අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මැලේසියානු මහකොමසාරිස්වරයා ජනපති හමුවෙයි

මැලේසියානු මහකොමසාරිස්වරයා ජනපති හමුවෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ මැලේසියානු මහකොමසාරිස් බද්ලි හිෂාම් බින් ඇඩම් (Badli Hisham bin Adam) මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (12) පස්වරුවේ සිදු විය. ශ්‍රී ලංකාව සහ…

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ මැලේසියානු මහකොමසාරිස් බද්ලි හිෂාම් බින් ඇඩම් (Badli Hisham bin Adam) මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (12) පස්වරුවේ සිදු විය.

ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර පවතින සමීප සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව මෙහිදී දෙපාර්ශ්වයේම අවධානය යොමු විය.

විශේෂයෙන් මැලේසියාවේ සංචාරක, වෙළෙඳාම් සහ අධ්‍යාපන යන ක්ෂේත්‍රවල මෙන්ම මෑතකාලීනව අත්පත් කර ගත් ජයග්‍රහණවල අත්දැකීම් ශ්‍රී ලංකාව සමඟ බෙදා ගැනීමට සූදානම් බව මෙහිදී මැලේසියානු මහකොමසාරිස්වරයා සඳහන් කළේය.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගී වූහ.

ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1
බෙදාගන්න
මැලේසියානු මහකොමසාරිස්වරයා ජනපති හමුවෙයි | Lanka Newsweek