අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මුදල් කමිටුවත් එක්කම මයන්ත ආණ්ඩුවට..?

මුදල් කමිටුවත් එක්කම මයන්ත ආණ්ඩුවට..?

මයන්තගේ තීරණයෙන් සජබය තවත් දෙදුරුම් කයි සජබය සජිත්ගේ පාලනයෙන් එන්න එන්නම ගිළිහෙයි මහ ජන මුදල් පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සභාපති ධූරය සඳහා පත් කෙරුණු සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී…

මයන්තගේ තීරණයෙන් සජබය තවත් දෙදුරුම් කයි 

සජබය සජිත්ගේ පාලනයෙන් එන්න එන්නම ගිළිහෙයි 

මුදල් කමිටුවත් එක්කම මයන්ත ආණ්ඩුවට..?

මහ ජන මුදල් පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සභාපති ධූරය සඳහා පත් කෙරුණු  සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී  මයන්ත දිසානායක මහතා, එම පක්ෂයේ ඉල්ලීම අනුව ඒ තනතුරින් ඉවත්වීමට එකඟ නොවීම නිසා පක්ෂය අභ්‍යන්තරයේ දැඩි අර්බුදකාරී තත්ත්වයක් ඇති වේ තිබේ. 

මහ ජන මුදල් පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සභාපති ධූරය සඳහා මයන්ත දිසානායක මහතාගේ නම යෝජනා කරනු ලැබුවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විසිනි.

දැන්වීම

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අධි නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එම කමිටු සභාපති ධූරය සඳහා  යෝජනා කළේ සමගි ජන බලවේගය පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ නමය.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් මයන්ත දිසානායක මහතාගේ නම එම මුදල් කමිටුවේ සභාපති ධූරය සඳහා යෝජනා කළ අවස්ථාවේදී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මයන්ත දිසානායක මහතාට දුරකතනයෙන් කතා කර  එම තනතුර භාර ගන්නේ දැයි විමසා තිබෙන අතර ඒ අවස්ථාවේදී මයන්ත දිසානායක මහතා ප්‍රකාශ කර ඇත්තේ තමා එම තනතුර භාර ගන්නා බවයි.

මෙම තනතුරට ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ නම යෝජනා කිරීමට සමගි ජන බලවේගය පියවර ගෙන තිබෙන හෙයින්   සභාපති තනතුරින් ඉවත් වන්නේ දැයි ලක්ෂමන් කිරිඇල්ල මහතා, මයන්ත දිසානායක මහතාගෙන් මෙහිදී පෙරළා ප්‍රශ්න කර ඇති අතර ඒ  අවස්ථාවේදී එම තනතුරෙන් ඉවත් වීමට සූදානම් නැති බව ඔහු ප්‍රකාශ කර ඇත.

මේ අතර සමාහි ජන බලවේගයේ තීරණයට විරුද්ධව කටයුතු කිරීම සම්බන්ධයෙන් මයන්ත දිසානායක මහතාට එරෙහිව එම  පක්ෂය කිසියම් ක්‍රියාමාර්ගයක් ගනු ඇතැයි දැන ගන්නට ඇත.

මුදල් කමිටුවත් එක්කම මයන්ත ආණ්ඩුවට..?
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
මුදල් කමිටුවත් එක්කම මයන්ත ආණ්ඩුවට..? | Lanka Newsweek