මැතිවරණ ප්‍රචාරයට පාර්ලිමේන්තුවත් යොදා ගත්තා..!

පාර්ලිමේන්තු විවාදය ජනතාවගේ තීන්දුවට බලපෑම්ක් (සුජිත් මංගල ද සිල්වා) මහා බැංකු බැඳුම්කර ගනු දෙනුවට අදාළව කරුණු විමර්ශනය කළ ජනාධිපති විශේෂ විමර්ශන කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් විවාද කිරීම සඳහා පළාත්…
පාර්ලිමේන්තු විවාදය ජනතාවගේ තීන්දුවට බලපෑම්ක්
(සුජිත් මංගල ද සිල්වා)
මහා බැංකු බැඳුම්කර ගනු දෙනුවට අදාළව කරුණු විමර්ශනය කළ ජනාධිපති විශේෂ විමර්ශන කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් විවාද කිරීම සඳහා පළාත් පාලන මැතිවරණ උණුසුමේදීම පාර්ලිමේන්තුව කැඳවන ලෙසට ශ්‍රී ලංකා නිහා පක්ෂය ඉල්ලා සිටියේත් එකසත් ජාතික පක්ෂය ඊට එකඟ වූයේත් දේශපාලන අරමුණු ඇතිව යැයි විද්වත්හූ පෙන්වා දෙති.
මේ විවාදය සඳහා මේ මොහොතේ මෙසේ පාර්ලිමේන්තුව කැඳවීමෙන් පළාත් පාලන මැතිවරණයේදී ස්වාධීනව තීන්දුවක් ගැනීමට ජනතාවට තිබෙන අයිතියට විශාල බාධාවක් සහ බලපෑමක් සිදු වන බව නීතීඥ එස් ජී පුංචිහේවා මහතා අවධාරණය කළේය.
දැන්වීම
මේ අනුව පැහැදිලි වන්නේ පාලකයින් සිය මැතිවරණ ප්‍රචාරක වැඩ කටයුතු සඳහා උත්තරීතර පාර්ලිමේන්තුව පවා ඉතා උපක්‍රමශීලී ලෙස පාවිච්චි කරමින් සිටින බව යැයි පෙන්වා දුන් එස් ජී පුංචිහේවා මහතා එමගින් පාර්ලිමේන්තුව හෑල්ලුවට ලක් වන බව ද සඳහන් කළේය.
දේශපාලන අරමුණක් ඇතිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ විවාදය ඉල්ලා සිටී අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂය එම ඉල්ලීම ප්‍රතික්ෂේප නොකර අදාළ විවාදය ලබා දුන්නේ ද දේශපාලන අරමුණක් ඇතිව බව බව ද එසේ නොකළා නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එම ක්‍රියාව පාව්ච්චි කරමින් දේශපාලන වශයෙන් වාසි ලබා ගන්න බව එක්සත් ජාතික පක්ෂය හොඳින්ම දැන සිටි බව ද හෙතෙම පැවසීය.
මේ අනුව පැහැදිලි වන්නේ මේ සියලු දෙනා මේ අවස්ථාවේදී ක්‍රියා කළේ මහජන මතය අනුව නොව සිය මතය අනුව මහජන මතය හැසිරවීමට බව ද එස් ජී පුංචිහේවා මහතා පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ විවාදය ඉල්ලා සිටි අවස්ථාවේ දී සියලු දෙනාම එකට එක්ව සාකච්ඡා කර කළ යුතුව තිබුණේ ජනතාවගේ පැත්තෙන් සිතා කරුණු කාරණා තේරුම් ගෙන පළාත් පාලන මැතිවරණයෙන් පසුව මේ විවාදය සඳහා දින නියම කර ගැනීම යැයි ද නීතීඥ එස් ජී පුංචිහේවා මහතා වැඩි දුරටත් අවධාරණය කළේය.