මැලේසියානු අගමැති නොමග යැවීමේ තැත වැරදියි

(රංජිත් ගුණවර්ධන) ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සදහා පසුගියදා පැමිණි මැලේසියානු අග්‍රාමාත්‍යවරයාට යාපනයට පැමිණ තම හමු වන ලෙසට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී .වි . විග්නේශ්වරන් මහතා ආරාධනා කර ඇත්තේ විදේශ…
(රංජිත් ගුණවර්ධන)
ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සදහා පසුගියදා පැමිණි මැලේසියානු අග්‍රාමාත්‍යවරයාට යාපනයට පැමිණ තම හමු වන ලෙසට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී .වි . විග්නේශ්වරන් මහතා ආරාධනා කර ඇත්තේ විදේශ කටයුතු අමාත්‍යංශය දැනුම්වත් කිරීමකින් තොරව බව වාර්තා වේ.
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට අවශ්‍ය වී තිබුණේ මැලේසියානු අග්‍රාමාත්‍යවරයාට උතුරු පළාතට පැමිණෙන ලෙස ආරාධනා කොට එම පළාතේ අඩුපාඩු පෙන්වා දීමට යැයි උතුරේ දේශපාලන ආරංචි මාර්ග පවසයි.
එහෙත් මැලේසියානු අග්‍රාමාත්‍යවරයා මේ පිළිබදව ශ්‍රී ලංකා බලධාරීන්ට දනුම් දි අති අතර ඒ අනුව මැලේසියානු අගමැතිවරයාව කොළඹදී හමුවීමට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට සිදුව තිබේ.