මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් පැෆ්රල් හා ජවිපෙ අතර සාකච්ඡාවක්

(හේමන්ත තුසිත කුමාර) පැෆ්රල් සංවිධානය හා ජනතා විමුක්ති පෙරමුණ අතර සාකච්ඡාවක් අද (05) පෙරවරුවේ බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණ. ශ්‍රී ලංකාවේ මැතිවරණ…
(හේමන්ත තුසිත කුමාර)
පැෆ්රල් සංවිධානය හා ජනතා විමුක්ති පෙරමුණ අතර සාකච්ඡාවක් අද (05) පෙරවරුවේ බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණ.
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය සංශෝධනයට අදාලව මෙහිදී කරුණු සාකච්ඡා කල අතර ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් පා.ම විජිත හේරත් හා හිටපු පා.ම ජවිපෙ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති යන මහත්වරුන් ඊට සහභාගී විය. පැෆ්රල් සංවිධානය නියෝජනය කරමින් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් වන ආචාර්ය ජෙහාන් පෙරේරා, ක්‍රිස්ටෝබල් සවරිමුත්තු, කේ.එන් ඩීන් හා නීති සම්බන්ධීකාරක ඉසුරු කරවිට යන මහත්ම මහත්මීන් සහභාගි වූහ.
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය සංශෝධනය සඳහා වන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට පැෆ්රල් සංවිධානය සිය යෝජනා ලබාදීමට මත්තෙන් මේ වන විටත් දේශපාලන පක්ෂ, විවිධ ක්ෂේත්‍රවල විද්වතුන් හා පුරවැසි කණ්ඩායම් සමග සාකච්ඡා ආරම්භකොට ඇති අතර එම සාකච්ඡා මාලාවේ තවත් එක් සාකච්ඡාවක් වශයෙන් මෙම සාකච්ඡාව පැවැත්වින.