අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මාතර -කොළඹ පෞද්ගලික බස් වර්ජනයක්

මාතර -කොළඹ පෞද්ගලික බස් වර්ජනයක්

(නිලන්ති චන්ද්‍රසේන) මාතර – කොළඹ පෞද්ගලික බස් රථ සේවකයින් අද (19) බස් රථ ධාවනයෙන් ඉවත්ව තිබේ. මේ පිළිබඳව අදහස් දැක්වූ මාතර මගී ප්‍රවාහන සමාගමේ සභාපති අරුණ හල්පගේ මහතා පැවසුවේ, අම්බලන්ගොඩ සිට ධාවනය…

(නිලන්ති චන්ද්‍රසේන)

මාතර – කොළඹ පෞද්ගලික බස් රථ සේවකයින්  අද (19) බස් රථ ධාවනයෙන් ඉවත්ව තිබේ.

මේ පිළිබඳව අදහස් දැක්වූ මාතර මගී ප්‍රවාහන සමාගමේ සභාපති අරුණ හල්පගේ මහතා පැවසුවේ, අම්බලන්ගොඩ සිට ධාවනය කෙරෙන කෙටි දුර ගමන් සේවා බස් රථ මගින් එල්ල වන බලපෑම්වලට විරෝධය පළ කරමින් තම සාමාජිකයින් ධාවනයෙන් ඉවත්ව ඇති බවයි.

මේ සම්බන්ධයෙන් පොලිසියට  අවස්ථා ගණනාවකදී පැමිණිලි ඉදිරිපත් කළ ද මෙතෙක් ඒ පිළිබඳව  නීතිය ක්‍රියාත්මක වී නොමැති බව ඔහු පවසයි.

තව දුරටත් මේ සම්බන්ධයෙන් නිතිය නිසියාකාරයෙන් ක්‍රියාත්මක නොවේනම් මාතර – කොළඹ බස් රථ හා  හෙට  සිට (20) මාතර සිට අධිවේගි මාර්ගයේ ධාවනය වන බස් රථ සේවකයින් ද ධාවනයෙන් ඉවත් වන බව අරුණ හල්පගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

මේ සම්බන්ධයෙන් කළ අදහස් පළ කල  රත්ගම පොලීසිය පැවසුවේ , මාතර – කොළඹ පෞද්ගලික බස් රථවලට රත්ගම, අලුත්ගම ඇතුළු ප්‍රදේශවලදී පහරදීම් සිදුවූ බවට පැමිණිලි ලැබි  තිබු බවයි. පසුව ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කළ ද පසුව පැමිණිලිකාර පාර්ශවය එම පැමිණිල්ල ඉල්ලා අස්කර ගැනීම නිසා විමර්ශන කටයුතු අතරමග නතර කළ බවයි.

නැවත මේ සම්බන්ධයෙන් නැවත පැමිණිලි ඉදිරිපත් කරන්නේ නම්, නැවත විමර්ශන ආරම්භ කිරීමට සුදානම් බව ද රත්ගම පොලිසිය පවසයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
මාතර -කොළඹ පෞද්ගලික බස් වර්ජනයක් | Lanka Newsweek