මැති ඇමතිවරුන් 92ක් නිල නිවාසවලට පොලු තියලා

මැති ඇමැතිවරුන් අනූ දෙදෙනෙකු සිය නිල නිවාස වෙනුවෙන් රුපියල් කෝටියකට ආසන්න මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. ඒ මුදලින් රුපියල් ලක්ෂ පනස් දෙකකට වැඩි මුදලක්…
මැති ඇමැතිවරුන් අනූ දෙදෙනෙකු සිය නිල නිවාස වෙනුවෙන් රුපියල් කෝටියකට ආසන්න මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
ඒ මුදලින් රුපියල් ලක්ෂ පනස් දෙකකට වැඩි මුදලක් 2012 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා මැති ඇමැතිවරුන් හැත්තෑ දෙදෙනකුගෙන් අය නොවී පවතින ශේෂය බවද එම වාර්තාවේ දැක්වේ.
මේ අතර සමුළු සහ කැප්පිටිපොල නිවාස සංකීර්ණවලින් නිවාස ලබා ගත් 97 දෙනකුගෙන් රුපියල් පනස් ලක්ෂයකට ආසන්න මුදලක් පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වෙනි දිනට අය විය යුතුව තිබූ බව විගණන අංශ පවසයි.
ඒ අතරින් ජයවඩනගම මන්ත්‍රී නිවාසවල පදිංචිව සිටි විසි හතර දෙනකුගෙන් 2021 වර්ෂයේ දී අය විය යුතුව තිබූ මුදල රුපියල් කෝටියකට ආසන්නය. එසේම 2012 වර්ෂයට පෙර සිට 2020 වර්ෂය දක්වා විසි එක් දෙනෙකුගේ ණය නොවී පවතින ශේෂය රුපියල් අසූ අට ලක්ෂයක් බව විගණන කාර්යාලය පවසයි.