මානව අයිතිවාසිකම් කඩ කරන්න නොව ආරක්ෂා කරන්න කැපවිය යුතුයි

- විපක්ෂ නායක - මානව අයිතිවාසිකම් යන පුළුල් විෂය යටතේ මානව අයිතිවාසිකම් කඩ කරන්න නොව ආරක්ෂා කරන්න කැපවිය යුතු බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් මූලික අයිතිවාසිකම්වලට නව අර්ථ නිරූපණයක් සිදු වී එය…
- විපක්ෂ නායක -
මානව අයිතිවාසිකම් යන පුළුල් විෂය යටතේ මානව අයිතිවාසිකම් කඩ කරන්න නොව ආරක්ෂා කරන්න කැපවිය යුතු බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් මූලික අයිතිවාසිකම්වලට නව අර්ථ නිරූපණයක් සිදු වී එය පුළුල් විය යුතු බවත් ඒ සඳහා තරුණ ප්‍රජාව අත්වැල් බැඳගත යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අප රටේ මානව අයිතිවාසිකම සිවිල් අයිතිවාසිකම සුරක්ෂා කරන්න කටයුතු කළ යුතු බවත් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් යන මානව අයිතිවාසිකම්වලට ආර්ථික, සමාජීය, ආගමික, සංස්කෘතික, භූමියට ඇති අයිතිය, අධ්‍යාපනයට හා සෞඛ්‍යයට ඇති අයිතිය ද එක්විය යුතු බවත් මානව අයිතිවාසිකම් යනු සීමා නොකර පුළුල් ලෙස අර්ථ නිරූපණය කළ යුතු දෙයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සමාජ යුක්තිය කොමිසම (Social Justice Commission) විසින් කොළඹ JDA Perera කලාගාරයේ දී පවත්වනු ලබන "Act Now" වැඩසටහනේ දෙවන අදියරට අයත් "UNCOVER" ඡායාරූප ප්‍රදර්ශනය නැරඹීට එක්වීමෙන් අනතුරුව ය. ජූලි 16 සිට 20 දක්වා දිනවල මෙම ප්‍රදර්ශනය පැවැත්වෙන අතර මෙම ප්‍රදර්ශනය තුළින් ශ්‍රී ලංකාවේ සමාජ යුක්තිය හා මානව හිමිකම් සම්බන්ධ වැදගත් ගැටලු, ඡායාරූප සහ පුද්ගලික ජීවිත කතාන්දර ඔස්සේ ප්‍රේක්ෂකයන් වෙත ඉදිරිපත් කිරීම සිදු කරයි. විවිධ සමාජ කණ්ඩායම් මුහුණ දෙන අභියෝග සහ අසාධාරණතා පිළිබඳ ජනතාවගේ අවධානය යොමු කරමින් සංවේදී සංවාදයක් ඇති කිරීම මෙහි අරමුණ වේ.
Act Now ව්‍යාපෘතිය හරහා අප රටේ විවිධ කාලවල සිදුවූ සමාජ ඛේදවාචක ගැන වැදගත් විග්‍රහයක් සිදු කර ඇති බවත් විවිධ බලප්‍රදේශවල අයිතිවාසිකම් අහිමි වූ ජනතාව වෙනුවෙන් වැදගත් ඉදිරිපත් කිරීමක් සිදු කර ඇති බවත් අප රටේ කොන් වූ ජනතාව, මලයහම් ජනතාව, උතුරු නැගෙනහිර බල ප්‍රදේශයේ යුද්ධයෙන් පීඩාවට පත් ජනතාව සේම දකුණේ විවිධ ඛේදවාචක නිසා අසහනයට පීඩනයට ලක්වූ ජනතාවගේ අයිතිවාසිකම් ගැන මේ ප්‍රදර්ශනය තුළින් නැවත සාකච්ඡාවට ලක් කිරීම අගය කරන බවත් මෙහි දී වැඩිදුරටත් අදහස් පළ කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.