මහේල-සංගා Trail පදනම පිළිකා රෝහලේ ඉදිකිරීම් අරඹයි

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායකයන් වන කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන ඇතුළු තවත් කිහිප දෙනෙකුගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක Trail පදනම මගින් කරාපිටියේ ඉදි කිරීමට යෝජිත පිළිකා රෝහලේ ඉදිකිරීම් ආරම්භ කර…
ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායකයන් වන කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන ඇතුළු තවත් කිහිප දෙනෙකුගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක Trail පදනම මගින් කරාපිටියේ ඉදි කිරීමට යෝජිත පිළිකා රෝහලේ ඉදිකිරීම් ආරම්භ කර ඇති අතර කරාපිටිය ශික්ෂණ රෝහලට සම්බන්ධව මහල් 10 කින් සමන්විතව මෙම පිළිකා රෝහල ඉදිකිරීමට සැළසුම් කර තිබේ.
මේ වෙනුවෙන් මුදල් උපයා ගැනීම සඳහා Trail පදනම මගින් විවිධ වැඩසටහන් සංවිධානය කළ අතර ඒ සඳහා ජනතාව සිය මුදල් පරිත්‍යාග කිරීම සිදු විය.
එසේම විවිධ බාධක මධ්‍යයේ මෙන්ම දැඩි උත්සහයකින් ලබා ගත් අනුමැතියන්ගෙන් පසුව මෙසේ ඉදි කිරීම් ආරම්භ කළ බව Trail පදනම සඳහන් කර ඇත.
