මිල ඉහළ දැමු තිරිඟු පිටි නිෂ්පාදකයින්ට වැඩ වරදි..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

පාරිභෝගික අධිකාරියේ අනුමැතියකින් තොරව තිරිඟු පිටි මිල රුපියල් 5කින් වැඩි කිරීමට පියවර ගත් තිරිඟු පිටි නිෂ්පාදකයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි. නිවේදනයක් නිකුත්…
පාරිභෝගික අධිකාරියේ අනුමැතියකින් තොරව තිරිඟු පිටි මිල රුපියල් 5කින් වැඩි කිරීමට පියවර ගත් තිරිඟු පිටි නිෂ්පාදකයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් මෙම අධිකාරිය සඳහන් කළේ, තිරිඟු පිටි කිලෝග්රෑමයක් විකිණිය හැකි උපරිම සිල්ලර මිල රුපියල් 87ක් බව ය.ඒ අනුව මෙම මිල ඉක්මවා තිරිඟු පිටි අලෙවි කරන වෙළඳුන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව ද එම නිවේදනයේ සඳහන් ය.
බදු සංශෝධන හා රුපියලේ අගය පහළ යාම හේතුවෙන් තිරිඟු පිටි මිළ පසුගිය 31 වනදා රාත්රියේ සිට තිරිඟු පිටි කිලෝග්රෑමයක මිල රුපියල් 5කින් ඉහළ දැමීමට ප්රීමා සමාගම පියවර ගත් බව එම සමාගම සඳහන් කරයි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1