අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මුසාවාදා වේරමණී සික්ඛා පදං සමාධියාමි කියන්නට බැරි ආණ්ඩුවක්

මුසාවාදා වේරමණී සික්ඛා පදං සමාධියාමි කියන්නට බැරි ආණ්ඩුවක්

“මා ඇතුළුව මගේ පක්ෂයේ ඕන කෙනෙක් ප්‍රකාශ කරන්නේ සත්‍ය කරුණු පමණයි” - අනුර කුමාර දිසානායක සිරස සටන වැඩසටහනකදී මේ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මීට ටික කාලයකට පෙර සහභාගී වූ සිරස සටන වැඩසටහනකදී…

“මා ඇතුළුව මගේ පක්ෂයේ ඕන කෙනෙක් ප්‍රකාශ කරන්නේ සත්‍ය කරුණු පමණයි” - අනුර කුමාර දිසානායක

සිරස සටන වැඩසටහනකදී

මේ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මීට ටික කාලයකට පෙර සහභාගී වූ සිරස සටන වැඩසටහනකදී ප්‍රකාශ කරන ලද්දක්ය.

අනුර මෙලෙස කියූවද ඔහුගේ රජයේ මැති ඇමතිවරු යහමින් බොරු ඇදබාමින් සිටින වග දිනෙන් දින ප්‍රවෘත්ති නරඹද්දී රටටම පැහැදිලිය.

* ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමති නලින්ද ජයතිස්ස -

දැන්වීම

ඇමති නලින්ද 2025.01.28 කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ජාවට පැමිණ කිව්වේ, පළාත් පාලන ඡන්ද විමසීම පිළිබඳ පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කතානායකවරයාට ලැබී ඇති බවය.

ඒත් 2025.02.05 වන දින ඒ පිළිබඳ තීන්දුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස කථානායක ජගත් වික්‍රමරත්නගෙන් විපක්ෂය ඉල්ලූ විට එවැන්නක් තමන්ට ලැබී නොමැති බව ප්‍රසිද්ධියේ කියන්නට ඔහුට සිදු විය.

ඒ ආණ්ඩුවේ කැබිනට් ප්‍රකාශක ඇමති නලින්ද රටටම බොරු කිව්ව හැටිය.

* අගමැති හරිනි අමරසූරිය -

අගමැති හරිනි අමරසූරිය 2025.02.25 පාර්ලිමේන්තුවේදී කිව්වේ ඖෂධ, අධ්‍යාපන උපකරණ මත පනවා ඇති වැට් බද්ද ඉවත් කරනවා යැයි තම පක්ෂය කිසි දිනෙක කියා නොමැති බවය.

එහෙත් 2024.08.17 වන දින මැතිවරණ වේදිකාවේ අනුර කුමාර දිසානායක වත්මන් ජනාධිපතිවරයා ඖෂධ සහ පාසැල් උපකරණ මත පනවා ඇති වැට් බද්ද තමන්ගේ පළමු අයවැය ලේඛණයෙන්ම ඉවත් කරනවා කියා ජනතාවට සහතිකයක් දුන්නේය.

* නිවාස නියෝජ්‍ය ඇමති ටී.බී. සරත් -

නිවාස නියෝජ්‍ය ඇමති ටී.බී. සරත් ට අනුව ඔවුන් රට භාරගන්නා විට මහා භාණ්ඩාගාරය සතුව තිබී ඇත්තේ අමෙරිකානු ඩොලර් බිලියන 3.2ක්ය. ඔහුට අනුව එය දැන් බිලියන 6.8 වී ඇත්තේය.

මේවා ඉතිං මාලිමාවේ ගමේ වහලුන් පිනවන්නටනම් හොඳ කතාය. එදා හිටපු පාර්ලිමේන්තුවේ 225 ගංවතුරට පාවී ආ කෝම්බ බව කියූ සරත්ලා අද මිනිසුන් අන්දවන්නේ රටේම ලක්ෂ 22 ගොන්නුන් කියා සිතමින්ය.

මහබැංකු සංඛ්‍යා ලේඛණයකට අනුව අනුර කුමාර ජනපති වනවිට මෙරට ඩොලර් සංචිත ප්‍රමාණය බිලියන 6.1 වී තිබුණේය.

මේ වනවිට එය බිලියන 0.9 කින් අඩුවී ඇතිවා මිසක් වැඩිවී නැති බව ඔය බොරු කියන සරත් වැනි කෝම්බ දන්නේ නැතුවාට සැකයක් ද නැත.

* විදුලි බල හා බලශක්ති ඇමති කුමාර ජයකොඩි -

විදුලි බල ඇමති ජයකොඩි කියන චරිතය වූ කලී අනුන්ගේ දේ තමන්ගේ ගොඩට දාගෙන ලකුණු එකතු කරන සුපිරි චරිතයක් වී ඇත්තේය.

2024 මැයි මාසයේ කොරියාවේ මුල්‍ය ශක්තියෙන් මෙගාවොට් 1 බැගින් වූ ජලය මත පාවෙන සූර්ය පැනල ව්‍යාපෘති දෙකක් ආරම්භ කළේ චන්ද්‍රිකා වැව හා කිරි ඉබ්බන් ආර වැව් කේන්ද්‍රකර ගනිමින්ය.

විදුලි බල ඇමති ඊයේ(03) පාර්ලිමේන්තුවේදී එය තමන් ආරම්භ කළ ව්‍යාපෘතියක් බව කිව්වේ මේ රටේ ජනතාව ගොනාට ඇන්දවීමේ යටි අරමුණින්මය.

* විදේශ කටයුතු නියෝජ්‍ය ඇමති අරුන් හේමචන්ද්‍ර -

විදේශ කටයුතු නියෝජ්‍ය ඇමති අරුන් හේමචන්ද්‍ර ඉන්ධන පිරවුම්හල් ලැයිස්තුවක් ඉදිරිපත් කරමින් ඊයේ(03) පාර්ලිමේන්තුවේ දියත් කළ මඩ ව්‍යාපාරය අද ඔහුටම හකුලා ගන්නට සිදුවුණේය.

ඔහු කතාව කරන මොහොතේ පාර්ලිමේන්තු සභා ගර්භයේ නොසිටි ගයන්ත කරුණාතිලකටත්, හර්ෂණ රාජකරුණාටත්, කිංස් නෙල්සන්ටත්, රංජිත් මද්දුමබණ්ඩාරටත් මඩක් ගැසීම එහි අරමුණු වී තිබුණේය.

ඒත් අද (04) ඔවුන් සියළු දෙනාම එම චෝදනාවට ප්‍රතිචාර දැක්වීම හමුවේ නියෝජ්‍ය ඇමති අරුන් හේමචන්ද්‍රට සිදුව තිබුණේ බලු කුක්කෙක් මෙන් සැඟවී තමන් කියූ කතාව ගිල ගන්නටය.

- ගයන්තට එල්ල කළ චෝදනාවට අදාල ඉන්ධන පිරවුම් හල ඔහු ඉපදෙන්නටත් පෙර ඔහුගේ සීයා සතුව තිබූ ඉන්ධන පිරවුම් හලක් විය.

- හර්ෂණගේ බව කියූ පිරවුම් හල දැන් වසා දමා ඇති අතර එයද ඔහුගේ සීයා සතුව තිබූ ඉන්ධන පිරවුම් හලක්විය.

- කිංස් නෙල්සන්ට, අරුන් නියෝජ්‍ය ඇමති කියන ආකාරයේ කිසිදු ඉන්ධන පිරවුම් පොළක් නැත්තේය.

රංජිත් මද්දුම බණ්ඩාර සතුව ඇති බව කියූ ඉන්ධන පිරවුම් හල ඔහුගේ ඥාති පවුලකට අයත් වූවක් මිසක එය ඔහු සතුවූවක් නොවන බව හෙළි වුණේය.

ඒ නිසාම නියෝජ්‍ය ඇමතිට ඊයේ තමන් කළ චෝදනාව අද හකුළා ගන්නට සිදුව තිබුණේය.

ඒත් නියෝජ්‍ය ඇමති අරුන්ට අමතක වූ දෙයක් අප ඔහුට මතක් කර දිය යුතුය.

ඒ ජපන් ආචාර්ය උපාධිය හොයා ගන්නට නොහැකි වූ තම පක්ෂයේ හිටපු කතානායකවරයාට සම්බන්ධ ඉන්ධන බවුසර් රථ තිබෙනා බවය.

එමෙන්ම රේගුවෙන් පරීක්ෂා නොකර පිටකළ බහාලුම් 323 අයිතිකරුවන් සහ ඒවායේ තිබුණේ මොනවාද කියා පුළුවන්නම් රටට හෙළි කරන්නැයි කියාය.

අප පුරවැසියන් ලෙස සිදු කරන මේ අභියෝගය භාර ගන්නේදැයි නියෝජ්‍ය ඇමති අරුන් හේමචන්ද්‍රගෙන් අවසාන වශයෙන් අප විමසන්නේය.෴

(Next Politics)

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
බෙදාගන්න