අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මාලිමාව රාජ්‍ය නිළධාරීන්ගේ කොදු කඩන හැටි

මාලිමාව රාජ්‍ය නිළධාරීන්ගේ කොදු කඩන හැටි

මාලිමාවේ අයවැය දෙවෙනිවර කියවීම වැඩි ඡන්ද 118 කින් සම්මත වුනා.තුන්වෙනි වර කියවීමත් ආණ්ඩුවට ගේමක් නැතිව සම්මත කරගන්න පුළුවන්.රටේ රාළ මේ අයවැය සම්බන්ධව දිගටම කිව්වේ මේක අනුරගේ දේශපාලන පැවැත්ම තීරණය කරන…

මාලිමාවේ අයවැය දෙවෙනිවර කියවීම වැඩි ඡන්ද 118 කින් සම්මත වුනා.තුන්වෙනි වර කියවීමත් ආණ්ඩුවට ගේමක් නැතිව සම්මත කරගන්න පුළුවන්.රටේ රාළ මේ අයවැය සම්බන්ධව දිගටම කිව්වේ මේක අනුරගේ දේශපාලන පැවැත්ම තීරණය කරන අයවැයක් කියලයි.අනුර 2029දී ගෙදර යනවද නැත්තං 2027දී ගෙදර යනවද කියලා තීරණය වෙන්නේ මේ අයවැයෙන්.ඒකයි රටේ රාළ කියන්නේ 2026 අර්බුධකාරී සහ 2027 පෙරලිකාරී කියලා.

2026 අයවැය දිහා බැලුවොත් මේ අයවැය ගොඩක් දුරට සමපාත වෙන්නේ ගිය අයවැයෙන් අනුර බැරිවුන රටේ තිරසර සංවර්ධනයකට පදනම දාන අයවැයක් විදිහට නෙවෙයි.මේ අයවැයෙන් පදනම දාන්න හදලා තියෙන්නේ ටිල්වින්ගේ තනි පක්ෂ පාලනයට රට ගෙනියන දිසාවට අවශ්‍ය පදනම දාන්න.මේ අයවැය ඇතුලේ ලොකුවටම සමාජ අවධානයට ලක්වෙලා තියෙන්නේ ඩබල් කැබ් කතාව.ඇත්තටම ඒකත් පැලවත්තට ලොකු කොමිස් එකක් ගන්න ගමන් ටිල්වින්ගේ තනි පක්ෂ පාලනයට යන ගමන වෙනුවෙන් ජවිපෙ කාඩර්වරුන්ට යටිතල පහසුකම් සපයාදීමක්.

ඒ විතරක් නෙවෙයි මේකේ තවත විශාල මුදල් ප්‍රමාණයයක් ජවිපෙ දේශපාලනය වෙනුවෙන් වෙන් කරන ව්‍යාපෘති තියනවා.එකක් ප්‍රජා ශක්ති නමින් එන ව්‍යාපෘතිය.අනික Clean Sri Lanka.ප්‍රජා ශක්ති ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් මිලියන 25000ක් යොදවලා තියනවා.ඒ කියන්නේ බිලියන 25ක්.මේ ව්‍යාපෘතියේ ප්‍රධාන දේශපාලන පරමාර්ථ දෙකක් තියනවා.ඒකක් ගමේ සියලුදේ මාලිමාවේ යටතට ගැනීම.අනික සමස්ථ රාජ්‍යය යාන්ත්‍රණය මාලිමාවේ මෙහෙයුමට යට කිරීමයි.

දැන්වීම

මීට කලින් මාලිමාවේ කොට්ඨාශ සභාව හරහා ගන්න හදලා අසාර්ථක වුන ගමේ බලය මේකෙන් මාලිමාවට එනවා.

දැනට පොලීසියේ කොන්ද කඩලා පොලිස් දෙපාර්තමේන්තුව මාලිමාවේ ශාඛා සමිතියක් කරගෙන තියනවා.ඒ වගේ මාලිමා රාජ්‍යය සේවයෙත් කොන්ද කඩලා රාජ්‍ය සේවයත් තවත් මාලිමාවේ ශාඛා සමිතියක් කරගන්නයි මේ හදන්නේ.ඔයාලා දන්නවා පහුගිය කාලේ මාලිමාවේ ආසන සංවිධායකවරු ප්‍රජා ශක්ති සමිති හද හදා ගියා.දැන් ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු යටතේ කොට්ඨාශ පදනම් කරගෙන ප්‍රජා ශක්ති සංවර්ධන කමිටු පිහිටවනවා.ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති වෙන්නේ මාලිමාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්.

එයා තමයි ප්‍රජා ශක්ති සංවර්ධන කමිටුවල සභාපතිවරු පත්කරන්නේ.එතකොට ඒ හැම ප්‍රජා ශක්ති සංවර්ධන කමිටුවකම සහාපති විදිහට පත්වෙන්නේ ජවිපෙ ඒ කොට්ඨාශයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී.ඒකොට්ඨාශයේ මන්ත්‍රීවරයෙක් නැත්තං මැතිවරණයට ඒ කොට්ඨාශයෙන් තරඟ කරපු අපේක්ෂකයා.නැත්තං ජවිපෙ සංවිධායකයා සභාපති කරලා දානවා.දැන් ගොඩක් තැන්වල සභාපතිලා පත්කරලා පත්වීම් ලිපි දීලත් ඉවරයි. ඊට පස්සේ එයා සමාජිකයන් 25 ක් ඉන්න ගමේ ප්‍රජා ශක්ති කමිටුවේ මූලිකයා බවට පත් වෙනවා.

ඒ කොට්ඨාශයට අයිති සියලුම රජයේ නිළධාරීන් අර කම්ටුවේ සාමාජිකයන් බවට පත්කරනවා.

ප්‍රදේශයේ ආර්ථික සංවර්ධන නිළධාරියා ඒ කමිටුවේ ලේකම් බවට පත්කරනවා.ග්‍රාම නිලධාරි,සමෘධි නිලධාරී.කෘ.ප.නි,ස,පවුල් සෞඛ්‍ය නිලධාරී,විදුහල්පති....ඇතුළු සියලු දෙනා ඒ කම්ටුවේ සාමාජිකයන් බවට පත්වෙනවා. විසිපස් දෙනාට ඕනි අනිත් ටික පත්කර ගන්නේ ඒ කම්ටුවේ සභාපතිගේ මූලිකත්වයෙන් හැදෙන කමිටුවකින් අයදුම්පත් කැදවලා.එතකොට එතනට එන්නේ තවත් ජෙප්පෝ ටිකක්.දැන් මෙතන හැදෙනවා ජෙප්පන්ගේ බලය සහිත රාජ්‍ය නිලධාරීන් යට කරගත්ත නිල කමිටුවක්.

ඒ කම්ටුවේ සභාපති යටතට තමයි සම්පුර්ණ බලය එන්නේ.සංවර්ධනය සැලසුම්,හදුනා ගැනීම සහ ක්‍රියාත්මක කිරීම එන්නේ සභාපති යටතට. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා එන ප්‍රතිපාදන,ප්‍රාදේශීය සභාව,පලාත් සභාව හරහා එන ප්‍රතිපාදන එන්නේ ඒ කම්ටුවට.එතකොට එතන ක්‍රියාත්මක වෙන්නේ මාලිමාවේ අභිමතය. ඇත්තටම මෙහෙම නීත්‍යානුකූල යාන්ත්‍රණයයක් නෑ.හැබැයි මේ කමිටුවේ ඉන්න සභාපති සහ ලේකම්ට රාජ්‍ය මුදල් භාවිතා කරන්න බලය හම්බවෙනවා.

ඒකේ නීත්‍යානුකූලභාවය පැහැදිලි නෑ.මේ අනීතික ක්‍රියාවලියට එරෙහිව කවුරු හරි නඩු ගියොත් ගොඩක් වෙලාවට බෙල්ල මුලින් හිරවෙන්නේ අර ආර්ථික සංවර්ධනය නිලධාරියා.මාලිමාවේ පාර්ලිමේන්තුවේ ඉන්න මල් පැල 159 ය ගැන අපිට දැන් හොඳ අත්දැකීමක් තියනවා.නියම බොරුකාරයෝ 159ක්.මේ කාලය ඇතුලේ එයාලා මේ රටට එකතු කරපු දෙයක් නෑ.ඇත්තටම 159 දෙනාගේ නඩත්තුව වෙනුවෙන් දරපු සහ තවමත් දරන ජනතාවගේ බදු මුදල් අපරාධි.ඊට වඩා මෙලෝම දෙයක් දන්නේ නැති නිකම්මු ටිකක් අතට ප්‍රජා ශක්ති හරහා ගමේ බලය යනවා.

ඒ එක්කම බිලියන 25 ක ප්‍රතිපාදන වෙන් වෙනවා. ඒ වගේ රට පුරා කොට්ඨාශවල ප්‍රජා ශක්ති කමිටු සභාපතිවරුන් යටතට රාජ්‍ය නිලධාරීන් පත් කරනවා.අඩුම ගානේ ඒ 25 දෙනාගේ නිලධාරීන් නොවන අය ගමේ ඡන්දයකින් පත්වෙනවා නම් ඒත් කමක් නෑ.මේකෙන් රටේ අණ පනත්,මූල්‍ය රෙගුලාසි සියල්ල උල්ලංඝනය වෙනවා.රාජ්‍ය සේවයේ පෞරුෂය බින්දුවටම වැටෙනවා.රාජ්‍ය සේවය ගැන හයක් හතරක් නොදන්නා තොත්ත බබෙක් යටතට රාජ්‍ය සේවය පතවෙනවා.

ඇත්තටම ජවිපෙ දිර්ඝ කාලින උපක්‍රමය තවමත් පැහැදිලි නැති රාජ්‍ය නිලධාරීන්ට දැන් වැඩේ පැහැදිලි ඇති.මේ කරන්න හදන්නේ ටිල්වින්ගේ තනි පක්ෂ පාලනයට යන ගමනේ තවත් අදියරක් සම්පුර්ණ කිරීමයි.ඒ කියන්නේ එයාලගේ එකම ඉලක්කය රාජ්‍ය බලය අත්පත් කරගැනීමයි.කොයි වෙලාවක හරි එයාලට පුළුවන් පවතින රාජ්‍ය යාන්ත්‍රණය අහෝසි කරලා අර ප්‍රජා ශක්ති යාන්ත්‍රණය එතෙන්ට ආදේශ කරන්න.මේ පූජා ශක්ති කමිටු ප්‍රාදේශීය සමිබන්ධීකරණ කමිටු හරහා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවටත්,ඒ හරහා ජනාධිපති ලේකම් කාර්යාලයටත් ගැට ගැහෙනවා.

ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉන්න ප්‍රජා ශක්ති ජවිපෙ අධ්‍යක්ෂ මණ්ඩලය ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඉන්න නිලධාරීන්ට බලපෑම් කරමින් එයාලා මේ ක්‍රියාවලියට යටත් කරමින් ඉන්නවා. රටේ රාළ කියන්නේ මෙච්චරයි.රාජ්‍ය සේවය ස්වාධීන කරනවා වෙනුවට රාජ්‍ය සේවය මාලිමාකරණය කිරීම ආරම්භ කරලා තියනවා. හැබැයි මේ ගැන රාජ්‍ය සේවය අද නිහඩයි. ඇත්තටම එයාලා බයයි.හැබැයි බොරු බිල්ලෝ මවාගෙන මෙයාලට යටත් උනොත් රාජ්‍ය සේවයත් මාලිමාකරණය උන තවත් මාලිමාවේ ශාඛා සමිතියක් බවට පත්වෙනවා.

රටේ රාළට මේ තරම් තර්ජන තියෙද්දිත් මේ අනතුරු ඇඟවීම් කරන්නේ අපේ රටේ ජනතාවගේම ඇස් පෑදෙයි කියලා බලාපොරොත්තුවෙන්.තවත් ඔයාලා නිදාගන්නවා කියලා කියන්නේ මාලිමාවේ තක්කඩ් වැඩවලට එරෙහිව කතා කරන කීපදෙනාත් ටිල්වින්ගේ ආවා කල්ලියේ බිලි බවට පත්වෙනවා විතරයක් නෙවෙයි.ඇත්තටම රටේ රාළ මේ අවධානම ගන්නේ ඒ ඉරණම ගැන නොදැන නෙවෙයි.හැබැයි අපේ රටට අත්වෙන්න යන ඉරණම පෞද්ගලිකව රටේ රාළට අත්වෙන්න යන ඉරණමට වඩා භයානක හින්දයි.

- රටේ රාළ -

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 4
බෙදාගන්න