මුදල් ඇමැතිකමට සුදුසු රවීලා වගේ මිනිස්සු

රවී කළ ලොකුම මෙහෙවර රාජ්‍ය ආදායම වැඩි කීමයි ජනතාව මත බදු බර නොපටවා රාජ්‍ය සේවක වැටුප දස දහසකින් වැඩි කළා රවීයි-බැසිලුයි අර්ජුනයි-සනතුයි වගේ රවී ගැන මහාචාර්ය මිල්ටන් රාජරත්නගේ විග්‍රහය මෙන්න..! මේ වන…
රවී කළ ලොකුම මෙහෙවර රාජ්‍ය ආදායම වැඩි කීමයි
ජනතාව මත බදු බර නොපටවා රාජ්‍ය සේවක වැටුප දස දහසකින් වැඩි කළා
රවීයි-බැසිලුයි අර්ජුනයි-සනතුයි වගේ
රවී ගැන මහාචාර්ය මිල්ටන් රාජරත්නගේ විග්‍රහය මෙන්න..!

මේ වන විට රටේ උද්ගත වී තිබෙන උග්‍ර අර්බුදකාරී තත්ත්වය හමුවේ මුදල් ඇමැතිකමට සුදුසු වන්නේ ආර්ථික සහ මුල්‍ය ක්ෂේත්‍රය පිළිබඳව න්‍යායික වගේම ප්‍රායෝගික දැනුම, අත්දැකීම් සහ පළපුරුද්ද ඇති රවී කරුණානායකලා වැනි මිනිස්සුන් යැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ, මෙහෙයුම් කළමනාකරණ දෙපාර්තම්න්තුවේ, කළමනාකරණ පීඨයේ නිර්මාතෘ සහ පීඨාධිපති මහාචාර්ය මිල්ටන් රාජරත්න මහතා අවධාරණය කර සිටියි.
මහාචාර්ය මිල්ටන් රාජරත්න මහතා මේ බව කියා සිටියේ, රටේ උද්ගත වී තිබෙන ආර්ථික අර්බුදය සහ මුදල් ඇමතිවරුන්ගේ වගකීම සේම කාර්ය භාරය සම්බන්ධයෙන් "lankanewsweek" සමග සිදු කළ සාකච්ඡාවක දී වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.
"මෙහෙමයි...රවී කරුණානායක කියන්නේ වෘත්තීයවේදියෙක්. ඒ වගේම ඔහු ප්‍රායෝගික දේශපාලනඥයෙක්. ආර්ථික සහ මුල්‍ය ක්ෂේත්‍රය පිළිබඳව ඔහුට න්‍යායික දැනුම වගේම ප්‍රායෝගික අත්දැකීම් ද තිබෙනවා. ඒ වගේම ඔහුට දැක්මක්, වැඩ පිළිවෙළක් සහ ඉලක්කයක් තිබෙනවා. ආර්ථිකයට සහ මුල්‍ය ක්ෂේත්‍රයට අදාළව ඒ ඒ අවස්ථාවල දී මතු වන අභියෝග, ප්‍රශ්න සහ අර්බුදවල දී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව ඔහුට අවබෝධයක් තිබෙනවා. ආර්ථික විද්‍යාවේ දී මේ කුසලතාවය හඳුන්වන්නේ " Cause and Effect" කියලයි.
දැන්වීම
යහ පාලන රජය යටතේ රවී කරුණානායක මුදල් ඇමතිවරයා ලෙස ක්‍රියා කළේ ඉතා කෙටි කාලයක් වුණත් එම කෙටි කාලයේ දී සමස්ත රාජ්‍ය ආදායම 9% සිට 12% දක්වා වැඩි කර ගැනීමට ඔහු සමත් වූයේ මේ කුසලතාවය නිසා වන අතර එවකට මුදල් ඇමතිවරයා ලෙස ඔහු රටට කළ ලොකුම සේවය වන්නේ ඒ අයුරින් රාජ්‍ය ආදායම වැඩි කර දීමයි.
රජයේ බදු ආදායම දෙස අවධානය යොමු කිරීමේදී 2014 වර්ෂයේදී රුපියල් බිලියන 1050 ක් වූ බදු ආදායම 2015 වර්ෂයේදී රුපියල් බිලියන 1355 ක් දක්වා එනම් රුපියල් බිලියන 305කින් (30%කින් පමණ) ඉහළ නංවා ගැනීමට සමත් වූ රවී කරුණානායක 2014 වර්ෂයේදී රුපියල් බිලියන 256ක් වූ නිෂ්පාදන ආශ්‍රිත බදු 2015 වර්ෂයේදී රුපියල් බිලියන 497ක් දක්වා එනම්,රුපියල් බිලියන 241 කින්ඉහළ නංවා ගැනීමට සමත් වුණා.
සාමාන්‍ය ජනතාවට බදු බර නොපටවා රාජ්‍ය සේවක සේවිකාවන්ගේ වැටුප ඇඟට දැනෙන ආකාරයෙන් ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට රුපියල් දස දහසකින් ඉහළ දැමීමට එවකට මුදල් අමාත්‍යවරයා ලෙස රවී කරුණානායක සමත් වීම මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුයි.
වත්මන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට මේ ආර්ථික සහ මුල්‍ය විෂය සම්බන්ධයෙන් රවී කරුණානායකට වගේ න්‍යායික දැනුමක්, දැක්මක්, වැඩ පිළිවෙළක් සහ ඉලක්කයක් නොමැති නමුත් ඔහු ද ප්‍රායෝගික දේශපාලන නායකයෙකු බව පැහැදිලිව කිව යුතුයි.
යහ පාලන රජය යටතේ මුදල් අමාත්‍යවරයා ලෙස රවී කරුණානායක 2015 දී ඉදිරිපත් කළ අය-වැය යෝජනාවලිය සංවර්ධන අය-වැයක් වෙද්දී, බැසිල් රාජපක්ෂ ඉදිරිපත් කර තිබෙන අය-වැය යෝජනාවලිය ඉලක්කයක්, වැඩ පිළිවෙළක් සහ දැක්මක් නොමැති වචන ගොඩක් පමණක් වී තිබෙන්නේ මේ තත්ත්වය මතයි.
රවී කරුණානායක සහ බැසිල් රාජපක්ෂ සංසඳනය කළ හොත් මේ දෙදෙනා සනත් ජයසූරිය සහ අර්ජුන රණතුංග වගේ කියා කියන්න පුළුවන්. රවී කරුණානායක සෙල්ලම් කරන්නේ අර්ජුන රණතුංග වගේ තාක්ෂණයට අනුවයි. බැසිල් රාජපක්ෂ කරන්නේ සනත් ජයසූරිය වගේ එන එන බෝලයට ප්‍රහාර එල්ල කර ලකුණු රැස් කිරීමයි. ඒ කියන්නේ අර්ජුන රණතුංග වගේම සනත් ජයසූරියත් පිටියට අවශ්‍යයි. රවී කරුණානායක සහ බැසිල් රාජපක්ෂ යන දෙදෙනාත් ඒ වගේ තමයි.
මේ වන විට රටේ උද්ගත වී තිබෙන උග්‍ර අර්බුදකාරී තත්ත්වය හමුවේ මුදල් ඇමැතිකමට සුදුසු වන්නේ ආර්ථික සහ මුල්‍ය ක්ෂේත්‍රය පිළිබඳව න්‍යායික වගේම ප්‍රායෝගික දැනුම, අත්දැකීම් සහ පළපුරුද්ද ඇති රවී කරුණානායකලා වැනි මිනිස්සු බව අප කියන්නේ ඒ නිසයි.