අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මාධ්‍යට උත්තර දෙන්න සාගල අලුත්ම ක්‍රමයක් සොයා ගනී..!

ගිංතොට සංසුන් - ජාතිවාදීන්ට රතු නිවේදන

ආරක්ෂක නිලධාරියාව තෝල්කයා කර ගෙන..! (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයේ උද්ගත වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් නිවැරදිව සහ වගකීමකින් යුතුව ප්‍රවෘත්ති වාර්තා කළ යුතු නිසා ඊට අදාළව නිල…

ආරක්ෂක නිලධාරියාව තෝල්කයා කර ගෙන..!

(සුජිත් මංගල ද සිල්වා)

එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයේ උද්ගත වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් නිවැරදිව සහ වගකීමකින් යුතුව ප්‍රවෘත්ති වාර්තා කළ යුතු නිසා ඊට අදාළව නිල තොරතුරු ලබා ගැනීමට අද (05) උදේ සිට අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ජංගම දුරකතනයට ඇමතුම් ලබා දුන් ජනමාධ්‍යවේදීන්ට අරුම පුදුම අත්දැකීමකට මුහුණදීමට සිදුව තිබේ.

ජනමාධ්‍යවේදීන් අදාළ ජංගම දුරකතනයට කතා කර සිය අනන්‍යතාව තහවුරු කරමින් සාගල රත්නායක ඇමතිවරයාට දුරකථනය ලබා දෙන ලෙසට ඉල්ලා සිටී අවස්ථාවේදී ඔහුගේ ආරක්ෂක නිලධාරියා අදාළ ජනමාධ්‍යවේදීන්ට දැනුම් දී තිබෙන්නේ ඇමතිවරයාගෙන් ඇසීමට තිබෙන ප්‍රශ්නය තමාට මුලින් ලබා දෙන ලෙසය.

දැන්වීම

එවිට එම ප්‍රශ්නය සාගල රත්නායක ඇමතිවරයාට යොමු කර ඊට පිළිතුරක් ලබා දිය හැකි අතර  අවශ්‍ය වුණොත් ඇමතිවරයාව ද සම්බන්ධ කළ හැකි බව ද එම ආරක්ෂක නිලධාරියා අදාළ ජනමාධ්‍යවේදීන්ට වැඩි දුරටත් දැනුම් දී තිබේ.

එහිදී ඇමැතිවරයාටයි ආරක්ෂක නිලධාරියාටයි පාඩමක් ඉගැන්වීම සඳහා ජනමාධ්‍යවේදීන් කර ඇත්තේ කිසිදු පදනමකින් තොර ප්‍රශ්න ගණනාවක් අදාළ ආරක්ෂක නිළධාරියාට ලබා දීමය.

කෙසේ නමුත් අදාළ ජනමාධ්‍යවේදීන් “ lankanewsweek” සමග පැවසුවේ මේ වන තුරු නම් ඒ ප්‍රශ්නවලට සාගල රත්නායක මහතාගෙන් හෝ ඔහුගේ ආරක්ෂක නිලධාරියාගෙන් කිසිදු පිළිතුරක් නොලැබුණු බවය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
මාධ්‍යට උත්තර දෙන්න සාගල අලුත්ම ක්‍රමයක් සොයා ගනී..! | Lanka Newsweek