“මෛත්‍රී-මහින්ද” අශුද්ධ සන්ධානය සිව් වැනි වතාවටත් පරාදයි..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3

කතානායක පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය රකියි..! එජපෙ ඇතුළු විපක්ෂය 121ක බහුතරය පෙන්වයි..! “මෛත්‍රී-මහින්ද” පිල පාර්ලිමේන්තුවෙන් පැන යති..! (සුජිත් මංගල ද සිල්වා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ…
කතානායක පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය රකියි..!
එජපෙ ඇතුළු විපක්ෂය 121ක බහුතරය පෙන්වයි..!
“මෛත්‍රී-මහින්ද” පිල පාර්ලිමේන්තුවෙන් පැන යති..!
(සුජිත් මංගල ද සිල්වා)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් ප්‍රධාන ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ 113ක බහුතරයක් නොමැති බව අද (23) සිව් වැනි වතාවටත් යළිත් හෙළි විය.
ඒ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට නියෝජිතයින් පත් කරමින් කතානායක කරු ජයසූරිය මහතා ඉදිරි පත් කළ නම් ලැයිස්තුවට පක්ෂව ඡන්ද 121ක් ලැබීමත් සමගය.
කතානායකවරයා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට පත් කළ නියෝජිතයින්ගේ නම් ඉදිරිපත් කිරීමෙන් පසුව, ආණ්ඩු පක්ෂයට වැඩි නියෝජිතයින් පිරිසක් ලබා දිය යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා සිය දැඩි විරෝධය පළ කරමින් ප්‍රකාශ කර සිටියේය.
එහිදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධන එක්සත් ජනතා නිදහස් සන්ධානයට පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැති නිසාත් රටේ ආණ්ඩුවක් හෝ අමාත්‍ය මණ්ඩලයක් ඒ අයට නොමැති නිසාත් එලෙස වැඩි නියෝජිතයින් පිරිසක් ලබා දිය නොහැකි බව ය.
එසේම පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙන්නේ කිනම් පාර්ශවයට ද යන්න පිළිබඳව යළි යළිත් තහවුරු කර ගනිමින් මේ ප්‍රශනය විසඳා ගැනීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සඳහා නමින් ඡන්ද විමසීමක් ලබා දෙන ලෙසට ද අනුර කුමාර දිසානායක මහතා කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ ය.
කතානායක කරු ජයසූරිය මහතා සම්බන්ධයෙන් ද ගැටලු ඇත්නම් ඔහුට එරෙහිව ද ඡන්ද විමසීමක් පැවැත්වීමට අනුර කුමාර දිසානායක මහතා මෙහිදී යෝජනා කළේ ය.
එහිදී පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සඳහා නමින් ඡන්දය විමසීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානය සිය විරෝධය පළ කළ අතර ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ආණ්ඩු පක්ෂය, පාර්ලිමේන්තු සභාව වර්ජනය කරන බව ප්‍රකාශ කිරීමත් සමග ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරු සභා ගර්භයෙන් පිටතට ගියහ.
හිටපු සභා නායක සහ එක්සත් ජාතික මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සඳහා නමින් ඡන්ද විමසීමක් පවත් වන ලෙස ඉල්ලීමක් කළේ ය.
ඒ අනුව කතානායක කරු ජයසූරිය මහතා විසින් ඉලෙක්ට්‍රොනික ක්‍රමයට ඡන්ද විමසීම සිදු කළේ, ආණ්ඩු පක්ෂය සභාවේ නොමැති පසුබිමකදී ය.
ගම්පහ දිස්ත්‍රික් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තු සභාව කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කළ අතර එම පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ව්‍යවස්ථා විරෝධී සහ ඒකාධිපති ක්‍රියාදාමය දැඩි ලෙස විවේචනය කරමින් විශේෂ කතාවක් කර එම යෝජනාව ස්ථිර කළේය.
පාර්ලිමේන්තුව අද (23) පෙරවරු 10.30ට රැස් වූ අවස්ථාවේදී පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සඳහා කතානායක කරු ජයසූරිය මහතා විසින් පත් කරනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුව මෙසේය.
එක්සත් ජනතා නිදහස් සන්ධානය
-
දිනේෂ් ගුණවර්ධන මහතා
-
එස්.බී. දිසානායක මහතා
-
නිමල් සිරිපාල ද සිල්වා මහතා
-
මහින්ද සමරසිංහ මහතා
-
විමල් වීරවංශ මහතා
එක්සත් ජාතික පෙරමුණ
-
ලක්ෂ්මන් කිරිඇල්ල මහතා
-
රවුෆ් හකීම් මහතා
-
රිෂාඩ් බදියුදීන් මහතා
-
මනෝ ගනේෂන් මහතා
-
පාඨලී චම්පික රණවක මහතා
දෙමළ ජාතික සන්ධානය
-
මාවේ සේනාධිරාජා මහතා
ජනතා විමුක්ති පෙරමුණ
-
විජිත හේරත් මහතා
මේ අනුව “මෛත්‍රී-මහින්ද” අශුද්ධ හවුලට පාර්ලිමේන්තුවේ 113ක බහුතරය නොමැති බව සිව් වැනි වතාවටත් රට-ජනතාව හමුවේ ඔප්පු වී ඇති අතර ඒ අයට ජනතාවගේ ආශීර්වාදය ද නොමැති බව එක්සත් ජාතික පෙරමුණ පවසයි.
ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධන ආණ්ඩුවට එරෙහිව 2018 නොවැම්බර් මස 14 වැනිදා ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ විශ්වාස භංග යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ස්ථාවර නියෝග අත් හිටුව “කට හඬින්” ඡන්දය විමසමින් විපක්ෂය 122ක බහුතරයකින් ජය ගැනීම,එම ජයග්‍රහණයම ආණ්ඩු පක්ෂයේ කඩාකප්පල්කාරී ක්‍රියා මධ්‍යයේ නොවැම්බර් මස 19 වැනිදා යළි තහවුරු කිරීම,පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට නියෝජිතයින් පත් කර ගැනීම සඳහා අද (23) ඉලෙක්ට්‍රෝනික ක්‍රමයට පැවති “නමින්” ඡන්දය විමසීමේදී 121ක බහුතරයක් ආණ්ඩුවට එරෙහිව විපක්ෂය පෙන්වීම සහ ජනාධිපතිවරයා විසින් නව අග්‍රාමාත්‍යවරයා ලෙස ඔක්තෝබර් මස 26 වැනිදා මහින්ද රාජපක්ෂ මහතා පත් කර, ඊට පසුව පාර්ලිමේන්තු සැසි වාරය අවසන් කිරීමෙන් පසුව කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් නොවැම්බර් මස 07 වැනිදා නිල නොවන මට්ටමෙන් රැස් වූ එක්සත් ජාතික පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂවල නියෝජිතයින් 116ක් ජනාධිපතිවරයා ගත් පියවර සම්බන්ධයෙන් සිය විරෝධය කතානායකවරයා වෙත ලිඛිතව දැනුම් දෙමින් ඊට එරෙහිව ගත හැකි සියලු පියවර ගන්නා ලෙස ඉල්ලා සිටීමය.
සිය පාර්ලිමේන්තු බහුතරය පෙන්වා ගත නොහැකිව සිව් වතාවක්ම පරාජයට පත් වී දේශපාලන වශයෙන්අනාථ වී සිටින මහින්ද රාජපක්ෂ මහතා වහාම කළ යුත්තේ රට තව තවත් අරාජික නොකර ඊනියා අගමැති ධූරයෙන් ඉල්ලා අස්වීම යැයි කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මජිබර් රහුමාන් මහතා “lankanewsweek” සමග පැවසීය.
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සඳහා ඡන්දය විමසන අවස්ථාවේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සභා ගර්භයේ පවා නොසිටී බව පෙන්වා දුන් මුජිබර් රහුමාන් මහතා සිය ආණ්ඩුව සමබන්ධයෙන් ඡන්දයක් විමසෙන අවස්ථාවේදී පාර්ලිමේන්තු සභා ගර්භයට නොපැමිණි ලෝකයේ එකම අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා ඉතිහාස ගත වනු ඇතැයි ද අවධාරණය කළේය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
