අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මෛත්‍රී යටතේ තිබූ කෝටි තුනක තාක්ෂණික උපකරණ අතුරුදන්

මෛත්‍රී යටතේ තිබූ කෝටි තුනක තාක්ෂණික උපකරණ අතුරුදන්

ජනාධිපති මන්දිරයේ සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය අංශය සතුව තිබූ කෝටි ගණනාවක් වටිනා භාණ්ඩ රැසක් 2018 -2020 කාලයේ දී අස්ථාන ගතව ඇතැයි විගණන වාර්තාවකින් අනාවරණය වේ. ජනාධිපති මන්දිරයේ ගබඩා…

ජනාධිපති මන්දිරයේ සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය අංශය සතුව තිබූ කෝටි ගණනාවක් වටිනා භාණ්ඩ රැසක් 2018 -2020 කාලයේ දී අස්ථාන ගතව ඇතැයි විගණන වාර්තාවකින් අනාවරණය වේ.

ජනාධිපති මන්දිරයේ ගබඩා බභාරකරුගෙන් ලද තොරතුරු අනුව විගණනයේ සඳහන් කර ඇති පරිදි ජනාධිපති මන්දිරයේ පැවති "Inventory" අයිතම 12ට අයත් භාණ්ඩ 24ක් කොළඹ මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසට රැගෙන ගොස් ඇතත් ඒවා සම්බන්ධයෙන් අදාළ පොත් පත්වලට කිසිදු සටහනක් ඇතුළත්ව නැත.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් 2019 නොවැම්බර් 18 වැනිදා කරන ලද දැනුම් දීමකට අනුව ජනාධිපති මන්දිරයේ ගබඩා භාරකරු කළ සොයා බැලීමකදී එහි නව ගොඩනැගිල්ලේ තිබු " Inventory" ගත අයිතම 35කට අයත් භාණ්ඩ 61ක් සොයා ගත නොහැකි වි ඇති අතර ඒ සම්බන්ධයෙන් 2022 මාර්තු දක්වා කිසිදු විමර්ශනයක්ද සිදු කර නැත.

දැන්වීම

මෙම විගණන වාර්තාවට අනුව ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය අංශය ඒකක 2019 දක්වා පවත්වා ගෙන ගොස් තිබෙන්නේ ඒකක හතරක් යටතේය. එහෙත් 2019 නොවැම්බර් මාසයේ මාධ්‍ය අංශය ආරම්භ කර තිබෙන්නේ නව මාධ්‍ය අංශය යන නාමය යටතේ වන අතර ඊට භාර ගත් භාණ්ඩ පිළිබඳවද නිසි ලේඛනයක් පවත්වා ගෙන ගොස් නැත.

මාධ්‍ය අංශයේ භාණ්ඩ සම්බන්ධයෙන් ඉංජිනේරුවන් විසින් ජනාධිපති ලේකම් වෙත යොමු කරන ලද වාර්තාවකට අනුව එම ඒකකය සතුව තිබු රුපියල් කෝටි තුනහමාරකට ආසන්න වටිනාකමින් (3,41,89,688) යුත් භාණ්ඩ රැසක් අස්ථාන ගතව ඇතැයිද එම විගණන වාර්තාවේ සඳහන් වේ.

එම වාර්තාවට අනුව අස්ථාන ගත වු භාණ්ඩවලට 2015 සිට 2020 ජනවාරි දක්වා කාලයේ දී මාධ්‍ය අංශය වෙත ලැබුණ 1,77,86,325 විටනා ලැප්ටොප් සහ මැක් බුක් එයාර් වර්ගයේ පරිගණක 78ක් ද, 1,03,80,423ක් වටිනා ඩෙක්ස්ටොප් පරිගණක 52ක් අතරින් 48ක්ද මාධ්‍ය අංශයේ නිලධාරීන්ට නිකුත් කරන ලද රුපියල් 34,70,742ක් වටිනා ජංගම දුරකථන සහ අයිපෑඩ් 45ක් අතරින් 28ක්ද ඇතුළත් වේ.

මාධ්‍ය අංශයේ නිලධාරින් වෙත ලබාදුන් ජංගම දුකරථන සහ අයිපෑඩ් 45න් ආපසු ලබාදී තිබු ජංගම දුරකථන 14 කින් නවයක්ද අය්පෑඩ් තුනෙන් දෙකක්ද අක්‍රීය බවද එම වාර්තාවේ සඳහන් වේ.

මීට අමතරව කතරගම ජනාධිපති මන්දිරයේ අයිතම 12කට අයත් භාණ්ඩද, අනුරාධපුර ජනාධිපති මන්දිරයේ රූපවාහිනි යන්ත්‍ර දෙකක්ද අස්ථාන ගතව ඇතැයිද එම වාර්තාවේ සඳහන් වේ.

මේ කිසිදු භාණ්ඩයක් සම්බන්ධයෙන් 2022 මාර්තු 25 වන විටත් කිසිදු විමර්ශනයක් සිදු කර නොමැති බවද විගණනයට වාර්තා නොවුණ බවද එම වාර්තාවේ සඳහන් වේ

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
මෛත්‍රී යටතේ තිබූ කෝටි තුනක තාක්ෂණික උපකරණ අතුරුදන් | Lanka Newsweek