මීගහකිවුලේ බලධාරීන්ට අවශ්‍ය තවත් මිනිස් ජීවිත බිලි ගැනීමට ද..?

ප්‍රාදේශීය සභාපති-ලේකම් ඇතුළු බලධාරීන් නිදිද..? බදුල්ල දිස්ත්‍රික්කයේ මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කළුගහකඳුර ග්‍රාම නිලධාරී වසමේ 11 වැනි සැතපුම් කණුව අසල මාරාන්තික සහ විශාල අනතුරුදායක…
ප්‍රාදේශීය සභාපති-ලේකම් ඇතුළු බලධාරීන් නිදිද..?

බදුල්ල දිස්ත්‍රික්කයේ මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කළුගහකඳුර ග්‍රාම නිලධාරී වසමේ 11 වැනි සැතපුම් කණුව අසල මාරාන්තික සහ විශාල අනතුරුදායක ස්ථානයක් බවට පත්ව තිබේ.
දැන්වීම
එම ස්ථානයේ වාර්තා වී ඇති අනතුරු ප්‍රමාණය අති විශාල වන අතර ගෙවුණු මාස හයක කාලය ඇතුළත දී පමණක් මාරක අනතුරු පහක් පමණ සිදු වී එම මාරක අනතුරුවලින් වටිනා මිනිස් ජීවිත ගණනාවක් අහිමි වී ඇත.
එම නිසා මේ පිළිබඳව සොයා බලා යම් ආරක්‍ෂිත ක්‍රමවේදයක් සකස් කරන ලෙස බලධාරීන්ගෙන් සහ නිලධාරීන්ගෙන් කලක් මුළුල්ලේ ඉල්ලා සිටිය ද මේ සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව අදාළ ප්‍රදේශවාසීතු "lankanewsweek" සමග චෝදනා කර සිටියහ.
අදාළ බලධාරීන්ට සහ නිලධාරීන්ට අවශ්‍ය වන්නේ තවත් වටිනා මිනිස් ජීවිත බිලි ගැනීමටදැයි බදුල්ල දිස්ත්‍රික්කයේ මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ජනතාව ප්‍රශ්න කරති.
