අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මැන්ඛුට් කුණාටුවෙන් 66ක් මරුට..!

මැන්ඛුට් කුණාටුවෙන් 66ක් මරුට..!

අග්නිදිග ආසියානු කලාපයට ඇතිවූ මැන්ඛුට් සුළිකුණාටුවෙන් පුද්ගලයන් 66 ක් ජිවිතක්ෂයට පත් වී ඇත. මෙම කුණාටුවෙන් පිලිපීන ජාතිකයන් 64 දෙනෙකු මියගොස් ඇති අතර කුණාටුවෙන් පිලිපීනය, හොංකොං සහ චීනයේ දකුණුදිග…

අග්නිදිග ආසියානු කලාපයට ඇතිවූ  මැන්ඛුට් සුළිකුණාටුවෙන්  පුද්ගලයන් 66 ක් ජිවිතක්ෂයට පත් වී ඇත.

මෙම කුණාටුවෙන් පිලිපීන ජාතිකයන් 64 දෙනෙකු මියගොස් ඇති අතර  කුණාටුවෙන් පිලිපීනය, හොංකොං සහ චීනයේ දකුණුදිග ප්‍රදේශයට දැඩි බලපෑමක් ඇති වී තිබේ.

කුණාටුව හේතුවෙන් ගුවන් ගමන් 800ක් පමණ අවලංගු කර ඇති අතර ධිවර බෝට්ටු 50,000ක් පමණ යළි කැඳවා ඇත.

මේ වන විට චීනයේ ජනාකීර්ණම පළාත වන ගුවාන්ග්ඩොන්ග් ආශ්‍රිත නගර හතකින් පුද්ගලයින් මිලියන 2 දශම 7ක් ඉවත් කර ඇති බව විදේශ මාධ්‍ය සඳහන් කරයි.

 සුළිකුණාටුව මේ වන විට පැයට කිලෝමීටර් 162 ක වේගයකින් හමායන බව එරට කාලගුණ වාර්තාවල සඳහන් ය.මැන්ඛුට් සුළිකුණාටුව, ලබන අඟහරුවාදා වන විට අවපීඩන තත්ත්වයක් දක්වා දුර්වල වනුඇති බවට් එරට කාලගුණ වාර්තාවල සඳහන් වේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
මැන්ඛුට් කුණාටුවෙන් 66ක් මරුට..! | Lanka Newsweek