අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මාකඳුරේ මධූෂ් මෙහෙයවූ මහා පරිමාණ අපරාධ 4ක වැඩිදුර පරීක්ෂණ ඇරඹෙයි..!

මාකඳුරේ මධූෂ් මෙහෙයවූ මහා පරිමාණ අපරාධ 4ක වැඩිදුර පරීක්ෂණ ඇරඹෙයි..!

(නායක බණ්ඩාර) සංවිධානාත්මක අපරාධකරුවකුවන මාකදුරේ මධුෂ් ඩුබායි සිට මෙහෙයවූ බවට තොරතුරු අනාවරණය කරගෙන ඇති මහා පරිමාණ අපරාධ 4ක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ අරම්භ කර ඇති බව පොලිස්…

(නායක බණ්ඩාර)

සංවිධානාත්මක අපරාධකරුවකුවන මාකදුරේ මධුෂ් ඩුබායි සිට මෙහෙයවූ බවට තොරතුරු අනාවරණය කරගෙන ඇති මහා පරිමාණ අපරාධ 4ක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ අරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

ඉකුත් මැයි මස 05 වැනි දා කටුනායක ගුවන්තොටුපලේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මධූෂ් අත්අඩංගුවට ගනු ලැබීමෙන් පසු මේ වනතෙක් රඳවා තබා ගනිමින් පරීක්ෂණ මෙහෙයවනු ලබයි.

1. කළුතර එනතමඩල ප‍්‍රදේශයේ බන්ධනාගාර බස් රථයකට වෙඩි තබා බන්ධනාගාර නිලධාරීන් දෙදෙනකු හා සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයකු වන සමයං ඇතුලූ පස් දෙනකු ඝාතනය කිරීම සහ තවත් සිව් දෙනකුට තුවාල සිදුකිරීම (2017/02/27 දා)

දැන්වීම

2. පිළියන්දල නගරයේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් කණ්ඩායමකට වෙඩි තබා පොලිස් නිලධාරියකු ඇතුලූ දෙදෙනකු ඝාතනය සහ තවත් සිව් දෙනකුට තුවාල සිදුකිරිම (2017-05-09 දා)

3. කැලණිමුල්ලේ "කොස්මල්ලි" නැමැත්තා පැහැරගෙන ගොස් අගුනකොළ පැලැස්සේ දී වෙඩි තබා ඝාතනය කිරීම (2018.3.06 දා)

3. ඇරැව්වල පන්නිපිටිය ප‍්‍රදේශයේ නිවසකින් දියමන්තියක් කොල්ලකෑම (2018.11.08 දා)

මේ වනවිට මාකදුරේ මධුෂ් ඩුබායි මෙම අපරාධ මෙහෙයවීමට භාවිත කළ ජංගම දුරකතන අංක මෙන් ම ඊට සම්බන්ධ පුද්ගලයන් සහ වින්දිතයන් භාවිත කළ දුරකතන අංක පිළිබඳ දත්ත විශ්ලේෂණ සිදුකරමින් පවතින බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

සිදුකිරීමට ලබා ගත් අධිකරණ නියෝගයක් මත මෙතෙක් සිදුකළ ප‍්‍රශ්න කිරීම්වල දී අපරාධ සදහා භාවිත කළ බවට සැකකරන පිස්තෝල දෙකක් හා ටී 56 ගිනි අවියක් සොයාගෙන ඇත.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
මාකඳුරේ මධූෂ් මෙහෙයවූ මහා පරිමාණ අපරාධ 4ක වැඩිදුර පරීක්ෂණ ඇරඹෙයි..! | Lanka Newsweek