අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මහ මැතිවරණයක් ලබා ගැනීමට අරගල කළයුතුයි.

මහ මැතිවරණයක් ලබා ගැනීමට අරගල කළයුතුයි.

අනුර කුමාර දිසානායක කඩිනම් මහ මැතිවරණයක් දිනා ගැනීම සඳහා අරගල කළයුතු බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ඔහු එසේ ප්‍රකාශ කළේ ඊයේ(24) පස්වරුවේ මහරගම ජාතික තරුණ සේවා ශ්‍රවණාගාරයේ…

අනුර කුමාර දිසානායක

කඩිනම් මහ මැතිවරණයක් දිනා ගැනීම සඳහා අරගල කළයුතු බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ඔහු එසේ ප්‍රකාශ කළේ ඊයේ(24) පස්වරුවේ මහරගම ජාතික තරුණ සේවා ශ්‍රවණාගාරයේ පැවැති ජාතික ජන බලවේගයේ සම්මන්ත්‍රණය අමතමිනි. පසුගිය දිනවල පැවැති ජන අරගල තුළින් මේ රටේ පාලකයන් අමතක නොවන පාඩම් ඉගෙන ගත් බවද මෙහිදී කී දිසානායක මහතා අරගලයකට සම්බන්ධවේ යයි නොසිතපු පිරිස් පවා ඒවායේ ක්‍රියාකාරීව කටයුතු කළ බවද සඳහන් කළේය.

ඉදිරියටත් දූෂණයට, චංචාවට, හොරකමට එරෙහි සටන ඉදිරියට ගෙනයා යුතු යයිද කී ජාතික ජන බලවේගයේ නායකයා ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමේ සටන සහ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීමේ සටන ද පෙරට ගෙන යා යුතු යයිද පැවසීය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න