අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මැතිවරණය කල් දැම්මොත් රට ගිනි ගනී

මැතිවරණය කල් දැම්මොත් රට ගිනි ගනී

පළාත් පාලන මැතිවරණය කුමන්ත්‍රණක්ලරී ලෙස කල් දැමීමට රජය ක්‍රියා කළ හොත් ඊට එරෙහිව නීතිමය සහ දේශපාලන පියවර ගන්නේ යැයි ද, එසේ මැතිවරණය කල් දැමුවොත් රටේ විශාල පිපිරීමක් ඇති වනු ඇතැයි ද විපක්ෂයේ ප්‍රධාන…

පළාත් පාලන මැතිවරණය කුමන්ත්‍රණක්ලරී ලෙස කල් දැමීමට රජය ක්‍රියා කළ හොත් ඊට එරෙහිව නීතිමය සහ දේශපාලන පියවර ගන්නේ යැයි ද, එසේ මැතිවරණය කල් දැමුවොත් රටේ විශාල පිපිරීමක් ඇති වනු ඇතැයි ද විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී අනතුරු ඇඟවීය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේ ද පැවසීය.

‘අලි අලි සබ්රි මහත්මයාගේ කතාව අහන් ඉන්න කොට මට පුදුම හිතුනා.දැන් එතුමා එකට වැඩ කරමු කිව්වට 20 සංශෝධනය හදනකොට මම සංශෝධන 25 ක් විතර දුන්නා එකට වැඩ කරන්න.නමුත් එතුමා පිළිගත්තේ නෑ.එදා මහ උජාරුවෙන් හිටියේ.ව්‍යවස්ථාවක් ගෙනාවා පාරලිමේන්තුව දන්නෙවත් නෑ.ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ නඩු කතා කර නීතිඥ මහත්තුරු එකතුවෙලා ව්‍යවස්ථාවක් හදලා පාර්ලිමේන්තුවේ කාරක සභාවටවත් දාන්න නැතුව පාර්ලිමේන්තුව ඉදිරිපත් කරා.

දැන්වීම

ගරු කතානායකතුමනි 20 වැනි සංශෝධනය හොඳ නම් ඇයි ඒක වෙනස් කෙරුවේ.මුළු අධිකරණයම පාවා දුන්නා.රාජ්‍ය ආයතන සියල්ල ජනාධිපතිවරයාට යටත් කෙරුවා.දැන් කතා කරනවා එකට වැඩ කරමු,සහයෝගයෙන් වැඩ කරමු කියලා.20වැනි සංශෝධනය ගෙනල්ලා මුළු රටම,රාජ්‍ය ආයතන සියල්ලම,ජනාධිපතිතුමාගේ හස්තය යටතට පත්කරා.වසර තුනක් මුළු රටම විනාශ කෙරුවා.රට බංකොලොත් කෙරුවා.

ගරු මූලාසනාරූඪ මන්ත්‍රී තුමනි මම මගේ වත්කම් transparency international වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කරල තියෙනවා.වෙන අය වගේ කතානායකතුමාට දීලා හංගගෙන නෑ.අද ඔය කෑ ගහන අය තමන්ගෙ වත්කම් ප්‍රසිද්ධ කරලා තියෙනවද?මම අභියෝග කරනවා තම තමන්ගේ වත්කම් වෙබ් අඩවියේ දාලා ප්‍රසිද්ධ කරන්න කියලා.

ගරු මන්ත්‍රීතුමනි ඊයෙ රජය වෙනුවෙන් උසාවියට ආපු නීතිඥ මහත්වරු මඟින් රජය උසාවියට කිව්වා මැතිවරණය වියදම් සඳහා මුදල් නෑ කියලා.උසාවිය කිව්වා ඇෆිඩවිට් එකක් ඉදිරිපත් කරන්න කියලා.රට බංකලොත් කරපු අය උසාවියට ගිහින් කිව්වා මැතිවරණයට සල්ලි නෑ කියලා.කුඩැල්ලෝ වගේ ඉන්න අය හරි නම් ඉල්ලා අස් වෙන්න ඕනේ.රටම විනාශ කරලා ලැජ්ජ නැතුව කූඩැල්ලෝ වගේ ආණ්ඩුවේ එල්ලිලා ඉන්නවා.ඉල්ලා අස්වෙන්න වහාම.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අත්හිටුවලා කාරක සභාවලට ආණ්ඩුවේ අය පත් කර ගත්තා.සහයෝගයෙන් වැඩ කරන්න එහෙමද?අරගලයෙන් පස්සෙ තමයි මේ ඔක්කොම එළියට ආවේ.කළු කෝට් ටයි දාගෙන තමන්ගේ පෞද්ගලික ලාභයට මුළු රටම විනාස කරන්න.අධිකරණය විනාශ කරන්න ,රාජ්‍ය පාලනය විනාශ කරන්න මේ සියලු දෙනා 20වැනි සංශෝධනයට අත් ඉස්සුවා.වසර තුනකට පස්සෙ ඇයි ඒක වෙනස් කෙරුවේ?

අද මේ පනත ගේන්නේ මැතිවරණය කල් දාන්න.මැතිවරණ වියදම් ප්‍රශ්නයක් නම්?මම අද උදෙත් විජේදාස රාජපක්ෂ මහත්මයා ගෙන් ඇහුවා එතුමා කෝප් සභාපති කාලේ ,මහින්ද රාජපක්ෂ මහත්මයා දැන්වීම් දාලා මිලියන 43ක් රූපවාහිනී ආයතනයට අද වෙනකන් ගෙවලා නෑ.මේවා තමා රට බංකොලොත් වෙන්න හේතු.මේ පනත ගෙනාවේ මැතිවරණය කල් දාන්නයි.අපි මේක අතහරින්නේ නෑ,මැතිවරණය කල් දැම්මොත් අපි නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා.ඒ වගේම මැතිවරණය කල් දැම්මොත් රටේ විශාල පිපිරීමක් ඇතිවෙන බව මම මේ අවස්ථාවේදී කියන්න කැමතියි‘
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
මැතිවරණය කල් දැම්මොත් රට ගිනි ගනී | Lanka Newsweek