අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මෝධි ආරාධනා කළා ද..? රනිල් ආරාධනයක් ඉල්ලුවා ද..?

මෝධි ආරාධනා කළා ද..? රනිල් ආරාධනයක් ඉල්ලුවා ද..?

අගමැතිගේ තෙදින නිල සංචාරයේ ඇතුළු පැත්ත..! නරේන්ද්‍ර මොධිගෙන් ප්‍රතිචාරයක් ලැබෙයි ද..? අගමැති ඉන්දීය සංවිධානයක උත්සවයක් අමතයි..! රාජ් නාත් සිං-සුෂ්මා සවරාජ් හමුව ස්ථිරයි..! (සුජිත් මංගල ද සිල්වා)…

අගමැතිගේ තෙදින නිල සංචාරයේ ඇතුළු පැත්ත..!

නරේන්ද්‍ර මොධිගෙන් ප්‍රතිචාරයක් ලැබෙයි ද..?

අගමැති ඉන්දීය සංවිධානයක උත්සවයක් අමතයි..!

රාජ් නාත් සිං-සුෂ්මා සවරාජ් හමුව ස්ථිරයි..!

 

(සුජිත් මංගල ද සිල්වා)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද (18) ඉන්දියාව බලා පිටත්ව ගියේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝධි මහතාගේ විශේෂ නිල ආරාධනාවකට අනුව නොව එරට රාජ්‍ය සංවිධානයක නිල ආරාධනාවකට අනුව බව වාර්තා වේ.

එම සංවිධානයේ විශේෂ උත්සවයක් ඉන්දියාවේ නව දිල්ලි නගරයේදී හෙට (19) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වෙන අතර එහිදී අග්‍රාමාත්‍යවරයා විශේෂ දේශනයක් පැවැත්වීමට නියමිතය.

ඊට පසුදා එනම් (20) උදැසන ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය රාජ් නාත් සිං මහතා හමුව වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන ධූත පිරිස එදිනම සවස එරට විදේශ කටයුතු අමාත්‍ය සුෂ්මා ස්වරාජ් මහත්මිය ද හමුවීමට නියමිතය.

මේ සංචාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝධි මහතා හමුවී සාකච්ඡා කිරීමට අවශ්‍ය බවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය හරහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය මධ්‍යම රජයෙන් මීට දින ගණනාවකට පෙර ඉල්ලා සිටියත් අද (18) සවස 7.00 වන තුරුත් වේලාවක් ලැබී නොතිබිණ.

මේ කරුණු “lankanewsweek” වෙත තහවුරු කරනු ලැබුවේ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලීය සහ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලීය ආරංචි මාර්ගය.

කෙසේ නමුත් ඉන්දියාවේ රැදී සිටින කාලය ඇතුළතදී විශේෂයෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝධි මහතා ද,එරට ප්‍රවාහන අමාත්‍යවරයා ද කෙසේ හෝ හමුවීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන ධූත කණ්ඩායම මේ වන විටත් උත්සහ දරමින් සිටියි.

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (18) උදැසන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දුරකතනයෙන් කතා කර දැනුම් දී තිබෙන්නේ තමා ඊයේ (17) සවස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝධි මහතා සමග දුරකතනයෙන් කතා කර සියලු ප්‍රශ්න සහ සැක සංකා දුරු කර ගත් බවය.

මේ සංචාරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ් හී පිහිටි “තිරුපති” දේවාලයේ ආගමික වතාවත්වලට ද සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර ඉන්දීය තානාපති අංශ සඳහන් කළේ ශ්‍රී ලංකාවේ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ද “තිරුපති” දේවාලයට පැමිණෙන බව දැනුම් දී ඇති බවය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  ප්‍රධාන පහළොස් දෙනෙකුගෙන් යුතු ධූත  කණ්ඩායම “UL 195” අංකය  දරන ගුවන් යානයෙන්  ඉන්දියාවේ නව දිල්ලි අගනුවර බලා පිටත් ගියේ  සවස 2.00 ට පමණය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
මෝධි ආරාධනා කළා ද..? රනිල් ආරාධනයක් ඉල්ලුවා ද..? | Lanka Newsweek