මිනී මරුවන්ට රට භාර දෙන්න පුළුවන්ද..?

මිනී මරු සංස්කෘතියක් රටේ යළි ඇති කරන්න ඉඩ දෙන්නේ නැහැ නිදහසේ හුස්මක් ගෙන ජීවත් වෙන්න පුළුවන් අවස්ථාව උදා කළේ ජනපතියි විජය කුමාරතුංග ඝාතනය කළේ ජවිපෙ මිනී මරුවන් අද අපිට සියලු දේවල් අමතක කරලා රට ගැන,…
මිනී මරු සංස්කෘතියක් රටේ යළි ඇති කරන්න ඉඩ දෙන්නේ නැහැ
නිදහසේ හුස්මක් ගෙන ජීවත් වෙන්න පුළුවන් අවස්ථාව උදා කළේ ජනපතියි
විජය කුමාරතුංග ඝාතනය කළේ ජවිපෙ මිනී මරුවන්

අද අපිට සියලු දේවල් අමතක කරලා රට ගැන, අපේ අනාගතය ගැන, මේ දූ දරුවන්ගේ අනාගතය ගැන සිතීමට සිදුව ඇති බවත් අපේ රටේ අනාගතය වූ අපගේ දූ දරුවන්ට අනාගතය ගැන හිතන්න බැරි තත්ත්වයකට මේ රට පත් කර ඇති බවත් එකී පාප කර්මයට සම්මාදන් වීමට කලාකරුවන් ලෙස තමන්ටත් සිදුවූ බවත් ප්‍රවීන රංගන ශිල්පී නිරෝෂන් ඉලේපෙරුම මහතා පැවසීය.
ශිල්පී නිරෝෂන් ඉලේපෙරුම මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ, ඉරිදා (02) අනුරාධපුර උදය මාවත ප්‍රජා ශාලාවේදී පැවති "United Youth" සංවිධානය මගින් සංවිධානය කෙරුණු ජන හමුවක් අමතමිනි.
දැන්වීම
මෙම අවස්ථාවට "United Youth" සභාපති සුදත් චන්ද්‍රසේකර, ජාතික සංවිධායක රංගන ශිල්පි අර්ජුන කමලනාත්, අධ්‍යක්ෂ ජෙනරාල් අංසක රත්නායක සහ කාන්තා අංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් රංගන ශිල්පිණි ශෂිකලා හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීහූ සහභාගී වී සිටියහ.
එහිදි වැඩි දුරටත් අදහස් දැක්වූ ප්‍රවීණ රංගන ශිල්පී නිරෝෂන් ඉලේපෙරුම මහතා මෙසේ ද කීය.
“අද අපිට සියලු දේවල් අමතක කරලා හිතන්න වෙලා තියෙන්නේ, රට ගැන, අපේ අනාගතය ගැන, මේ දරුවන්ගේ අනාගතය ගැන. අපේ දරුවො තමයි අපේ රටේ අනාගතය. ඒගොල්ලන්ට අනාගතය ගැන හිතන්න බැරි තත්ත්වයකට මෙරට පත්කලා. කලාකාරයෙන් විදිහට අපිටත් සිද්ධ වුනා ඒ පාප කර්මයට සම්මාදන් වෙන්න.
සමහර අවස්ථාවලදී එක් එක් නායකයන් වෙනුවෙන් අපිත් කඩේ ගියා ඔවුන් කියපු දේවල් විශ්වාස කරලා. අපි පිළිගන්නවා අපි කියපු සමහර දේවල් ඇත්ත වුණා, තවත් අවස්ථා වලදි බොරු වුණා. අපිත් සිංහයෝ කියලා හිතාගෙන හිටපු සමහර නායකයින් නරියන් කියලා තේරුම් ගන්න කොට රටට වෙන්න තියෙන විපත සිදුවෙලා ඉවරයි. අපිත් රැවටුනා. ඔබත් රැවටුනා. රට බංකොලොත් වුනා.
ඒත් තවදුරටත් රැවටෙන්න ඕනේ නැහැ කියලා අපි කල්පනා කරන්න අවශ්‍යයි. මොනවා කරන්නත් දැන් ජීවත් වෙන්න ඕනේ. පහුගිය කාලේ ජීවත් වෙන්න කොහොමද කියලා හිතන්නත් බැරි තත්වෙකට රට කඩන් වැටුණා. අපිට අපේ අනාගතය ගැන එදිනෙදා ජීවිතය ගැන ලොකු බයක් තිබුණා. එදා වේල කන්නේ කොහොමද? ගෑස් ටිකක්, ඩීසල් භූමිතෙල් ටිකක්, එක වේලක් හරි කන්න යමක් හොයා ගන්නේ කොහොමද? වගෙ ප්‍රශ්න වැලකින් අපි මිරිකිලා හිටියා. අපි එවැනි අමාරුකම් නිසා තමයි ජීවත්වීමේ අයිතිය ඉල්ලාගෙන පාරට බැස්සේ. වාසනාවට විශ්ව කර්මයෙක් අපිට පහළ වුණා. මම හිතන්නේ විශ්ව ශක්තිය කියන්නේ එක වෙන්ඩ ඇති.
ජාතික ලැයිස්තු ආසනයක් අරං පාර්ලිමේන්තු හිටපු එකම මංත්‍රීවරයාව රටේ ජනිධිපති කරලා රට එතුමට කියලා බේරලා දුන්නේ විශ්ව ශක්තියකින් කියලා මම විශ්වාස කරනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමාව රටේ ජනාධිපති කලේ විශ්ව කර්මයකින් කියලා අපි විශ්වාස කරනවා.
අද අපිට හුස්මක් අරන් ජීවත් වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. මම ජීවිත කාලයටම රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඡන්දයක් නම් දීලා නෑ. නමුත් මම ප්‍රථම වතාවට මගේ ඡන්දය ඉදිරි ජනාධිපතිවරණයේදි දී එතුමා වෙනුවෙන් පාවිච්චි කරනවා. ඒ වෙන කිසිවක් නිසා නෙමේ, කලගුණ සැලකීමක් විදියට අපිට කන්ඩ, හුස්ම ගන්න අවස්ථාක් ලබා දුන්නට..
අපි මනුස්සයෝ විදියට ඒ උත්තම යුතුකම ඉෂ්ට කරන්න ඕන. එමනිසා මම මගේ ඡන්දය මේ පාර එතුමාට දෙනවා කියලා ප්‍රසිද්ධියේම කියනවා. දැන් ඇවිල්ලා බයිලා කිව්වට, අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේ කරන්න බැරි නම් එවැනි නායකයින්ගෙන් රටට වැඩක් නෑ, අපේ හිටියේ හොඳම කලකාරයෙක් තමයි විජය කුමාරතුංග කියන්නේ. හිතක් පපුවක් නැති කාලකණ්නි ජේ.වී.පි. කාරයෝ විජයව වෙඩි තියලා මරලා දැම්මා. මොකක්ද එතුමා කරපු කරපු රටට කරපු වරද. සාපය මොකද එතුමා කරපු. ඇයි මේ වගේ හිටපු අපේ රටේ හොඳම කලාකාරයාව මහපාරේ වෙඩි තියලා මරලා දැම්මේ. ඇයි සාගරිකා ගෝමස්ව වෙඩි තියලා මරලා දැම්මේ? කොහොමද මේ මිනිමරුවෝ ප්‍රේමකීර්ති ද අල්විස් වැනි මාධ්‍යවේදියෙක්ව මරලා දැම්මේ?
මේ වගේ කලාකාරයෙන් කී දෙනෙක් මැරුවද? හාමුදුරුවරු කී නමක් මැරුවද? රාජ්‍ය දේපළ කොච්චර ගිනි තිබ්බද? එහෙනම් අපිට පුළුවන්ද මිනි මරුවන්ට ඡන්දය දෙන්න කියලා ඉල්ලන්න පුළුවන්ද? අතීතය අමතක කරන්න පුළුවන්ද? ආපහු මිනීමරු සංස්කෘතිය රට ඇති කරන්න කවදාවත් ඉඩ දෙන්නෑ අපි ඒකට විරුද්ධව නැගී සිටින්න ඕනේ”.
