මුගාබේගේ අනාගතය ගැන කතා කරයි

(සුජිත් මංගල ද සිල්වා) දකුණු අප්රිකානු ආණ්ඩුවේ මැති ඇමතිවරු සිබබ්වේ උද්ගත වී තිබෙන අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපති රොබට් මුගාබේගේ පාර්ශවය සහ එරට පාලනය අල්ලා ගත් හමුදා නායකයන් සමග සාකච්ඡා පවත්වමින්…
(සුජිත් මංගල ද සිල්වා)
දකුණු අප්රිකානු ආණ්ඩුවේ මැති ඇමතිවරු සිබබ්වේ උද්ගත වී තිබෙන අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපති රොබට් මුගාබේගේ පාර්ශවය සහ එරට පාලනය අල්ලා ගත් හමුදා නායකයන් සමග සාකච්ඡා පවත්වමින් සිටිති.
එම මැති ඇමතිවරුන් සිම්බාබ්වේ අනාගතය සහ තිස් හත් වසරක් එරට පාලනය කළ රොබට් මුගාබේ සම්බන්ධයෙන් ගනුදෙනුවකට එළඹීමට උත්සාහ දරමින් සිටිති .
දැන්වීම
දකුණු අප්රිකානු සංවර්ධන ප්රජාව (සීඩීඑස්) විසින් මෙම සාකච්ඡා මෙහෙයවනු ලබන අතර සිම්බාබ්වේ විපක්ෂ නායක මොර්ගන් සවිංගිරි පවසා ඇත්තේ රොබට් මුගාබේ මහතා ඉල්ලා අස්විය යුතු බවය.
රොබට් මුගාබේගේ පාර්ශවය පවසන්නේ ඔහු ජනාධ්පති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට එල්ල වන පීඩනයට විරුද්ධ වන බවයි .
අප්රිකානු සංගමයේ ප්රධානියා වන ගිනියාවේ ජනාධිපති ඇල්ෆා කොන්ඩේ කියා සිටින්නේ හමුදාව යළි සිය බැරැක්කවලට ගොස් ව්යස්තනුකුල පාලනයට ඉඩ දිය යුතු බවය.