මොකද්ද මේ නාමල් සීඅයිඩී කැඳවූ එයාර්බස් අල්ලස් සිද්ධිය ?

2020 වසරේ බ්‍රිතාන්‍යයේ බරපතල මුල්‍ය වංචා විමර්ශණ කාර්‍යාලය විසින් කළ පරික්ෂණයකින් මේ රටේ 2013 දී සිදුවූ එයාර් බස් මිළදී ගැනීමකදී සිදුවූ මහා පරිමාණ අල්ලස් ගැනීමක් හෙළිදරව් විය. ප්‍රංශයේ එයාර් බස්…
2020 වසරේ බ්‍රිතාන්‍යයේ බරපතල මුල්‍ය වංචා විමර්ශණ කාර්‍යාලය විසින් කළ පරික්ෂණයකින් මේ රටේ 2013 දී සිදුවූ එයාර් බස් මිළදී ගැනීමකදී සිදුවූ මහා පරිමාණ අල්ලස් ගැනීමක් හෙළිදරව් විය.
ප්‍රංශයේ එයාර් බස් සහාගමෙන් මෙම අල්ලස ලබාගැනීමට මූලික වූයේ ශ්‍රි ලංකන් ගුවන් සමාගමේ හිටපු විධායක නිළධාරියා වූ කපිල චන්ද්‍රසේනය. ප්‍රංශ සමාගම විසින් මෙම ගුවන් යානා වැඩි මිළට ලබාගැනීම වෙනුවෙන් ඇමරිකන් ඩොලර් මිලියන 16.7 ක අති විශාල මුදලක් ගෙවීමට එකඟවිය. එකී අල්ලස් මුදලින් කොටසක් වන ඇමරිකන් ඩොලර් මිලියන 2 ක් කපිල චන්ද්‍රසේනගේ බිරිඳට අයත් බෲනායි හි බැංකු ගිණුමකට යවා තිබුණි.
පසුව කළ විමර්ශණ වලදී හෙළිවූයේ එකී බැංකු ගිණුමෙන් තවත් පාර්ශව කිහිපයකට මුදල් බැරවී තිබූ බවය. අල්ලස් වශයෙන් කපිල චන්ද්‍රසේනට ලැබුණු ඩොලර් මිලියන දෙකෙන් අවස්ථා ගණනාවකදී ඩොලර් ලක්ෂ හතර බැගින් මහිංද රාජපක්ෂ පවුලේ මනි ලොන්ඩරිකරු වූ නිමල් පෙරේරාගේ ගිණුමට බැරව තිබුණු බව හෙළිවිය. මේ පිළිබඳව මූලික පරික්ෂණය 2019 වසරේදී සිදුවූ අතර කපිල චන්ද්‍රසේන හා ඔහුගේ බිරිඳ පොලිස් අත්අඩංගුවට පත්විය. එහෙත් 2019 ගෝටාභය ජනපතිවීමත් සමග එම නඩු විභාගය යළි අතර මග නතර විය.
අදදින නාමල් රාජපක්ෂ නැමති තක්කඩි හොරා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා පැය පහක් තිස්සේ ප්‍රශ්ණ කරන ලද්දේ මෙම හොරකම සහ්බන්ධවය. එයාර් බස් මගඩිය හරහා ලංකාවේ අහිංසක ජනතාව එය අවලංගු වීමත් සමගම වන්දියක් ගෙවීමට සිදුවිය.
දැන්වීම
ගුවන් යානා 04ක් මිලදී ගැනීමේ ගනුදෙනුවේ දී සමාගමට මිලියන 16,924,36ක පාඩුවක් සිදුවිය. ඒවනවිට ශ්‍රීලන්කන් ගුවන් සමාගම විසින් මෙකී ගුවන් යානා 04 බදුපදනම මත ලබාගැනීම සඳහා වු බදු ගිවිසුම අවලංගු කොට තිබුණි. මේ හේතුවෙන් රුපියල් මිලියන දාසයදහස් නමසිය විසිහතරයි දශම තුනයි හයක (16,924,36) මුදලක් වන්දි වශයෙන් අදාළ සමාගම වෙත ගෙවීමට ගුවන් සමාගමට සිදුවී තිබුණි. මේවා කජු ඇට කොස් ඇට නොවේ. මෙවැනි මගඩි නිසා කිහිප දෙනකු තම මඩිය තරකර ගත්තද, අවසානයේ මෙකී වන්දි මුදල ගෙවීමට සිදුවන්නේ රටේ ජනතාවටය.නාමල් රාජපක්ෂ ඇතුළු තක්කඩියන් ලබාගත් ඩොලර් මිලියන දෙකද වන්දියට ඇතුලත් කර තිබුණි.
මෙම ගනුදෙනුවට අදාළව එවකට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියාගේ බිරිඳට අයත් සමාගමකට ගෙවීම් කිරීමට එයාර්බස් සේවකයන් එකඟ වී තිබූ බවද විගණනය මගින් ද අනාවරණය කොට ඇත. මේ බව එක්සත් රාජධානියේ ක්‍රවුන් උසාවියේ තීන්දුවෙන් ද අනාවරණය වී තිබුණි. මේ නිසා නීති උපදෙස් මත පදනම්ව ශ්‍රීලන්කන් ගුවන් සමාගම විසින් එස්. ඒ. එස්. එයාර්බස් සමාගමෙන් ් 350-900 ගුවන්යානා, මිලදී ගැනීමේ ගිවිසුම අවසන් කර තිබුණි. ශ්‍රීලන්කන් ගුවන් සමාගම විසින් එස්. ඒ. එස්. එයාර්බස් සමාගම සමග ගුවන් යානා මිලදී ගැනීම සඳහා ගිවිසුම්ගතව තිබූ අතර පෙර ගෙවුම් ලෙස එස්. ඒ. එස්. එයාර්බස් සමාගම වෙත ගුවන්යානා ගනුදෙනුව සඳහා රුපියල් මිලියන 16,924.36ක මුදල ගෙවා තිබුණි. මහජන මුදල් ගසාකෑ තක්කඩියන් සීඅයිඩීයට රැගෙන එනවිට තම සහචරයින් කැඳවා චංඩිකම්ද සිදුකරන ආකාරයක් අද දුටිමි. මාධ්‍යවේදී ලාල් ට එල්ල කළ බලපෑම පිළිකුලෙන් යුතුව හෙළාදකිමි. මෙම පරික්ෂණ ආරම්භ වීමත් සමගම රටේ ජාතික ආරක්ෂාව අණතුරේ යැයි කියමින් රාජපක්ෂ පාතාලය වෙඩි තබමින් සිටී. එහෙත් ඉන් නොසැලෙන මාලිමා රජය පරික්ෂණ අඛණ්ඩව ඉදිරියට ගෙන යමින් සිටී.
