අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මාළිමාව බලයට මෙතරම් කෑදරවීමේ මහා අනතුර..?

මාළිමාව බලයට මෙතරම් කෑදරවීමේ මහා අනතුර..?

කුඩ්ඩන්, හොරුන් හා මිණීමරුවන් සමග මාළිමාව යන අලුත් ගමන..? කොමසාරිස්වරු පරස්පර ක්‍රම වලට ක්‍රියා කිරීමෙන් රාජ්‍ය පරිපාලනය බිදවැටීම..? කොළඔදී ඡන්ද 1,20,000 ක් ලැබූ විපක්ෂය වෙනුවට 81,000 ක් ලැබූ…

කුඩ්ඩන්, හොරුන් හා මිණීමරුවන් සමග මාළිමාව යන අලුත් ගමන..?

කොමසාරිස්වරු පරස්පර ක්‍රම වලට ක්‍රියා කිරීමෙන් රාජ්‍ය පරිපාලනය බිදවැටීම..?

කොළඔදී ඡන්ද 1,20,000 ක් ලැබූ විපක්ෂය වෙනුවට 81,000 ක් ලැබූ මාළිමාවට පුරපතිකම..?

රූකඩයක්ව ක්‍රියාකොට හිරේ වැටෙනවිට කවුරුත් නැතිබව කොමසාරිස්වරිය අමතක කිරීම..?

තිස්ස දී බැරිවූ වැඩ මාළිමාව කොළඔදී පෙන්වන්නේ කෙසේද..?

හිරේ දාන්න ආ සිරිවර්ධනට උපහාර දීම මත මාළිමාව මහින්ද රනිල් ට වැදලා යන සයිස් එකක්..?

සැබෑ වැඩකරු සිරිවර්ධන ද රනිල් ද..?

ඇවිලෙන යුද්ධ ගැන ආණ්ඩුව උනන්දු නැත්තේ මසකට ඩො බිලියන 02 එකතු කිරීම සූදානම් නිසාද..?

(අශෝක ජයතුංග)

ගෙවුණු සතිය ද මාළිමාවට සුපුරුදු අපල ගෙනාවේය. කොළඔ ඇතුළු පළාත් පාලන පිහිටවීමට ගොස් ලැජ්ජාවීම ඊට හේතුවය.රාජ්‍ය පරිපාලන නිර්දේශ පසෙකලා කොළඔදී එම කොමසාරිස්වරිය කල දේ සීතාවකදී ගැස්සී අකුලා ගැනීමත් කඩුගන්නාවේ කොමසාරිස්වරිය නිර්දේශ මත සාධාරණව ක්‍රියා කිරීම තුළ මෙම නොගැලපීම් ඇතිවිය. එක් එක් කොමසාරිස්වරු එක එක විදියට ක්‍රියා කිරීම තුළ රටේ පරිපාල ව්‍යුහය ද ගෙඩි පිටින් උල්ලංඝනයවීම ඛේදවාචකයකි. කොළඔදී මාළිමාව ඡන්ද 81,000ක් ලබා ගනිද්දී විපක්ෂයට එක්ලක්ෂ විසිදාහකට ආසන්නව ලැබී තිබියදී පුරපතිකම සැකයට තුඩු දෙන ලෙස තීන්දුවීම මාළිමාව ලැබු ජයකට වඩා පරාජයකි.

කොළොන්නාවේ දී විපක්ෂය රහස් ඡන්දයකට විරුද්ධව පිටව යද්දී මාළිමාව බාගත් සජබ මන්ත්‍රී රැදී සිටීම තුළ ඔහු රටට එළිදරව් විය. ඔහුට පොලිස් ආරක්ෂාව යටතේ රැදී සිටින්නට ද සිදුව තිබේ.

ඉහළින් එන අණට ක්‍රියා කොට වැරදුන විට දඩුවම් විදින්නේ තමන් බව නිළධාරීන් රැසක් හිරගෙදර සිට නිදසුන් සපයා තිබියදී කොළඔ කොමසාරිස්වරිය දැඩි චෝදනා එන අයුරින් ක්‍රියා කිරීම ඇය විසින්ම වලේ වැටීමකි. ඇයට හා පුරපතිනියට එරෙහිව උසාවි යාම තත්වය තවත් ව්‍යාකූල කොට තිබේ.

දැන්වීම

කොළඹ දී කුඩ්ඩෙකුගේ ස්වාධීන කණ්ඩායමේ හා ජවිපෙම එදා කී රොඩුබොඩු වල සහාය ගත් බවට කියවෙන මාළිමාව ගාල්ල, මැදවච්චියේ දී පට්ට හොරුන් වන පොහොටිටුව හා හොර ඇන්ටිජන්ලා මෙන්ම සජබ සමග ද නැගෙනහිරදී මිණීමැරුම් චෝදනා මත හිරේ සිටින පිල්ලෙයාන් සමග ද පට්ට දූෂිත බව කී බදුරුදීන් ද කදුකරයේ සූරාකෑම ඇතුළු දැඩි චෝදනා වලට ලක්වූ තොණ්ඩමන්ලා සමග දීග යාම තුළ මාළිමාව පැවැති ආණ්ඩු වලටත් වඩා පහත් ප්‍රතිපත්ත මත ක්‍රියා කරන බවට එල්ල වන චෝදනාව බරපතලය. විපක්ෂයේ දී දරුණු ලෙස විවේචන කල ප්‍රතිපත්ති අද දෝතින්ම වැළද ගෙන ඔවුන් බලයට මෙතරම් කෑදරවීමට හේතුව කුමක්ද. රට හැදීම නොව උතුරු කොරියානු මෙඩලයේ තිරිසන් පාළනයක් ඇති කිරීම ද. එවැනි දැඩි බලපෑම් මධ්‍යයේ ද විපක්ෂය ආයතන රැසක බලය පිහිටවීම ආණ්ඩුවට එල්ලවූ දැඩි අනතුරකි.එම ආයතන වලට මුදල් දෙනවාද නැද්ද යන පැහැදිලි කිරීම දැන් ආණ්ඩුව පැත්තෙන් සිදුකල යුතුව තිබේ.

තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව හෝ දියුණු කරගත නොහැකිව මුල්වාරයේදීම වැටුණු පිරිසක් කොළඔ හා රට සුරපුරයක් කරන්නට කයිවාරු ගැසීම හා ඊට රැවටෙන පිරිසට බුදු සරණ බවට පළවූ සමාජ මාධ්‍ය ප්‍රහාරය ගැඔුරු කියවීමක් සහිත ආණ්ඩුව ද සිතට ගතයුතු මතවාදයකි.

"හිරේ දමන බව කියා පැමිණි සිරිවර්ධනට උපහාර දීම අනුව මුං යනකොට මහින්ද රනිල් ට දනගහල වැදල යන්නේ" ඒ රට කැළඔු තවත් සමාජ මාධ්‍ය මතවාදයකි.

සිරිවර්ධන හා රනිල් එකතුව රටේ සංචිත හා සංවර්දන වේගය ඉහළ දැමීය. සිරිවර්ධන - අනුර යුගයේ දැන් ඒ දෙකම වැටිලාය. ඒ තුළ වැඩකරු සිරිවර්දන ද රනිල් දැයි තේරුම් යයි. සිරා වැඩකරු නම් අනුරගේ කාලයේ ද එ්වා ඉහළ යායුතු වුවද සිදුව ඇත්තේ අනෙකකි.

ඉරාන ඊශ්‍රායල යුද්ධය ඇවිලී ඉන්දන ගෑස් හා නැව් ගාස්තු ඉහළයාම හා අපේ ශ්‍රමිකයන් ලක්ෂ ගණනකට රැකියා අහිමිවීම සිදු වුවහොත් ඇතිවන ව්‍යාකූලතාව ගැන ආණ්ඩුව කෙතෙක් දුරට කරුණු හදාරා තිබේදැයි පැහැදිලි නැත. ඩොලර් එකතුකර මසකට ඩො බිලියන 02 ක දැවැන්ත මුදලක් ජවිපෙ විදෙස් කාඩරය රටට ගෙන ඒමේ සැළසුම ක්‍රියාත්මක නම් එය රටට දිනුමකි.

- e කොළම -

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
බෙදාගන්න