අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මේ ආණ්ඩුවට ස්ථාවර මිලක් තියා ගොවියට පොහොර සහනාධාරයවත් දෙන්න බෑ - විපක්ෂ නායක

මේ ආණ්ඩුවට ස්ථාවර මිලක් තියා ගොවියට පොහොර සහනාධාරයවත් දෙන්න බෑ - විපක්ෂ නායක

ගොවිජනතාවගේ නිෂ්පාදනවලට නිසි මිලක් අපේක්ෂා කළත් පසුගිය කාලයේ සහ අද දිනත් මේ රජයට එම නිසි මිල ලබා දීමට නොහැකි වී ඇති බවත් බී ලූණු, ලොකු ලූණු, අර්තාලපල්, වට්ටකක්කා සහ වී වගාව ඇතුළු භෝග රැසකට නිශ්චිත…

ගොවිජනතාවගේ නිෂ්පාදනවලට නිසි මිලක් අපේක්ෂා කළත් පසුගිය කාලයේ සහ අද දිනත් මේ රජයට එම නිසි මිල ලබා දීමට නොහැකි වී ඇති බවත් බී ලූණු, ලොකු ලූණු, අර්තාලපල්, වට්ටකක්කා සහ වී වගාව ඇතුළු භෝග රැසකට නිශ්චිත මිලක් දෙන්න රජයට නොහැකි වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ඊට අමතරව කලට වේලාවට පොහොර සහනාධාරය නොලැබෙන බවත් මේ කතා කරන මොහොතේ පවා කන්නය ආරම්භ වුවත් පොහොර සහනාධාරය නොමැතිව ගොවි ජනතාව අසරණ වී ඇති බවත් එම නිසා මේ නිෂ්පාදන ක්‍රියාවලිය තුළ කලට වේලාවට පොහොර සහනාධාර අරමුදල් ලබා දෙන ලෙසට ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.  

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න