අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව සම්බන්ධ පනත සහ සියයට 15ක IT බද්ද ගැන විපක්ෂ නායකවරයා ප්‍රශ්න කරයි

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව සම්බන්ධ පනත සහ සියයට 15ක IT බද්ද ගැන විපක්ෂ නායකවරයා ප්‍රශ්න කරයි

ශ්‍රී ලංකාවේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් මගින් තහවුරු කර ඇති භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසට බාධාවන අයුරින් සම්මත කරන්න යෙදුනු මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය යන පනත සංශෝධනය…

ශ්‍රී ලංකාවේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් මගින් තහවුරු කර ඇති භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසට බාධාවන අයුරින් සම්මත කරන්න යෙදුනු මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය යන පනත සංශෝධනය කිරීම වත්මන් රජයේ මැතිවරණ ව්‍යාපාරයේ මූලික සටන් පාඨයක් වූ බවත් එසේම නවොත්පාදන හා උසස් ඩිජිටල් තාක්ෂණය උපයෝගී කර ගෙන ඩිජිටල් තාක්ෂණයක් හදුන්වා දීම රටේ ආර්ථික සංවර්ධන වැඩපිළිවෙලෙහි කොටසක් ලෙස සදහන් වී ඇති නමුත් යෝජිත ක්‍රියාමාර්ග හරහා එහි මූලික පරමාර්ථ සාධනය නොවන බව පෙනෙන්නට ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ස්ථාවර නියෝග 27 (2) යටතේ පාර්ලිමේතුවේ දී අඟහරුවාදා (04) සාක්කි-සාධක සහිතව ජනාධිපතිවරයා ප්‍රධාන ආණ්ඩුවෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරමිනි.

මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතභාවය සම්බන්ධ පනත සංශෝධනය කරන්නේ කවදාද කියා රජයෙන් ප්‍රශ්න කර සිටී විපක්ෂ නායක  සජිත් ප්‍රේමදාස මහතා වත්මන් ජනාධිපතිවරයා ප්‍රධාන ආණ්ඩුව විපක්ෂයේ සිටම ඊට විරුද්ධ වූ බව වැඩි දුරටත් පෙන්වා දුන්නේය. 

දැන්වීම

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය සම්බන්ධ පනත සංශෝධනය කරන තෙක් එම පනත මුලු‍මලින්ම බල රහිත කරන්නේද කියා දැන ගැනීමට අවශ්‍ය බව පැවසූ  සජිත් ප්‍රේමදාස මහතා ඒ සදහා ගෙන ඇති ක්‍රියා මාර්ග කවරේද කියා ද ආණ්ඩුවෙන් ප්‍රශ්න කළේය.

මෙම පනත යටතේ අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සහ බන්ධනාගාර ගත කර දඩුවම් කළ සැකකරුවන් සංඛ්‍යාව දැන ගැනීමට අවශ්‍ය බවත් මේ පනත භාවිත කර දේශපාලන පළි ගැනීම් අද වගේම එදාද සිදුවූ බවත් සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය. 

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට ගැසූ 15%ක බද්ද කොපමණ පිරිසකට බලපානවාද..?

යෝජිත ආදායම් බදු සංශෝධිත පනත මගින් තොරතුරු තාක්ෂණය හරහා උපයන විදේශ විනිමය සඳහා 15%ක බද්දක් 2025 අප්‍රේල් මාසයේ සිට පැනවීමට රජය යෝජනා කර ඇති බවත් මෙම බද්ද සේවා අපනයන ක්ෂේත්‍රයේ කොපමණ පිරිසකට බලපාන්නේද සහ  එම බද්දෙන් වාර්ෂිකව උපයන බදු මුදල කොපමණ ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් කියා සිටී සජිත් ප්‍රේමදාස මහතා කර්මාන්ත අමාත්‍යවරයා පවා මෙම බද්දට විරුද්ධ බවත් පෙන්වා දුන්නේය. 

මෙම බදු මුදල් විදේශ ප්‍රේෂණවලින් වෙන් කර හදුනා ගැනීමට රජයට ඇති වැඩ පිළිවෙළ වගේම මෙම බද්ද පැනවීම හරහා සමස්තයක් ලෙස ඩිජිටල් ආර්ථිකය සහ විකල්ප මුදල් විශුද්ධිකරණ ක්‍රම මත ඇති කරන උත්ප්‍රේරණ සම්බන්ධයෙන් රජය කර ඇති විශ්ලේෂණ සභාගත කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩි දුරටත් පෙන්වා දුන්නේය.
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව සම්බන්ධ පනත සහ සියයට 15ක IT බද්ද ගැන විපක්ෂ නායකවරයා ප්‍රශ්න කරයි | Lanka Newsweek