අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මුව ආවරණ පැලඳීම සම්බන්ධයෙන් දැඩි නිර්දේශයක්.

මුව ආවරණ පැලඳීම සම්බන්ධයෙන් දැඩි නිර්දේශයක්.

රට තුළ පවතින කොවිඩ් -19 වෛරස තත්ත්වය හමුවේ මුව ආවරණ පලඳින ලෙස දැඩිව නිර්දේශ කරන බව සෞඛ්‍ය ආමාත්‍යංශය සදහන් කරයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ උපදෙස් මත අමාත්‍යංශය සඳහන්…

රට තුළ පවතින කොවිඩ් -19 වෛරස තත්ත්වය හමුවේ මුව ආවරණ පලඳින ලෙස දැඩිව නිර්දේශ කරන බව සෞඛ්‍ය ආමාත්‍යංශය සදහන් කරයි. 
 
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ උපදෙස් මත අමාත්‍යංශය සඳහන් කළේ, මහජනතාව ගෘහස්ථ පරිශ්‍රවල,  පොදු ස්ථානවල සහ පොදු ප්‍රවාහන සේවා භාවිත කරන අවස්ථාවලදී මුව ආවරණ පැලඳීය යුතු බවය.
 
2022 ජනවාරි 25 දිනැති අති විශේෂ ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත් කරන ලද 1897 අංක 03 දරණ නිරෝධායන සහ රෝග නිවාරණ ආඥාපනත යටතේ සම්පාදනය කරන ලද රෙගුලාසිවලට අනුව වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා මුළු රටටම නිසි බලධාරියා ලෙස එම නියෝග නිකුත් කළේය.
 
එය නීතියක් වශයෙන් පැනවීමක් සිදුනොකළ ද සියලු ජනතාව මුව අවරණ පැලඳීම මෙම අවස්ථාවේ අත්‍යාවශ්‍ය බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
 
පසුගිය දින කිහිපය තුළ බස්නාහිර පළාත තුළ සහ රටේ අනෙකුත් ප්‍රදේශවලින්  හඳුනාගෙන ඇති කොවිඩ් -19 ආසාදනවල ඉහළ යාමක් දැක්නට ලැබේ.
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
මුව ආවරණ පැලඳීම සම්බන්ධයෙන් දැඩි නිර්දේශයක්. | Lanka Newsweek