මහින්ද නිසා කොමියුනිස්ට් පක්ෂයත් දෙකඩ වෙයි
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(හේමන්ත තුසිත කුමාර) ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ 21 වන ජාතික සමුළුවේදී එම පක්ෂය ඒකාබද්ධ විපක්ෂයට සහය දිය යුතු බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යෝජනාවක් ඉදිරිපත් කිරීම සහ එම පක්ෂයේ ලේකම් ඩිව්…
(හේමන්ත තුසිත කුමාර)
ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ 21 වන ජාතික සමුළුවේදී එම පක්ෂය ඒකාබද්ධ විපක්ෂයට සහය දිය යුතු බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යෝජනාවක් ඉදිරිපත් කිරීම සහ එම පක්ෂයේ ලේකම් ඩිව් ගුණසේකර මහතා ඇතුළු කණ්ඩායම ස්වාධිනව පක්ෂය දේශපාලනය කළ යුතු බවට යෝජනාවක් ගෙන ඒම නිසා ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය දෙකට වීමේ තර්ජනයක් ඇති වී තිබෙන බව එහී අභ්‍යන්තර ආරංච් මාර්ග සදහන් කරයි. එම පක්ෂයේ මාතර දිස්ත්‍රීක් මන්ත්‍රී චන්ද්‍රසිරි ගජධීර සහ සභාපති රාජා කොල්ලුරේ ඇතුළු කණ්ඩායමක් දකුණු සහ සබරගමුව පළාත්වලින් කොමියුනිස්ට් පක්ෂයේ 21 වන ජාතික සමුළුව නියෝජනය කිරීම සදහා බහුතර සාමාජිකයන් පිරිසක් බදවා ගනිමින් මධ්‍යම කාරක සභාවේ බහුතර බලයක් ලබාගැනීම නිසා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු එකාබද්ධ විපක්ෂයට සහය පළ කළ යුතු බවට ගෙන ආ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වී තිබේ.ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1