මාලිමා රජයෙන් ගොවියාට ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිලි

- විපක්ෂ නායක චෝදනා කරයි - ගොවිතැනේ නියැලී සිටින ජනතාවට වත්මන් රජය ලබා දෙන්නේ කුඩම්මාගේ සැලකිල්ලක් බවත් අද රටේ දරු පරපුර, යොවුන් පරපුර, මව් පරපුරු බරපතළ පීඩනයකට අසහනයකට ලක්වන බවත් ගොවි ධීවර කම්කරු…
- විපක්ෂ නායක චෝදනා කරයි -
ගොවිතැනේ නියැලී සිටින ජනතාවට වත්මන් රජය ලබා දෙන්නේ කුඩම්මාගේ සැලකිල්ලක් බවත් අද රටේ දරු පරපුර, යොවුන් පරපුර, මව් පරපුරු බරපතළ පීඩනයකට අසහනයකට ලක්වන බවත් ගොවි ධීවර කම්කරු ජනතාවගේ අයිතිවාසිකම් මේ රජය උදුරා ගෙන ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කළේය.
විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැදවච්චිය ආසනයේ ඇලවක ප්‍රදේශයේ පැවැති සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධන ජන හමුවක් අමතමිනි.
එදා ගොවිතැනට ප්‍රමුඛස්ථානය ලබා දෙනවා කියා ජනතාවට පොරොන්දු රාශියක් ඉදිරිපත් කළත් මේ වන විට සමස්ත ජනතාවට වුණු පොරොන්දු සියල්ල මේ රජය අමතක කර ඇති බවත් 33%කින් විදුලි බිල අඩු කිරීම, වරායේ ගොඩබාන මිලට ඉන්ධන ලබා දීම, ලක්ෂ 12කට විට්ස් කාර් එකක්, අඩු මිලකට මෝටර්සයිකලයක් ලබා දෙනවා ආදී පොරොන්දු රැසක් දුන්නත් ඒ කිසිදු පොරොන්දුවක් අද ඉටු කර නැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ආණ්ඩුවේ ඇවිදින පුස්තකාලවලට ජනතා ගැටලුවලට විසදුම් දෙන්න බැරි වෙලා
මේ වන විට රටෙන් 30-40%ක් දුප්පතුන් බවත් කර්මාන්තශාලා අද වැසී ගොස් විදේශ රටවල ආරම්භ වීම නිසා රැකියා අහිමිවීම සිදුවන බවත් රටට සෘජු විදේශ ආයෝජන නොලැබෙන තැනට රට පත්ව ඇති බවත් මේ නිසා ලක්ෂ 220ක් ජනතාව අසරණ වී ඇති බවත් මේ වන විට රටේ වන අලි මිනිස් ගැටුම බහුල වුවත් ඇවිදින පුස්තකාල ඉන්න රජයටවත් එය පාලනය කරන්න විසඳුම් දෙන්න නොහැකි වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.