අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මුදල් අමාත්‍යාංශය තුල වර්තමාන තත්වය

මුදල් අමාත්‍යාංශය තුල වර්තමාන තත්වය

අපි දැන් 2025 අවුරුද්දේ අවසන් කාර්තුවට ළඟා වෙමින් ඉන්නවා. 2025/2026 අයවැය තමයි ආණ්ඩුවේ ඊළඟ ප්‍රධාන ටාගට් එක.මේ වෙනකොට විසර්ජන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියනවා.ඇත්තටම මුදල් අමාත්‍යාංශය මේ…

අපි දැන් 2025 අවුරුද්දේ අවසන් කාර්තුවට ළඟා වෙමින් ඉන්නවා. 2025/2026 අයවැය තමයි ආණ්ඩුවේ ඊළඟ ප්‍රධාන ටාගට් එක.මේ වෙනකොට විසර්ජන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියනවා.ඇත්තටම මුදල් අමාත්‍යාංශය මේ වෙනකොට ලොකු සක්‍රීය කමක තියෙන්න ඕනි.පහුගිය ලිපියක රටේ රාළ කිව්වේ මුදල් අමාත්‍යාංශ ඇතුලේ බරපතල අරාජික බවක් නිර්මාණයවෙලා තියනවා කියලයි.

ඒකට හේතුව මුදල් ඇමති විදිහට අනුරට රටේ ආර්ථික කලමණාකරණ ක්‍රියාවලිය ගැන අදහසක් නැතිවීම.අනුරට ඒ ගැන අවබෝධයක් නැතිවුනත් ගිය පාර හිටිය මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන අනුරත් එක්ක ඉතා සමීපව කටයුතු කරමින් වැඩේ ගොඩ දැම්මා.අනුර - මහින්ද සිරිවර්ධන සුසංයෝගය හරියට රනිල් - මහින්ද සිරිවර්ධන සුසංයෝගය වගේම නැගලා ගියා.අනුර ආපු ගමන් හිරේ දාන්න හිටපු මහින්ද සිරිවර්ධන විශ්‍රාම යනකොට අනුර විශේෂ තිලිණයකුත් දීලා අසාමාන්‍ය විදිහේ ගුණ කථනයකුත් කළා.

කොහොම හරි දැන් ප්‍රශ්න තියෙන්නේ අනුරට වගේම මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුමටත් මේක නොතේරීමයි.හර්ෂණ සූරියප්පෙරුමට පරිපාලනය සම්බන්ධව ප්‍රායෝගික අද්දැකීම් නෑ.ඒක එයාගේ වරදක් නෙවෙයි.ඇත්තටම වරද තියෙන්නේ අනුරගේ.අනුර දැන ගන්න ඕනි මුදල් අමාත්‍යාංශ වගේ තැනකට දක්ෂ සහ පලපුරුදු ලේකම් කෙනෙක් දාගන්න. එහෙම අය අපේ රාජ්‍ය පරිපාලන සේවයේ ඕනි තරම් ඉන්නවා.

දැන්වීම

අනුර ජනාධිපති ලේකම් පත්කිරීමේදී කරපු වරඳම මුදල් අමාත්‍යාංශ ලේකම් පත්කිරීමේදීත් කරලා තියනවා.සියලු පරිපාලන නිලධාරීන්ට වඩා ඉදිරියෙන් ඉන්න ඕනි ජනාධිපති ලේකම් ඉන්නේ වෘත්තීයමයභාවය අතින් එයාලට වඩා ගොඩක් පිටි පස්සෙන්.ඒක නිසා එයාට ඊළඟ පියවර මොකද්ද කියලා දැනෙන්නේ නෑ.ඇත්තටම මුදල් අමාත්‍යාංශය ඇතුලෙත් තත්වයත් ඒකම තමයි.හරිෂණට වැඩේ තේරෙන්නෙ නෑ,සමහරවිට හර්ෂණ තව අවුරුදු දෙකක් විතර යනකොට වැඩේ අල්ලගනී.

එතකොට ඉතින් වෙන්න ඕනි හරිය මුදල් අමාත්‍යාංශයට සිද්ධවෙලා අපේ රටටත් වෙන්ඩ ඕනිදේ වෙලා ඉවරයි.අද මුදල් අමාත්‍යාංශයේ ඉහල නිලධාරීන්ට වෙලා තියෙන්නේ අමාත්‍යාංශ ලේකම්වත් ඇදගෙන ගමන යන්න.ජනාධිපති ලේකම් තනතුරට, මුදල් අමාත්‍යාංශ ලේකම් තනතුරට දක්කාගෙන යන චරිත වැඩක් නෑ.ඒ තනතුරුවලට ඕනි ඉදිරියේ සිට නායකත්වය දෙන සැබෑ මඟ පෙන්වන්නන්.

ඇත්තටම මෙහෙම අය ඒ තනතුරුවල ඉන්නකොට වෙන්නේ ඒ අදාල ආයතනයට සැලසුම් නැතිවීමයි.මුදල් අමාත්‍යාංශ වගේ තැනකට ප්ලෑන් එකක් නැති වෙනවා කියන්නේ රටට දෙයියන්ගෙම පිහිටයි කියන එක තමයි.කොහොම හරි මේ පාර අයවැයක් ඉදිරිපත් කරයි.ඒක සැලසුම් සහගත අයවැයක් නං නෙවෙයි කොහොම හරි ඉදිරිපත් කරන අයවැයක්.මේ අවුරද්දේ අයවැයෙන් වෙන් කරපු ප්‍රාග්ධන වියදම් සැලකිය යුතු ප්‍රමාණයක් ආර්ථික ක්‍රියාවලියට එකතු වෙන්නේ නෑ.

ඒක නිසා ආණ්ඩුව ඉපැයූම් පැත්ත වැටිලා තියනවා.කොහොම හරි එකතු කරගන්න බදු ටික සහ ගන්න ණය ටිකයි පෙන්නලා ලබන අවුරද්දේ අයවැයටත් ඉලක්කම් විජ්ජාවක් දායි.අනුර කිව්වේ ට්‍රිලියනයක රුපියල් සංචිතයක් තියනවා කියලයි.ඒ කතාව ඇත්ත.රටේ රාළත් හිතනවා ඒ රුපියල් සංචිතයෙන් මාස තුනක් විතර පුනරාවර්තන වියදම් දරමින් රට පවත්වාගෙන යන්න පුළුවන් වෙයි කියලා.මොකද මේ අවුරද්දේ සංවර්ධනට දුන්න මුදල් ආපහු භාණ්ඩාගාරයට පැමිණිමෙන් භාණ්ඩාගාරයට රුපියල් ප්‍රමාණය වැඩි වෙන්න ඕනි.

ප්‍රශ්න තියෙන්නේ භාණ්ඩාගාර පිරෙන්නේ රටේ ආර්ථික හැකිලෙද්දී වීමයි.ඒක නිසා මේ මාස කීපයෙන් පස්සේ මොකද කරන්නේ කියන ප්‍රශ්නය එනවා.ඒක එන්නේ විධිමත් සැලැස්මක් සහ පෙර සූදානමක් නැතිකම විසිනුයි.අපි මේ අවුරද්දේ වාහන ආනයනට ඩොලර් බිලියන 1.5 විතර වියදම් කරලා තියනවා.ඒ වගේම ඩොලර් මිලියන පන්සීයකට කිට්ටු ආදායමක් දැනට ලැබිලා තියනවා.මේ ප්‍රමාණයෙන්ම වාහන ලබන අවුරුද්දට ගේන්න බෑ.

ඒ වගේම ගෙනත් තියන වාහන විකිණීමේ ප්‍රශ්නයක් තියනවා. මිල අධික නිසා වාහන මිලදී ගැනීම එක්තරා පන්තියක් විතරක් සීමාවෙලා.වාහනවල මිල අඩු කරන්නත් බෑ.මොකද දැන් ලිසිං ක්‍රියාවලියට බැංකු එකතුවෙලා ඉවරයි.ඒක නිසා වාහන ආනයනයෙන් ලොකු ආදායමක් අපට ලබන අවුරද්දට එන්නේ නෑ.ඒ වගේ අපේ ඩොලර් සංචිතය මේ වසර අවසන් වෙනකොට ඩොලර් බිලියන හත ඉක්මවු තැනට ගේන්න ඕනි.ඒක කරන්න කීයටවත් බෑ.ඒ තත්වයේ තියන අවධානම ගැන පහුගිය දවසක රවී කරුණානායක පෙන්නලා දුන්නා.විශේෂයෙන් ඩොලර් සංචිතය අවධානමට ලක්වීමේ ප්‍රති විපාක රවී පෙන්වලා දුන්නා.

ඒ වගේම මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට බදු සහන ලැබුණත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ඒ සහනය හම්බ වෙන්නේ නෑ. ඒ වගේම මතුවෙන භු දේශපාලන තත්වයන් අපේ යහපතට හේතු වෙයි කියලා හිතන්න බෑ.යුක්‍රේන - රුසියා යුද්ධය, මැදපෙරදිග ආතතිය,දකුණු චීන මෝහුදේ ආතතින් මැද්දට අපි කොටුවෙන්න පුළුවන්.ඒක නිසා ලබන අවුද්දේවත් ආර්ථිකයේ ප්‍රසාරණයක් සිද්ධ වෙයි කියලා රටේ රාළ නං හිතන්නේ නෑ. ඇත්තටම ආර්ථිකය හැසිරවීමට මුදල් අමාත්‍යාංශයට මධ්‍යගත මෙහෙයුමක් නෑ.ඒක නිසා මේ අවුරද්දේ දෙසැම්බර්වල පටන් ගන්න ආර්ථික අර්බුදය ලබන අවුරුද්ද මුල් කාර්තු දෙක දක්වා ඇදෙයි.

එතනින් එහාට මොකද වෙන්නේ කියලා උපකල්පනය කරන්න වෙන්නේ ලබන අවුරද්දේ පළවෙනි කාර්තුවෙන් පස්සෙයි.හැබැයි අපි එකක් දන්නවා,ආර්ථික අර්බුදය අවසානයේ දේශපාලන අර්බුදයක් බවට පත්වෙනවා.කොහොම උනත් මේ සමස්ථ දකින්න පුළුවන් ආර්ථික විශේෂඥයෙක් ආණ්ඩුවේ නෑ.ඒක නිසා මේ සාකච්ඡාවට විවෘත වේදිකාවක් හැදෙන්න ඕනි.එක පැත්තකින් ඒකට පාර්ලිමේන්තුව තියනවා.

පාර්ලිමේන්තුව ඇතුලේ යම් සීමාවකට මේ සංවාදය ගොඩනගන්න පුළුවන් උනත් ඒවා අවසානයේ දේශපාලන පක්ෂවලට න්‍යාය පත්‍රවලට පටුවෙනවා.එහෙම නොවී අදහස් දක්වන්න පුළුවන් කීප දෙනයි පාර්ලිමේන්තුවේ ඉන්නේ. ඇත්තටම ගත්තොත් දේශපාලන විලංගු නැතිව ආර්ථිකය සම්බන්ධව අදහස් දක්වන්න පුළුවන් අය විදිහට ඉන්නේ රවී,දිලිත්,දයාසිරි,චාමර වගේ කීපදෙනෙක් විතරයි.මේ කියන්නේ එයාලගේ ආර්ථික දැක්ම ගැන නෙවෙයි.බලපෑමකින් තොරව මතයක් දැරීමට නිදහස ඇත්තේ මේ කීපදෙනාට පමණයි.අනිත් අය බොහෝ වෙලාවට කුමක් හෝ දේශපාලන න්‍යාය පත්‍ර විසින් පාලනය වෙනවා.

ඊළඟට මේ සංවාදයට හොඳම වේදිකාව වෙන්නේ මාධ්‍යයයි.රාජ්‍ය මාධ්‍ය,පෞද්ගලික මාධ්‍ය වගේම සමාජ මාධ්‍යවලටත් මෙතනදී විශේෂ වගකීමක් පැවරෙනවා.අනුරට මේ අර්බුදය දකින්න පුළුවන් නම් අනුරටත් ඒකට විවෘත වේදිකාවක් හදන්න පූළුවන්.

හරි එහෙනම් ගිහින් එන්නම්

- රටේ රාළ -

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 4
බෙදාගන්න