අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මේ වැනි අමන මරි මෝඩ පාලනයක් මිහි මත තිබුණේ නැත..!

මේ වැනි අමන මරි මෝඩ පාලනයක් මිහි මත තිබුණේ නැත..!

විධායකය ප්‍රධාන ආණ්ඩුව රාජ්‍ය පාලනය ඉගෙන ගනිමින් සිටින්නේ මිනිසුන්ගේ මළ මිනී මතිනි අවතැන්ආවූවන්ට ණ්ඩුවේ වියදමින් අද දක්වා එකම පිසූ කෑම වේළක් දී නැත රතු තරුව ආගිය අතක් නැත (රජිත් කීර්ති තෙන්නකෝන්)…

විධායකය ප්‍රධාන ආණ්ඩුව රාජ්‍ය පාලනය ඉගෙන ගනිමින් සිටින්නේ මිනිසුන්ගේ මළ මිනී මතිනි 

අවතැන්ආවූවන්ට ණ්ඩුවේ වියදමින් අද දක්වා එකම පිසූ කෑම වේළක් දී නැත 

රතු තරුව ආගිය අතක් නැත 

(රජිත් කීර්ති තෙන්නකෝන්)

ආපදාවක දී රජයක් විසින් සිදු කළ හැකි ලොකුම අමන මරිමෝඩ තීරණය ප්‍රකාශයට පත් කර ඇත. රාජ්‍යය වසා ඇත. නිලධාරීන්ට නිවාඩු දී ඇත. පාලකයෙකු ලෙස ද, නිලධාරියෙකු ලෙස ද, මාගේ අත්දැකීම නම් රාජ්‍යය කිසිදා අකර්මන්‍ය නොකළ යුතු බවකි. හෙට ලක්ෂ 5 කට වැඩි රාජ්‍ය සේවකයින්ට නිවාඩුය. අත්‍යවශ්‍ය සේවා ගැසට් එක තවමත් අච්චු ගසා නැත. රාජ්‍ය සේවයේ කිසිම අයෙකු තමා අත්‍යවශ්‍ය ද නැති ද යන්න දන්නේ නැත. 

රෝහල්වලට අතුළත් කරන රෝගීන් මිය යමින් සිටින්නේ අත්‍යවශ්‍ය ඖෂධ නැතිවය.‍ ගෝස්, බැන්ඩේජ්, එන්සියුලීන් නැතිවය. පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරුන්ට පුද්ගලික අංශයෙන් ඖෂධ මිලදී ගැනීමට තවමත් බලය දී නැත. ප්‍රාදේශීය ලේකම්වරුන්ට හාල්-පිටි-පරිප්පු මිල දී ගන්නට මුදල් ‍නිදහස් කර නැත. 

ඇත්තටම මේ වන විට රටේ රාජ්‍යයක් නැත. ආසියාවේ ප්‍රමුඛතම රාජ්‍ය සේවය මෙවැනි අගාධයකට ඇද දමා ඇත්තේ ඇයි..? හෙට රාජ්‍ය සේවයේ එකෙකුවත් වැඩට පැමිණිය යුතු නැත. එතකොට මිනිස්සුන්ගේ අවශ්‍යතා බලන්නේ කවුද..? රතු තරුව නැත. තිස් තුන් කෝටියක් දෙවි දේවතාවුන් ගැන ද විශ්වාසයක් නැත. 

දැන්වීම

අපදා කලමනාකරණයේ අත්පොතට අනුව විධායකය විසින් ඉටු කළ යුතු කරුණු දුසිමකි. ඒ අතරින් 9 ක් තවම විධායකය විසින් ඉටු කර නැත. වැරදි කරමින් ඉගෙන ගන්නා ආණ්ඩුවට මීට වඩා වැරදිය නොහැකිය. මිනිසුන් මිය යමින් ඇත. පණ පිටින් වැලලෙමින් ඇත. 

මේ වන විට ආපදාවට දින 5 කි. ආණ්ඩුවේ වියදමින් අද දක්වා එකම පිසූ කෑම වේළක් ලබා දී නැත. මෙවැනි නරුම ව්‍යයසනයක් අප අත් දැක නැත. මේ ආණ්ඩුව පුරුදු වෙමින් සිටින්නේ ජනතාවගේ මළ මිනී මතිනි. ආපදා අවස්ථාවක දී රාජ්‍ය සේවය වසා දැමූ  මුල්ම අවස්ථාව මේ අවස්ථාවයි. මේ අනුව දිසාපතිවරුන්ට, ප්‍රාදේශීය ලේකම්වරුන්ට, ග්‍රාම නිලධාරිවරුන්ට සහ පොලීසියට මිය යන මිනිසුන්ව හදිසි මරණ පරීක්ෂණයක් පවත්වා වල දැමීමට හැකිය. මේ වැනි මෝඩ පාලනයක් මිහි මත තිබුණේ නැත..! 

මේ වැනි අමන මරි මෝඩ පාලනයක් මිහි මත තිබුණේ නැත..!

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න