මිනිස් පරිභෝජනයට නුසුදුසු “මිල්කෝ” කිරිපිටි තොගය ගැන පරීක්ෂණයක් ඕනෑ..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

කිරිපිටි ටොන් 15ක් මිනිස් පරිභෝජනයටම දුන්නා දැයි සැක..! මිනිස් පරිභෝජනයට නුසුදුසු කිරිපිටි තොගයක් “මිල්කෝ” සමගම විසින් සත්ව ආහාර සඳහා අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම විධිමත් සහ පුළුල්…
කිරිපිටි ටොන් 15ක් මිනිස් පරිභෝජනයටම දුන්නා දැයි සැක..!
මිනිස් පරිභෝජනයට නුසුදුසු කිරිපිටි තොගයක් “මිල්කෝ” සමගම විසින් සත්ව ආහාර සඳහා අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම විධිමත් සහ පුළුල් පරීක්ෂණයක් පැවැත්වීමට අවශ්‍ය කටයුතු යෙදීමට ජනාධිපතිවරයා ක්‍රියා කළ යුතු යැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් කුලියාපිටියේදී අත්අඩංගුවට ගත් මිනිස් පරිභෝජනයට නුසුදුසු කිරිපිටි ෙතාගය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත් වන ලෙස අප රජයෙන් ඉල්ලා සිටිමු.
මිල්කෝ සමාගම විසින් මිනිස් පරිභෝජනයට නුසුදුසු සත්ව ආහාර සදහා නිකුත් කර තිබුණු එම කිරිපිටි තොගයෙන් ටොන් 200 ක් අදාළ සමාගම විසින් මිලදී ගෙන තිබූ අතර එම කිරිපිටි තොගයෙන් ටොන් 15 කට සිදු වූයේ කුමක්දැයි තවමත් සොයා ගෙන නැති අතර වෙළදාමට සම්බන්ධ ඇමතිවරයෙකුගේ සොහොයුරෙකු අදාළ සිදුවීමට සම්බන්ධ බවට අප සංවිධානය වෙත තොරතුරු වාර්තා වෙමින් පවතී. පරිභෝගික කටයුතු අධිකාරිය විසින් වැටලීම කරද්දී අදාළ සමාගම එම කිරිපිටි මනුෂ්‍ය පරිභෝජනය සදහා අලෙවි කිරීම සදහා සුදානම් කරමින් තිබී ඇත.
1980 අංක 26 දරන ආහාර පනතේ පස් වන (5) වගන්තියට අනුව මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර විකිණීම සදහා ප්‍රධාන ආහාර බලධාරියාගේ නිසි අවසරය ලබා ගත යුතුය. අප සංවිධානයට ලැබී ඇති තොරතුරුවලට අනුව අදාළ කිරිපිටි තොගය වෙළදුන්ට විකිණිම සදහා නිසි ටෙන්ඩර් ක්‍රියාපටිපාටියද අනුගමනය කර නැත. තවද සත්ව ආහාර සදහා මිනිස් පරිභෝජනයට නුසුදුසු කිරිපිටි මීට පෙර අලෙවි කිරීමේදී එම කිරිපිටිවල පාට වෙනස් වන ලෙස “ඩයි” කවලම් කර විකුණා ඇති අතර මෙම කිරිපිටි තොගයේ එසේ පැහැය වෙනස් කොට නොමැත.
ඒ අනුව පෙනී යන්නේ කූට ව්‍යාපාරිකයින්ට පාරිභෝගිකයින් මුලා කිරීම සදහා මිල්කෝ සමාගමේ නිළධාරීන්ගේ සහයෝගය ලැබී ඇති බවයි.
ජනාධිපතිතුමනි,
හොරාගේ අම්මාගෙන් පේන අසන්නේ නැතිව මිල්කෝ සමාගම විසින් මිනිස් පරිභෝජනයට නුසුදුසු කිරිපිටි සත්ව ආහාර සදහා අලෙවි කිරීමේ සිදුවීම පිළිබදව වහාම කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කිරීමට නියෝග කරනලෙස අප සංවිධානය ඔබතුමාගෙන් ඉල්ලා සිටිමු.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1