අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මියගිය සියලුම දෙනාගේ අවමංගල්‍ය කටයුතු රජයේ වියදමින්..!

මියගිය සියලුම දෙනාගේ අවමංගල්‍ය කටයුතු රජයේ වියදමින්..!

බලාපොරොත්තු නොවූ ලෙස අද දිනයේ දිවයින්දි පුරා සිදු වූ බෝම්බ පිපිරීම්ව හේතුවෙන්යි මියගිය සියලු දෙනාගේම අවමංගල්‍ය කටයුතු සියල්ල්ලක්ම රජයේ වියදමින් සිදු කිරීමට තීරණය කර තිබේ. රටේ උද්ගත වී ඇති අනාරක්ෂිත…

බලාපොරොත්තු නොවූ ලෙස අද දිනයේ දිවයින්දි පුරා සිදු වූ බෝම්බ පිපිරීම්ව හේතුවෙන්යි මියගිය සියලු දෙනාගේම අවමංගල්‍ය කටයුතු සියල්ල්ලක්ම රජයේ වියදමින් සිදු කිරීමට තීරණය කර තිබේ.

රටේ උද්ගත වී ඇති අනාරක්ෂිත තත්වය පිලිබදව සාකච්ඡා කිරීමට ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් අද විශේෂ හමුවක් පැවති අතර එහිදී සියලුම ආගමික ස්ථාන, හෝටල්,රෝහල් සහ තානාපති කාර්යාල ඇතුළු වැදගත් ස්ථාන සඳහා විශේෂ ආරක්ෂක විදි විධාන යෙදවීමට එහිදී පියවර ගෙන තිබේ.

එහිදී පොලිසීය, ත්‍රිවිධ හමුදාව සහ සිවිල් ආරක්ෂික දෙපාර්තමේන්තුවේ නිලධාරීන්මේ සඳහා යෙදවීමට පියවර ගෙන තිබේ.

දැන්වීම

තවද දිවයින පුරා අද ප.ව 6.00 සිට හෙට පෙ.ව 6.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය ප්‍රකාශ කිරීමට ජනාධිපතිවරයා විසින් පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.

තවද මෙම අපරාධකරුවන් සොයා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීගේ උපදෙස් පරීකෂණ, කටයුතු සිදුකිරීම සඳහා මෙන්ම අපරාධකරුවන් සොයා සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික මෙහෙයුම් මැදිරියක් පිහිටුවා ඇති අතර සිදුවු පිපිරීම්වලින් හේතුවෙන් ආබාධිත තත්වයට පත් වී සිටින රෝගීන් සඳහා කඩිනමින් ප්‍රතිකාර ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස ද සියලුම රෝහල් බලධාරීන්ට මේ වන විටත් උපදෙස් ලබාදී තිබේ.

එමෙන්ම මේ වන විට මියගිය පුද්ගලයින් හදුනාගැනීමේ කටයුතු සිදුකරන අතර ඔවුන්ගේ මරණ පරීක්ෂණ කඩිනමින් සිදු කිරීමට අධිකරණ බලධාරීන් කටයුතු කරමින් සිටී.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
මියගිය සියලුම දෙනාගේ අවමංගල්‍ය කටයුතු රජයේ වියදමින්..! | Lanka Newsweek