අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මෛත්‍රී සමාව ඉල්ලුවේ ජනපතිවරණය ඉලක්ක කර ගෙන

මෛත්‍රී සමාව ඉල්ලුවේ ජනපතිවරණය ඉලක්ක කර ගෙන

පාස්කු ප්‍රහාරය එල්ල වී සිව් වසරක් ගත වූ පසු හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කතෝලික ජනතාවගෙන් හදිසියේම සමාව ඉල්ලා සිටියේ නඩු කටයුතුවලින් ගැළවීම සහ ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගෙන යැයි ද, එවැනි…

පාස්කු ප්‍රහාරය එල්ල වී සිව් වසරක් ගත වූ පසු හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කතෝලික ජනතාවගෙන් හදිසියේම සමාව ඉල්ලා සිටියේ නඩු කටයුතුවලින් ගැළවීම සහ ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගෙන යැයි ද, එවැනි අවස්ථාවාදී සමාව ඉල්ලීමකින් කිසිදු ඵලක් නොවන්නේ යැයි ද කොළඹ අග රදගුරු පදවි සහ ජාතික ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා අවධාරණය කර සිටිති. 

පාස්කු ප්‍රහාරය ද, එම ප්‍රහාරයෙන් මිය ගිය අය සහ තුවාල ලැබූ අය පිළිබඳව සැබෑ කණගාටුවක් හිටපු ජනාධිපතිවරයාට තිබුණේ නම්, වසර හතරක් ගත වන තුරු නොසිට තමා ජනපති ධූරය දැරූ සමයේදී ම එම සමාව ඉල්ලා සිටීමට ඔහු ක්‍රියා කළ යුතුව තිබුණේ යැයි ද ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා පැවසූහ.

කට වචනයෙන් පමණක් සමාව ඉල්ලීම කිසිදු ඵලක් නැතැයි ද සැබැවින් ම කතෝලික ජනතාවගෙන් සමාවක් අපේක්ෂා කරන්නේ නම්, කාදිනල් හිමියන් හමු වී සියලු කතෝලික ප්‍රජාව රැස් කර ඔවුන් ඉදිරියේ සමාව ඉල්ලිය යුතු යැයි ද උන්වහන්සේ සඳහන් කළහ.

දැන්වීම

හිටපු ජනපතිවරයා සමාව ඉල්ලිය යුත්තේ කතෝලික ජනතාවගෙන් පමණක් නොවන බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් ප්‍රහාරය වළක්වා නොගැනීමෙන් සහ ජාතික ආරක්ෂාව වළපල්ලට යන තුරු බලා සිටීම පිළිබඳව ද මුළු රටේ ම ජනතාවගෙන් සමාව ඉල්ලිය යුතු යැයි ද උන්වහන්සේ අවධාරණය කළහ.

වසර හතරකට පසු හිටපු ජනපතිවරයා කතෝලික ප්‍රජාවගෙන් සමාව ඉල්ලා සිටින්නේ, “ජනාධිපතිවරණය ඉලක්ක කොට ගෙන” යැයි ද ජූඩ් ක්‍රිසන්ත පියතුමා චෝදනා කළහ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
මෛත්‍රී සමාව ඉල්ලුවේ ජනපතිවරණය ඉලක්ක කර ගෙන | Lanka Newsweek