අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මහින්ද රාජපක්ෂගේ ප්‍රජා අයිතිය නැති කරන්න ගොඩාක් අය එදත් උත්සහ කළා

මහින්ද රාජපක්ෂගේ ප්‍රජා අයිතිය නැති කරන්න ගොඩාක් අය එදත් උත්සහ කළා

මීට අවස්ථා ගණනාවකදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රජා අයිතිය නැති කිරීමට බොහෝ අය උත්සහ කළේ යැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.…

මීට අවස්ථා ගණනාවකදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රජා අයිතිය නැති කිරීමට බොහෝ අය උත්සහ කළේ යැයි  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

මහින්ද රාජපක්ෂ යනු මේ රටේ යුද්ධය අවසන් කර රට සංවර්ධනය කළ නායකයා බව ද නාමල් රාජපක්ෂ මහතා සිහිපත් කළ අතර ඔහු ඒ බව පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතු බවට සිදු කරන අත්සන් ලබා ගැනීමේ ව්‍යාපාරය ගැන ජනමාධ්‍ය කළ විමසුමකට පිළිතුරු ලබා දෙමිනි. 

යුද්ධය අවසන් කළ පසු මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාව යුධ අධිකරණයට ගෙන ගොස් අනතුරුව ප්‍රජා අයිතිය අහෝසි කිරීමට උත්සාහ කළේ යැයි ද, අනතුරුව යහ පාලන කාලයේ ඩොලර් බිලියන ගණන් විදේශයන්හි ඇති බවට අභූත චෝදනා එල්ල කරමින් ප්‍රජා අයිතිය අහෝසි කිරීමට උත්සාහ කළේ යැයි ද, අරගලය වෙලාවේ මහින්ද රාජපක්ෂ ඝාතනය කිරීමට තැත් කළේ යැයි ද, පෙන්වා දුන් නාමල් රාජපක්ෂ මහතා මේ වන විට බදු අඩු කොට ජනතාවට සහන සැලසීම නිසා ආර්ථිකය බංකොලොත් කළා යැයි පවසමින් ප්‍රජා අයිතිය අහෝසි කිරීමට තැත් කරන්නේ යැයි ද, මේ සියල්ල හුදු ජනප්‍රිය භාවය සඳහා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස සිදු කරන නාටක යැයි ද සඳහන් කළේය. 

තවමත් බිමේ ඡන්දය ඇත්තේ තනි පුද්ගලයකු ලෙස මහින්ද රාජපක්ෂට වන අතර විපක්ෂයේ සිටින සියලු දෙනාට ඇත්තේ රාජපක්ෂ භීතිකාවක් යැයි ද, කියා සිටී නාමල් රාජපක්ෂ මහතා මහින්ද රාජපක්ෂ යනු බිමේ දේශපාලනය හොදින් හදුනන දේශපාලඥයකු යැයි ද, ඔහු මඩ ගල් මුගුරු හොදට පුරුදු අයෙකු යැයි ද පැවසීය. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
මහින්ද රාජපක්ෂගේ ප්‍රජා අයිතිය නැති කරන්න ගොඩාක් අය එදත් උත්සහ කළා | Lanka Newsweek