මාලිමාව ඇතුලේ වර්තමාන තත්වය

මාලිමා ආණ්ඩුව ඇතුලේ නිර්මාණය වෙලා තියන බල අරගලය ගැන රටේ රාළ අවස්ථා ගණනාවකදී කතා කළා.ගොඩක් දෙනෙක් ඒ බල අරගලය කොටස් දෙකට බෙදුවා.ඒ පැලවත්ත පාර්ශවය සහ මාලිමා පාර්ශවය විදිහටයි.හැබැයි රටේ රාළගේ බෙදීම උනේ…
මාලිමා ආණ්ඩුව ඇතුලේ නිර්මාණය වෙලා තියන බල අරගලය ගැන රටේ රාළ අවස්ථා ගණනාවකදී කතා කළා.ගොඩක් දෙනෙක් ඒ බල අරගලය කොටස් දෙකට බෙදුවා.ඒ පැලවත්ත පාර්ශවය සහ මාලිමා පාර්ශවය විදිහටයි.හැබැයි රටේ රාළගේ බෙදීම උනේ එහෙම නෙවෙයි.රටේ රාළ මාලිමාවේ බෙදීම පාර්ශව හතරකට බෙදුවා.මාලිමාව පාර්ශවයේ කොටස් දෙකයි.ඒ අනුර පාර්ශවය සහ හරිනි පාර්ශවය.ඊළඟට පැලවත්ත පාර්ශවයෙත් කොටස් දෙකයි.
ඒ අනුර පාර්ශවය සහ ටිල්වින් පාර්ශවය.මෙතන විශේෂ උනේ ටිල්වින් පාර්ශවයට ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අඩුවුනත් ජවිපෙ සංවිධාන යාන්ත්‍රණය ටිල්වින් යටතේ තිබීමයි.පිලිවෙලින් ගත්තොත් මාලිමා සන්ධානය ඇතුලේ ඉන්න පාර්ශවය හතර බල කණු තුනක් වටේට පෙල ගැහිලා ඉන්නවා.සමහරු කෙලින්ම තමන්ගේ පාර්ශවය වෙනුවෙන්ම පෙනී ඉන්නවා. සමහරු අභයන්තරිකව තමන්ගේ පාර්ශවය වෙනුවෙන් පෙනී ඉන්නවා.
මේ පාර්ශවය තුනෙන් බලවත්ම පාර්ශවය තමයි අනුර පාර්ශවය.මොකද මේ හැම පාර්ශවයේම අය අනුරත් එක්ක ඉන්න ඕනි.එයත් එක්ක වැඩ කරන්න ඕනි.එයා තමයි විධායක ජනාධිපති. ඊළඟට බලවත්ම පාර්ශවය තමයි පැලවත්ත පාර්ශවය නොහොත් ටිල්වින්ගේ පාර්ශවය.ඒකත් අනුර පාර්ශවය තරම්ම බලවත්,එකම වෙනස තියෙන්නේ ටිල්වින්ට විධායක බලය නොතිබීමයි. මේ සන්ධානයේ දුර්වලම පාර්ශවය තමයි හරිනි පාර්ශවය.ඔයාලා දන්නවා කතාවක් තියනවා මිටි තැනින් තමයි වතුර බහින්නේ කියලා.
දැන්වීම
මාලිමා සන්ධානයේ පහුගිය කාලය පුරාම වතුර බැස්සෙත් මිටි තැනින්.ටිල්වින් සහ අනුර පාර්ශවය එක පාරක් හරිනි පාර්ශවයේ අය හැදින්වූවේ පාපිසි කියලා.ඊට පස්සේ සුන්බුන් විදිහටත් හැදින්වුවා. අවස්ථාව දෙකක් හරනිගේ අගමැතිකම කඩා ගන්න හැදුවා.ඒ අවස්ථා දෙකේදීම ජවිපෙ පාර්ශව දෙක එක පැත්තක් වෙලා හරිනිට ගැහුවා.අනුරගේ සහ ටිල්වින්ගේ මෙරට සහ පිටරට ඩෝබිලා හරිනිට දෙමව්පියොත් මතක් කරකර ගැහුවා.ඒ තමයි ජෙප්පාගේ හැටි.ඕඩරය ආවොත් අම්මා තාත්තට උනත් ගහනවා.
හරිනි අගමැතිකම බේරගත්තේ ඉන්දියාවට සහ ඇමරිකාවට පින්සිද්ධ වෙන්න.හරිනිගෙන් අගමැතිකම ගලවලා බිමල්ට දෙන්න ටිල්වින් යෝජනා කළා.අනුරත් ඊට ලොකු විරෝධතාවයක් පෙන්නලා නෑ.සාමාන්‍යයෙන් අනුරගේ හැටි එහෙමයි,හිතන කෙනෙකුට හිතන දෙයක් හිතාගෙන ඉන්න ඇරලා අන්තිම මොහොතේ තමන්ගේ ගේම ගහනවා.මතකනේ හර්ෂණ සූරියප්පෙරුමගේ ජාතික ලයිස්තු පුරප්පාඩුවට අන්තිම මොහොතේ කැලණි බැචෙක් දාගත්ත හැටි.
එදා ඇමරිකාව සහ ඉන්දියාව බැහැලා හරිනි බේරගනිද්දී අනුර මාරු වුනා.ටිල්වින් හරිනිගේ කපන්න බැරි අත ඉබ්බා.බිමල් කිව්වේ හරිනි කියන්නේ අපට තියෙන සම්පත් දෙකෙන් එකක් කියලා.ටිලිවින් කිව්වේ හරිනි කීයටවත් අයින් කරන්නේ නෑ කියලා.ඊට පැය දෙක තුනකට උඩඩදී හරිනිට ගහන්න කියලා ජවිපෙ මඩ බලකායට අණ දුන්න ටිල්වින් යටතවුනේ එහෙමයි.හැබැයි ටිල්විල්ලා නොදන්න ගොඩක් දේවල් දැන්වෙලා ඉවරයි.මේ ආණ්ඩු ඇතුලේ බටහිර විරෝධීන් ඉන්න බවට රිපෝට් එකක් දැන් බටහිරට ගිහින් ඉවරයි.
එයාලා මක්ස්වාදීන් කියලත් කියලා හොයාගෙන ඉවරයි.ඔයාලා දකින්න ඇති පහුගිය දවසක ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාව සම්බන්ධ නිකුත්කල නිවේදනය.එයාලා කියලා තිබුණේය මාලිමා ආණ්ඩුවේ ඇතැම් නායකයින් බටහිර විරෝධීන් කියලා.මාක්ස්වාදීන් කියලා. එයාලා හරිනිට මාක්ස්වාදියෙක් කියන්නේ නෑ අනුරට මාක්ස්වාදියෙක් කියන්නෙත් නෑ.බටහිරට හතුරු මාක්ස්වාදී ලිස්ට් එකේ කවුද ඉන්නේ.රටේ රාළ කියන්න ඕනි නෑ ඒක ඕනි කෙනෙකුට හිතාගන්න පුලුවන්.
එක ටිල්වින්,දෙක බිමල්.තුන කවුද කියලා කියන්න බෑ.ටිල්වින් චීනේ ගිහින් ඇවිල්ලා ලෝකයටම ඇහෙන්න කෑගැසුවා " මම චීනේ ගියෝ " කියලා. හැබැයි අවුරද්දක් වෙනවා තවම සයිනෝපෙක් එක ගෙන්න ගන්න බැරිවුනා.චීනයට මාක්ස්වාදීන් උනත් වැඩක් නෑ වැඩ බැරි ටාසන්ලා.අනාගතය දකින්න බැරි 1917 ජීවත් වෙන ටිල්වින්ලා චීනයටත් වැඩක් නෑ.චීනයටත් වැඩක් නැති ටිල්වින් මෙහේ ඇවිත් කතා කළේ කොහොමද?අවුරුදු 20ක් මේක චීනය එයාලට අරන් දෙනවා වගේ.මේ හැම දෙයක්ම බටහිරට වාර්තාවෙලා ඉවරයි.
මේ ආණ්ඩුවේ රාජ්‍ය තාන්ත්‍රික කතාවක් කරන්න කෙනෙක් ඉන්නවද?එහෙම නායකයන් මොකටද ලෝකයට.ඔයිට වැඩිය හොඳ නායකයෝ හම්බ වෙන්න පුළුවන් ඉරිදාට දෙල්කද පොලට ගියහම. දැන් ආණ්ඩුවේ බලය අල්ලගෙන,අමාත්‍යාංශ පාලනය කරමින් මුල් දවස්වල හෙන සෙල්ලමක් දාපු පැලවත්තේ කණ්ඩායම අනුරටත් ලොකු ඇණයක් වෙලා.දැන් අනුර පෙන්නන්න හදන්නේ එයා පැලවත්තේ නෙවෙයි එයා වෙන වත්තක කියලා.ඒක නිසා අනුරට තමන්ගේ අත්දෙකෙන්ම පැලවත්තේ ගෙල සිදින්නවෙලා.
අනුරත් එකතු කරගෙන මාලිමාවේ හිරිනිගේ බෙල්ල කපන්න ගිය ටිල්වින්ට දැන් තමන්ගේ ගෝලයන්ගේ (බිමල්,එරංග) ගෙල අනුර සිඳදාලන හැටි බලා ඉන්නවෙලා.කරන්න දෙයක් නෑ.ටිල්වින් තුන් පැත්තකේන් හිරවෙලා.ඇමරිකාවේ මාක්වාදී තර්ජණයට බයවෙලා.අනිත් පැත්තෙන් චීනය ගණන් ගන්නෙත් නෑ.ඒ මදිවට අනුරටත් black mail වෙලා.පව් අසරණ ටිල්වින්.ටිල්වින්ලා මෙච්චර දවසක් යටකරගෙන හිටපු හරිනිව දැන් බටහිර විතරක් නෙවෙයි චීනයෙත් චොයිෂ් එකක්වෙලා. චීනයේ දින දෙකක රාජ්‍ය තාන්ත්‍රික සංචාරයකට හරිනිට අද පිටත්වෙලා ගියා.
ඒ ජාත්‍යන්තර කාන්තා සමුළුවක්.හරිනිට ඒකේ දේශනයක් තියනවා.සමුළුවෙන් පස්සේ හරිනි චීන ජන්ධිපති ෂී ජින් පින් සහ චීන අගමැති හම්බවෙනවා.එතනදී රටවල් දෙක අතර සහයෝගීතාවය,ආයෝජන, උපායමාර්ග වගේ දේවල් සාකච්ඡා කරන්න නියමිතයි.ඒ සංචාරයෙන් පස්සේ හරිනි එන්නේ ඉන්දියාවට.ඒ ඔක්තෝබර් 17 සහ 18 දිනවල නවදිල්ලියේදී පැවැත්වීමට නියමිතය.2025 - ND TV ආයතනය මෙහෙයවන ගෝලීය සංවාදයට සහභාගි වෙන්න.එතනත් හරිනිට දේශනයක් තියනවා.අගමැති මෝදී. එංගලන්තයේ සහ ඕස්ට්‍රේලියාව හිටපු අගමැතිවරු ඒ සුමුළුවට සහභාගී වෙනවා.
ඉන්දු පැසිපික් කලාපයේ දේශපාලන සහ ආර්ථික උපායමාර්ග ගැන එතන කතා කරනවා.අපිට ඉතාමත් වැදගත් සමුළුව දෙකක් ඒ දෙක.ඊට මේ ආණ්ඩුව ඇතුලේ යන්න සුදුසු එකම කෙනා හරිනි තමයි.හරිනිට මෙයාලා පහුගිය කාලය පුරාම රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම් කරන්න අවස්ථාව දුන්නේම නෑ.ඇත්තටම එහෙම කළේ කුහකකමට.දැන් හැබැයි හරිනිට අවස්ථාවක් ඇවිත් තියනවා.යම් විදිහකින් හරිනි සාර්ථක උනොත් ජාත්‍යන්තර වේදිකාවේ ශ්‍රී ලංකාවේ නායකත්වය හරිනිට එනවා.
අනුරත් සැහෙන පස්සට විසිවෙනවා.අනුරටත් එහෙම වෙනකොට ටිල්වින්ලා බිමල්ලා වාටියෙනුත් එහාට විසිවෙන්න පුළුවන්.හරිනිගේ මේ සංචාරයෙන් පස්සේ මාලිමාව ඇතුලේ තත්වය වෙනම කතාකරමු.