මාධ්‍ය වාරණය කිරීම රජයේ ප්‍රතිපත්තිය නොවෙයි
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(සුමුදු පෙරේරා) ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියට පිවිසීම ශ්‍රී ලංකාවේ තහනම් කිරීමේ සිද්ධියට ජනමාධ්‍ය අමාත්‍යංශයේ සහ රජයේ ප්‍රවෘති දෙපාර්තමේන්තුවේ කිසිදු සම්බන්ධයක් නැතැයි රජයේ වැඩ බලන ප්‍රවෘති අධ්‍යක්ෂ…
(සුමුදු පෙරේරා)
ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියට පිවිසීම ශ්‍රී ලංකාවේ තහනම් කිරීමේ සිද්ධියට ජනමාධ්‍ය අමාත්‍යංශයේ සහ රජයේ ප්‍රවෘති දෙපාර්තමේන්තුවේ කිසිදු සම්බන්ධයක් නැතැයි රජයේ වැඩ බලන ප්‍රවෘති අධ්‍යක්ෂ ජනරාල් නීතීඥ සුදර්ශන ගුණවර්ධන මහතා ලංකා නිව්ස් වීක් සමග පැවසීය. සිදුව තිබෙන්නේ කුමක්ද යන්න පිළබඳව ජනමාධ්‍ය අමාත්‍යංශය සහ රජයේ ප්‍රවෘති දෙපාර්තමේන්තුවද සොයා බලමින් සිටින බව පැවසූ සුදර්ශන ගුණවර්ධන මහතා ජනමාධ්‍ය වරණය කිරීම රජයේ ප්‍රතිපත්තිය නොවන බවද අවධාරණය කළේය.ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1