අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මෙරට දේශපාලකයින් ප්‍රභාකරන්ට දෙවැනි නැහැ

මෙරට දේශපාලකයින් ප්‍රභාකරන්ට දෙවැනි නැහැ

මේ රටේ දේශපාලකයන් මේ රටට සිදු කර ඇති මහා විනාශය එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් රටට සිදු කළ විනාශයට දෙවැනි නොවන බව මිහින්තලා රජ මහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමිපාණෝ අවධාරණය…

මේ රටේ දේශපාලකයන් මේ රටට සිදු කර ඇති මහා විනාශය එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් රටට සිදු කළ විනාශයට දෙවැනි නොවන බව මිහින්තලා රජ මහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමිපාණෝ අවධාරණය කර සිටිති.

රටේ තත්ත්වය ගැන අදහස් දක්වමින් මිහින්තලා රජ මහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමිපාණෝ මෙසේ ද පවසති.

"2025 වන විට ශ්‍රී ලංකාවේ මිනිස්සුන්ට කන්න  නැතුව දරුණු ආහාර හිගයකට මුහුණ පාන්න සිද්ධ වෙනවා කියලා පිටරට සංවිධායක් හෙළි කරලා තියෙනවා.එත කොට මේ අයට ආධාර ගන්න පුළුවන්. සුනාමි සල්ලිවලට මොකද වුණේ, කොවිඩ් අරමුදලට මොකද වුණේ. ඒව ජනතාවට දුන්නද..? නැහැ.

දැන්වීම

මේ රටේ ජනතාවට මෙතරම් හිංසාවක්, පීඩාවක් සහ වදයක් දුන්න තවත් පිරිසක් මිහිපිට  නැහැ, ඔවුන් මේ වන විට කුසේ ඉන්න දරුවා පවා ණයකාරයන් කර හමාරයි.

ජනාධිපතිවරයා කියනවා අප්‍රේල් මාසෙ වෙන කොට හාල් කිලෝ දහයක් සමෟධි නොමැති පවුල්වලට දෙනවා කියලා, හය හත් දෙනෙක් ඉන්න පවුලකට හාල් කිලෝ 10 ක් වේල් හතරක්, පහක් කන කොට ඉවර වෙනවා. මට පේන විදිහට මේ 225ම බත් කන්නේ නැතුව ඇති, බත් කෑවා නම් එහෙම ප්‍රකාශයක් කරන්නේ නෑ."

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
මෙරට දේශපාලකයින් ප්‍රභාකරන්ට දෙවැනි නැහැ | Lanka Newsweek