මහේෂිට අවුලක් නෑ හැබැයි ජපුරට අසාධ්‍යයි

පහුගිය ජූනි 17 වෙනිදා ශ්‍රි ජයවර්ධනපුර රෝහලේ ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය මගේෂි විජේරත්න අල්ලස් හෝ දුෂණ කොමිෂමෙන් අත්අඩංගුවට ගත්තා. මහේෂිට තිබුණ චෝදනව තමයි ස්නායු ශල්‍ය කර්මයක් සදහා අවශ්‍ය අයිතම දෙකක්…
පහුගිය ජූනි 17 වෙනිදා ශ්‍රි ජයවර්ධනපුර රෝහලේ ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය මගේෂි විජේරත්න අල්ලස් හෝ දුෂණ කොමිෂමෙන් අත්අඩංගුවට ගත්තා. මහේෂිට තිබුණ චෝදනව තමයි ස්නායු ශල්‍ය කර්මයක් සදහා අවශ්‍ය අයිතම දෙකක් මහේෂිට හිතවත් ආයතනයකින් මිලදීගැනීමෙන් රෝගීන්ට පාඩුවක් සිදුකිරීම සහ මෝලේ මැරුණු රෝගීන්ට මුදල් ලබාගැනීමේ පරමාර්ථයෙන් සැත්කම් කිරීම.
මේ චෝදනාවට අදාව පෙත්සමක් අධිකරණයේ විභාග වෙමින් තියන නිසා ඊට අදාලව යුක්තිය ඉෂ්ඨවෙයි කියන විශ්වාසය කාටත් තියනවා. හැබැයි රටේ රාළ මහේෂි අත්අඩංගුවට පත්වුන මොහොතේ පටන් මේ සිද්ධියේ නොපෙනෙන පැත්තක් ගැන කතා කළා.ඒ තමයි අධිකරණයෙන් යුක්තිය ඉෂ්ඨ වෙන තැන දක්වා වෙන ක්‍රියාවලියත් යුක්ති සහගත එකක් වෙන්න ඕනි කියලයි.
ඒ කියන්නේ අධිකරණයට දක්වා පෙත්සම අරගෙන යන ක්‍රියාවලියට සම්බන්ධ වෙන ආයතන වන ශ්‍රී ලංකා පොලීසිය.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව.අල්ලස් හෝ දුෂණ කොමිෂම.ශ්‍රී ලංකාව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ නීතිපති දෙපාර්තමේන්තුව කියන මේ ආයතනවල ක්‍රියාවලියත් යුක්ති සහගත එකක් වෙන්න ඕනි කියලයි. විශේෂයෙන්ම රාජ්‍ය සේවය සම්බන්ධව තීරණ ගනිද්දී මේ ආයතන මීට වඩා වගකීම් සහගත වෙන්න ඕනි.
දැන්වීම
අපි දැක්කා පසුගිය දවසක වරෙන්තුවක් තිබුණ නාමල් රාජපක්ෂ ගුවන් තොටුපොලින් බැහැලා පොලිසියට ටටා කියලා ගිහින් අධිකරණය හරහා තමන්ගේ වරෙන්තුව ඉවත් කරගත්තා.ඒකෙන් නාමල් නොගෙන මහේෂි ගත්ත එක වැරදියි කියලා නෙවෙයි රටේ රාළ කියන්නේ. අධිකරණයෙන් වෑරදිකාරයෙක් වෙනකම්ම හැම කෙනෙක්ම නිවැරදිකාරයෙක් කියන මුලධර්ම අද ඉස්සෙල්ලාම උගන්නන්න වෙලා තියෙන්නේ මේ ආයතනවලට.මිනිසුන්ගේ ගෞරවය විනාශ කරන්න එයාලට කිසිම අයිතියක් නෑ.
ඒ වෙනුවෙනුයි රටේ රාළ මේ දක්වා මේ සටන ගෙනියන්නේ.අද පැහැදිලිවම ශ්‍රී ලංකා පොලීසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් කොමිසම මාලිමාවේ ශාඛා සමිති බවට පත්වෙලා.එදා ජ'පූර තිරටර් එකේ ඔපරේෂන් එකක් කරලා Ward round යමින් හිටිය මහේෂිව අල්ලස් කොමිෂමෙන් කුදලගෙන ඇවිත් තිබුණේ මරු සිරා අල්ලාගෙන එන විදිහටයි.අඩුම ගානේ මහේෂිගෙන් කලින් ප්‍රකාශයක් සටහන් කරගන්න දිනයක් නොදී තමයි එයාව අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කළේ.
එතැන් සිට මහේෂි රක්ෂිත බන්ධනාගාර ගතවෙනවා.රටේ රාළ එදාම ඇහුවේ මහේෂිගේ පසුවිපරම යටතේ හිටිය අර සැත්කම කරපූ රෝගියාට මොකද වෙන්නේ කියලයි.පස්සේ දවස් කීපයකින් එයා මිය ගිහින් තිබුණා.ඒ වගේ ජ'පූර රෝහලේ දහ අටේ වාට්ටුවේ ප්‍රතිකාර ලබපු රෝගීන්ට මොකද වෙන්නේ කියලා රටේ රාළ ඇහුවා.ඒවා මිනිසුන්ගේ ජීවිත.ඇත්තටම උනේ ඒ වාට්ටුව වහලා දාලා ඒ රෝගීන් කොළඹ ජාතික රොහලට යවන එකයි.
ඒක මේ රෝගීන්ට විතරයක් නෙවෙයි ජාතික රොහලේ රෝගීන්ටත් කරන ලොකු අසාධාරණයක්.ඒ විතරක් නෙවෙයි අපේ රටේ සෞඛ්‍ය කාර්යමණ්ඩල බරපතල අපහසුතාවයට පත්වුනා.විශේෂයෙන්ම වෛද්‍යවරු.රෝහලේ නැති බෙහෙත් සහ උපකරණ පිටින් ගේන් නිර්දේශ කිරීම බෙල්ල ගහලා යන වැඩක් බවට පත්වුනා.අන්තිමට වෛද්‍යවරු පිටින් බෙහෙත් ගේන්න නිර්දේශ දෙන එක නතර කළා.එයාලට හිරේ යන්න බෑ කියලා පිටතින් බෙහෙත් නිර්දේශ කරන එන වෛද්‍යවරු අත්හැරීමෙන් අසාධාරණය සිද්ධවුනේ අසරණ රෝගීන්ට.රෝගීන්ට වැලිගම යන්න සිද්ධවුනා.
ඒ නිර්මාණය උන අර්බුදය තවමත් අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ගිලගෙන තියනවා.ඒක හොඳම උදාහරණය තමයි මේ මොහොතේ ශ්‍රී ජයවර්ධනපුර රෝහල මුහුණ දීලා තියෙන අර්බුදය සහ ඒ අර්බුදයේ අවසන් ප්‍රතිඵලය විදිහට ශ්‍රී ජයවර්ධනපුර රෝහලට අත්වෙන්න නියමිත ඉරණම.පහුගිය දවසක ඔයාලා දකින්න ඇති ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අර්බුද සම්බන්ධව නිතර නිතර පුවත් පලවුනා.දැන් මහේෂිට ඇප හම්බවෙලා එයා ගෙදර ගිහින් දුවත් එක්ක හොඳින් ඇති.
ඒකෙන් රටේ රාළ කියන්නේ මහේෂි ජොලියේ ඉන්නවා කියලා නෙවෙයි.එයාටත් පසු කම්පනයක් වගේම බයක් ඇති.හැබැයි අසාධ්‍ය වෙලා තියෙන්නේ මහේෂි ප්‍රතිකාර කරපු ජ'පුර 18 වාට්ටුවේ ලෙඩ්ඩුන්ටත් නෙවෙයි.ඒකත් වහලා. දැන් සමස්ථ ශ්‍රී ජයවර්ධනපුර රෝහලටම අසාධ්‍යයි.අද ජ'පුර 18වාට්ටුව වහලා.මහේෂිට පැත්ත පලාතේ යන්න තහනම්.ඒ වගේම ප්‍රමිතියෙන් අඩු වෛද්‍ය උපකරණ භාවිතයට අකමැත්ත පළ කරමින් රෝහලෙන් ඉල්ලා අස්වූනා යැයි හිතන විකලාංග ශල්‍ය විශේෂඥ වෛද්‍ය කෞෂල්‍යා කරුණාරත්නගේ 11 වන වාට්ටුවත් ජුනි මාසයේ ඉඳන් වහලා.
මේ වාට්ටු දෙක වහලා දෑමීමත් එක පැත්තකින් රෝහලේ එන ආදායම බරපතල විදිහට කඩා වැටෙනවා වගේ ශ්‍රි ජයවර්ධනපුර රෝහල මෙතෙක් රඳවාගෙන තිබුණ කීර්ති නාමයත් බිඳවැටෙනවා.දැනට වහලා දාලා තියෙන මහේෂිගේ 18 වාට්ටුවෙන් 2025 ජනවාරි සිට 2025 ජුනි දක්වා රුපියල් මිලියන 80 ක පමණ ආදායමක් රෝහලට හොයලා දීලා තියන බව ජ'පූර රෝහල් ආරංචිමාර්ග කියනවා,එයිනුත් රුපියල් මිලියන 43.2 ක ශුද්ධ ලාභයක් විදිහටයි රෝහලට ලැබිලා තියන්නේ.
ඒ වගේම ප්‍රමිතියෙන් අඩු වෛද්‍ය උපකරණ භාවිතයට විරෝධය පළ කරලා ඉල්ලා අස් වූ විශේෂඥ වෛද්‍යවරයාගේ වාට්ටුව හරහා පසුගිය මාස 6 ඇතුළ රෝහලට රුපියල් මිලියන 40 ක පමණ ආදායමක් ලබාගෙන ඇති බවත්. එතනින් රුපියල් මිලියන 18.5 ක පමණ ශුද්ධ ලාභයක් ලැබිලා තියෙනවා.දැන් මේ ආදායම් අහිමිවීමෙන් ජ'පුර රෝහල බරපතල මූල්‍ය අර්බුදය ඉන්නවා.මේ මූල්‍ය අර්බුදයකට මුහුණ දෙන්න බැරිව මේ ආණ්ඩුව විසින්ම පත්කරපු රෝහල් අධ්‍යක්ෂකවරයා පහුගිය සතියේ ඉල්ලා අස්වුනා.
ඇත්තටම දැන් මේ ප්‍රශ්නය නිසා පිඩාවට පත්වෙලා ඉන්නේ රෝගීන් සහ ජ'පූර රෝහලේ කාර්ය මණ්ඩලයි.දැන් මේ ප්‍රශ්නයට උත්තරයක් අල්ලස් කොමිසමට දෙන්න බෑ.හැබැයි අල්ලස් කොමිසම මහේෂිට එරෙහිව ක්‍රියාමාර්ග ගනිද්දී යුක්ති සහගත උනා නම් මේ අසරණකමට රෝගීන් පත්වෙන්නේ නෑ.මේ පෞරුෂ හානියට සෞඛ්‍ය කාර්ය මණ්ඩල පත්වෙන්නේ නෑ.ඒක නිසා මේ ඛේදවාචකයේ ලොකු කොටසක් අල්ලස් කොමිසමට පැවරෙනවා.
රටේ රාළ මේ ලිපිය පටන් ගනිද්දීම කිව්වා අල්ලස් කොමිසම මාලිමාවේ ශාඛා සමිතියක් බවට පත්වෙලා ඉවරයි කියලා.එයාලා මේ ඉෂ්ඨ කරලා තියෙන්නේ ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුවක් කියන බරපතල සැකය රටේ රාළට නං තියනවා. ශ්‍රී ජයවර්ධනපුර රෝහල බංකොලොත් කරලා රජයේ සම්බන්ධයෙන් අයින් කරලා ඉන්දු - ශ්‍රී ලංකා සෞඛ්‍ය ගිවිසුම යටතේ ඉන්දියාව විසින් කළමණාකරණය කරන රෝහලක් බවට පත්වෙන්න උනත් මේ යන විදිහට බැරිකමක් නෑ.