනී යෑම අවම කරති. එහි මැද මූලික පහන නව එල්.ඊ.ඩී තාක්ෂණයෙන් යුක්ත සුදු පහනක් වීම හේතුවෙන් රාත්‍රි කාලයේදී ද විශාල ආරක්ෂාවක් සැපයේ.එමගින් මාර්ග අනතුරු අඩු කර ගත හැකි නමුත්, පොලිසිය එවා ඉවත් කිරීමට හෝ එවා සවි කිරීමට රුපියල් 50,000-100,000 ක දඩ මුදලක් අය කරයි.

  3. නොපෙනෙන තැන – අන්තර්ජාතික ප්‍රමිතියකට සෑදූ (ශබ්දය සීමා කර ඇති) ශබ්දය නිකුත් වන සයිලන්සර් භාවිතය යතුරු පැදිකරුවන්ට ලෝකයේ තහනම් කර ඇත්තේ ශ්‍රී ලංකා රජය සහපොලිසිය පමණි. යතුරුපැදියක් රියදුරන්ට නොපෙනෙන තැනදී (blind spot) සහ ඉස්සර කිරීමට වේගය වැඩි කරන අවස්ථාවල දී එම සයිලන්සර්යෙන් යතුරුපැදිය පිළිබඳව අනෙකුත් රියදුරන් දැනුවත් කරයි. එමගින්අනතුරු විශාල ප්‍රමාණයක් අඩු කර ගත හැක. නමුත් පොලිසිය එවා ඉවත් කිරීමට හෝ එවා සවිකිරීමට රුපියල් 50,000-100,000 ක දඩ මුදලක් අය කරයි. වාහනවල සයිලන්සර් ශබ්දය පිළිබඳව සීමාවන් ද රජය ප්‍රකාශයට පත් කර නොමැත.

  4. ප්‍රමිතියක් නොමැති වීම – ශ්‍රී ලංකාවේ මාර්ග අනතුරු වැඩිපුර සිදු වන්නේ රාත්‍රි කාලයේ ය. ශ්‍රී ලංකාවේ වාහන සහයතුරුපැදිවල ප්‍රමිතියක් නොමැති වීම නිසා පහනේ දීප්තිමත් භාවය ඉතාමත් අඩුය. මාර්ග පද්ධතියේ දුර්වලතා ඉතා විශාල ය. මෙම අවධානම ඉවත් කර ගැනීමට යතුරුපැදිකරුවන් සහවාහන රියදුරන් මූලික පහනට පහතින් අමතර මූලික පහන් සවි කිරීමට හෝ නව තාක්ෂණයෙන් යුක්ත බල්බ සවි කිරීමට කටයුතු කළද, පොලිසිය එවා ඉවත් කිරීමට හෝ එවා සවි කිරීමට රුපියල් 50,000-100,000 දඩක් අය කරයි.

  5. ප්‍රමිතියකට සාදා ඇති යතුරුපැදි – ලොව පිළිගත් ප්‍රමිතියකට සාදා ඇති සහආරක්ෂාවක් ලබා දෙන බොහොමයක් සාමාන්‍ය ජපන් යතුරු පැදි අධික බදු නිසා එකලස් කර ඇති නිසා ඒවායේ චැසි අංක පිළිබඳව ගැටලු ඇත. නමුත්, ඒවා සියල්ල අල්ලා රාජසන්තකකර එවා පදින තරුණයන්ට රු. 50,000 – 100,000 දඩ ගැසීමට පොලිසිය කටයුතු කරයි.

  6. අධි තාක්ෂණයෙන් යුක්ත යතුරුපැදි – ලොව පිළිගත් ප්‍රමිතියකට සාදා ඇති සහආරක්ෂාවක් ලබා දෙන අධි තාක්ෂණයෙන් යුක්ත යතුරු පැදි අධික බදු නිසා කොටස් වශයෙන් ගෙන්වා එකලැස් කර ජනතාව අතර ප්‍රචලිතව තිබෙන අතර අධි තාක්ෂණයෙන් යුත්ත එවැනි ප්‍රමිතිගත යතුරු පැදි පමණක් මාර්ගයේ තිබෙනවා නම් දැනට සිදු වන යතුරු පැදි මාර්ග අනතුරු 40%ක් සම්පූර්ණයෙන් අඩු කර ගත හැකිය. නමුත්, ඒවා සියල්ල අල්ලා රාජසන්තකකර එවා පදින තරුණයන් සිර ගත කිරීමට පොලිසිය කටයුතු කරයි. පොලිසිය පවසන්නේ ඒ යතුරු පැදි තිබෙන්නේ “රේස්” පැදීමට කියාය. නමුත් ඒවායේ හැරවීමේ පහන් තිබෙන්නේ “රේස්” එකේ දැමීමට ද කියා විමසූ විට පොලිසියේ ඉහළ නිලධාරීන් නිරුත්තර වී අප සංගමය ඉදිරියේ ගොත ගසනා බව දැනුම් දීමට අපි කැමැත්තෙමු.

  7. සුදුසුකමක් නොමැති නිලධාරීන් – ශ්‍රී ලංකා පොලිසියේ, ප්‍රවාහන අමාත්‍යාංශයේ සහමෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කිසිදු නිලධාරියෙකුට යතුරු පැදි සම්බන්ධයෙන් මාර්ග ආරක්ෂාව පිළිබඳව කිසිදු සුදුසුකමක් නොමැති අතර, ඒ පිළිබඳව විශේෂ දැනුමක් සහවිද්‍යාත්මක පසුබිමක් සහිතව අප සංගමය දක්වන කරුණු ඔවුන් ප්‍රතික්ෂේප කරන්නේ පිළිතුරු නොදෙන, සාකච්ඡාවක්වත් නොදෙන නිහඬතාවයකින් බව අපි අවධාරණය කරමු.

  8. බෝතලයක් ගන්නා ක්‍රමවේදයක් – අප සංගමය ඉහත සඳහන් මෝටර් රථ පනතේ කරුණුවල දී පොලිසියේ ක්‍රියාකලාපයට විරුද්ධ වුවද මාර්ගයේ විනය සාදා ගැනීමේ කාරණාවලදීකිසිදු විරෝධයක් එල්ල කරන්නේ නැත. වේග සීමා වැඩි කළ යුතු බවට අනෙකුත් ප්‍රවාහන සංගම් ප්‍රවාහන අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටිය ද, අප සංගමය එසේ කිසිදු ඉල්ලීමක් කර නැත. ඉහත කාරණාවල දී දරදඬුව නීතිය ක්‍රියාත්මක කරනා ශ්‍රී ලංකා පොලිසියේ ඇතැම්නිලධාරීන් අවාසනාවකට මාර්ග විනය සම්බන්ධයෙන් වන ඍජු වැරදිවල දී කටයුතු කරන්නේ දඩය වෙනුවට තේ බීමට රුපියල් 1000 ක් ගැනීමට හෝ රෑට අඩියක් පුඩියක් ගසාසමරන්න බෝතලයක් ගන්නා ක්‍රමවේදයකින් වීම ඉතාමත් කණගාටුදායක ය.

  9. රජය ජීවිත බිල්ලට දීම – ශ්‍රී ලංකා පොලිසියේ, ප්‍රවාහන අමාත්‍යාංශයේ සහ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ මෙම ක්‍රියා අනුව ඔවුන්ගේ එකම අරමුණ මාර්ග අනතුරු තව තවත් වැඩි කිරීමට සියලු කටයුතු සිදු කර, පසුව මරණ සංඛ්‍යාවපෙන්වමින් මාධ්‍ය සංදර්ශන පවත්වා මිනිසුන් මුලා කර අධික දඩ මුදල් ගෙනවිත් මෙම ගැටලුකාරි ආර්ථික තත්ත්වයේදී රජයේ ආදායම තර කර ගැනීමට බව අපට පැහැදිලි වේ. එලෙස අසරණ මිනිසුන්ගේ ජීවිත බිල්ලට නොදී, රජයේ ආදායම වැඩි කර ගැනීමට ආදායම් බලපත්‍රවල අය කිරීම් වැඩි කිරීමට කටයුතු කරන ලෙස අපි ඉතාමත් ගෞරවයෙන් රජයෙන්ඉල්ලා සිටිමු.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 4
බෙදාගන්න
යතුරු පැදි කරුවෝ පොලිසියේ රෙදි ගලවති..! | Lanka Newsweek