අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මුස්ලිම් පක්ෂ ගෑණු පස්සේ යයි

මුස්ලිම් පක්ෂ ගෑණු පස්සේ යයි

(රංජිත් ගුණවර්ධන) මුස්ලිම් කාන්තාවන් දේශපාලනයට පිවිසීමට වැඩි කැමැත්තක් නොදැක්වීම හේතුවෙන් ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා සකස් කිරීම මුස්ලිම් දේශපාලන පක්ෂවලට දැඩි අභියෝගයක් වී තිබේ. ඊට හේතු…

(රංජිත් ගුණවර්ධන)

 මුස්ලිම් කාන්තාවන් දේශපාලනයට පිවිසීමට වැඩි කැමැත්තක් නොදැක්වීම හේතුවෙන් ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා නාම  යෝජනා සකස් කිරීම මුස්ලිම් දේශපාලන පක්ෂවලට දැඩි අභියෝගයක් වී තිබේ.

ඊට හේතු වී තිබෙන්නේ නව පළාත් පාලන මැතිවරණ ක්‍රමය අනුව නාම යෝජනා පත්‍ර සඳහා සෑම දේශපාලන පක්ෂයක්ම 25%ක කාන්තා නියෝජනයක් සහතික කිරීම අනිවාර්ය කර තිබීමය.

දැන්වීම

මේ අනුව දේශපාලනයට පිවිසීමට කැමති කාන්තාවන් සෙවීම සඳහා මුස්ලිම් දේශපාලන පක්ෂ මේ දිනවල විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙන අතර ද්‍රවිඩ සහ සිංහල කාන්තාවන්ට ද නාම යෝජනා ලබාදීම කෙරෙහි අවදානය යොමු වීතිබේ.

සිය නාම යෝජනා පත්‍ර සඳහා 25% කාන්ත නියෝජනය විශේෂයෙන්ම සොයා ගැනීමට  මුස්ලිම් දේශපාලන පක්ෂවලට නොහැකි වී තිබෙන්නේ උතුරු නැගෙනහිර සහ වයඹ පළාත්වලිනි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
මුස්ලිම් පක්ෂ ගෑණු පස්සේ යයි | Lanka Newsweek