මියන්මාර ආගමික ප්‍රචණ්ඩත්වයේ විරතු මුහුණුවර
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

උන්වහන්සේ මුස්ලිම් පල්ලි හඳුන්වන්නේ සතුරු බලකොටු හැටියටය. මුස්ලිම් ජාතිකයන් හඳුන්වන්නේ "පිස්සු බල්ලන්" හැටියටය. එපමණක් නොව, මුස්ලිම්වරුන් බුරුම ගැහැණු සොරා ගන්නා බවටත් දූෂණය කරන බවටත්, ඔවුන්ගේ වර්ගයා…
උන්වහන්සේ මුස්ලිම් පල්ලි හඳුන්වන්නේ සතුරු බලකොටු හැටියටය. මුස්ලිම් ජාතිකයන් හඳුන්වන්නේ "පිස්සු බල්ලන්" හැටියටය. එපමණක් නොව, මුස්ලිම්වරුන් බුරුම ගැහැණු සොරා ගන්නා බවටත් දූෂණය කරන බවටත්, ඔවුන්ගේ වර්ගයා වේගයෙන් බෝ කරන බවටත් උන්වහන්සේ චෝදනා කරති. එම විවේචන එල්ල කරනු ලබන්නේ විරතු (Wirathu) නම් බුරුම බෞද්ධ භික්‍ෂුව විසිනි. ලොව වඩාත් විවාදයට ලක්වෙන බෞද්ධ භික්‍ෂුව බවට පත්ව සිටින විරතු හිමියන්ට (Ashin Wirathu), උන්වහන්සේගේ විසකුරු දේශනා පැවැත්වීමට මග සලසමින්, ඊට අවශ්‍ය ආරක්ෂාව සහ අනුග්‍රහය සලසමින් මියන්මාරයේ බලධාරීහු, වසර ගණනාවක් බලා සිටියහ. එහෙත් විරතු භික්‍ෂුව නොබෙල් ත්‍යාගලාභී අවුං සාන් සුචී දෝෂ දර්ශනයට ලක් කරනු ලැබීමත් සමග "උන්වහන්සේ මග වරද්දා ගෙන ඇති" බව මියන්මාර් බලධාරීන්ගේ අලුත් නිගමනය වී ඇති බවක් පෙනේ. ඒ අනුව විරතු හිමියෝ රාජද්‍රෝහී අපරාධ චෝදනා යටතේ අත්අඩංගුවට ගැනීමේ අනතුරට දැන් මුහුණ දී සිටිති. සිය බුරුම බෞද්ධ ජාතිකවාදී අරමුණ පෙරට ගෙන යමින් සිටින විරතු නම් මෙම බුරුම බෞද්ධ භික්‍ෂුව කාගේ කවුරුන්ද?
දොරට වැඩම කිරීම
ඒ 2001 වසරයි. මහජන අවධානය යොමුකර ගනිමින් විරතු හිමියන් පළමුවරට කල එළි බසින්නේ මුස්ලිම් වෙළෙඳ ව්‍යාපාර වර්ජනය කිරීමේ ක්‍රියාදාමයකට නායකත්වය දෙමිනි. අනතුරුව, 2003 වසරේ අත්අඩංගුවට ගැනීමෙන් පසු වසර විසි පහක සිර දඬුවමකට යටත් කෙරුණ විරතු භික්‍ෂුව, 2010 වසරේ ලද පොදු සමාවක් යටතේ සිරගෙයින් මුදා හරිනු ලැබේ. එහෙත් එම සිරගත කරනු ලැබීම මගින් රටේ සුළුතර මුස්ලිම් ජනයාට එරෙහිව උන්වහන්සේ තුළ පැසවන කෝපය සමනය කිරීමක් සිදු නොවූ බව ඉන් පසුව සිදුවූ එතුමන්ගේ ක්‍රියාකාරකම් වලින් පෙන්නුම් කෙරෙයි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1