අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මහින්දගෙන් පසු අනුරගේ ඉළක්කය රනිල්ද?

මහින්දගෙන් පසු අනුරගේ ඉළක්කය රනිල්ද?

හිටපු ජනාධිපති මහින්දගේ නිල නිවස සම්බන්ධ සාකච්ඡාව තවම අවසන් නෑ.මේ වෙනකොට හිටපු ජනාධිපතිවරු තුන් දෙනෙක් නිල නිවාසවල ඉන්නවා.ඒ චන්ද්‍රිකා,මහින්ද සහ මෛත්‍රි.භැබැයි මහින්දගේ නිල නිවසේ ප්‍රශ්න උඩට ඇවිත්…

හිටපු ජනාධිපති මහින්දගේ නිල නිවස සම්බන්ධ සාකච්ඡාව තවම අවසන් නෑ.මේ වෙනකොට හිටපු ජනාධිපතිවරු තුන් දෙනෙක් නිල නිවාසවල ඉන්නවා.ඒ චන්ද්‍රිකා,මහින්ද සහ මෛත්‍රි.භැබැයි මහින්දගේ නිල නිවසේ ප්‍රශ්න උඩට ඇවිත් තියන හින්දා චන්ද්‍රිකා සහ මෛත්‍රිගේ නිල නිවාස සම්බන්ධ සාකච්ඡාව යට ගිහිල්ලා.ඒ වගේ ආණ්ඩුවත් හිටපු ජනාධිපතිවරු සම්බන්ධව පොදු තීරණයක් නැතිවයි මහින්දගේ නිල නිවස ගැන විතරයි තීරණයකට එන්නේ.

දැන් අපේ රටේ එක ප්‍රධාන ප්‍රශ්නක් බවට මහින්දගේ නිල නිවස පත්කරලා තියනවා.ඒ වගේම රටේ විසදුම් නොමැති ප්‍රශ්න වහගන්න සහ අනුරගේ නොහැකියාව වහ ගන්නෙත් මහින්දගේ විජේරාම නිල නිවස යොදා ගන්නවා. දැන් මේ ප්‍රශ්නය හිටපු ජනාධිපතිවරයෙක් සහ දැන් ඉන්න ජනාධිපතිවරයා අතර ප්‍රශ්නයක් බවට පත්වෙලා.මුලදී මේක ජනතාවට ලොකු ප්‍රශ්නයක් වුනේ නෑ.හැබැයි දැන් අනුර සහ ආණ්ඩුව විසින් මේ ප්‍රශ්නය ජනතාවට මත පටවලා.

මේ ප්‍රශ්නයත් හරියට මැක්කාගේ කතාව වගේ. අනුර මොනවා කතා කලත් කතාව අන්තිමට ඉවර කරන්නේ මහින්දගේ මේ නිල නිවසෙන්.අනුර මේ ප්‍රශ්න ගැන කතා කරපු මුල් අවධියේ ඒ සම්බන්ධ සදාචාරමය බලයක් අනුර තිබුණා.කට්ට්ය හිතුවේ අනූර ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත සංශෝධනය කරලා පොදු නීතියක් හදයි කියලා. ඒකට අවශ්‍ය පාර්ලිමේන්තු බලයත් අනුරට තියනවා.

දැන්වීම

ඔය පනත සම්මත කරන්න රටේ රාළ දන්න විදිහට පාර්ලිමේන්තුවේ සුළු බහුතරයෙන් පුළුවන්.එහෙම නැතත් ආණ්ඩුවට විශේෂ බහුතරයත් තියනවා.ජනමතවිචාරණයකට යොමු කරන්න තරම් දෙයක් ඔතන තියෙන්න විදිහක් නෑ. හැබැයි අනුර ඒ නීතිමය ක්‍රියාමාර්ගයේ යන්නේ නැතිව චන්ඩි පාට්වලින් මහින්ද එලවන්න හදන බව පැහැදිලියි.එකෙන් උනේ මුලදී අනුර සතුව තිබුණ සදාචාරමය බලය දැන් පිරිහිලා ගිහින්.

අනිත් කාරණය තමයි අනුරලා මහින්ද සහ මහින්දගේ පවුලේ අයට ඇඟිල්ල දික්කරමින් තමයි මහජන නියෝජිතයා විදින අසීමිත වරප්‍රසාද ගැන කිව්වේ.ඒවා නැතිව පාරේ බස් එකේ යන,ගෙදරින් බත් එක ඔතාගෙන ඇවිත් කන,ජනතාව අතර ඉන්න මන්ත්‍රීලා හදනවා කියලයි කිව්වේ.හැබැයි අද ඒ සියල්ල වෙනස් වෙලා.මාලිමාවේ අය ඡන්දෙන් පස්සේ තමන් ඡන්දය දුන්න මන්ත්‍රී දැකලා නෑ.ඉස්සෙල්ලා ගන්නේ නෑ කියපු වරප්‍රසාද දැන් එයාලා භුක්ති විදිනවා.

ඒවත් එක්ක හිතද්දී දැන් අනුර සහ මහින්ද අතර ලොකු වෙනසකුත් නෑ,මහින්දගේ ආණ්ඩුවේ හිටිය මන්ත්‍රීලා සහ අනුරගේ ආණ්ඩුවේ ඉන්න මන්ත්‍රීලා අතරත් ලොකු වෙනසක් නෑ.හැබැයි කොච්චර උනත් අනුරලා තරම් මහා පරිමාණයෙන් බොරු කියන නායකයෝ ඒ අණ්ඩුවේ හිටියේ නෑ.අඩුම ගානේ එයාලා කියපු කතාවලින් 50% ක් හරි ඇත්ත.අනුර සහ අනුරගේ ගෝල බාලයෝ කියන කතාවලින් 100% ම බොරු.මේ හේතු මහින්දට එරෙහි සටනේ අනුරගේ සදාචාරමය බලය විනාශ වෙන්න බලපෑවා.

දැන් මේ ප්‍රශ්නය නීතිය ඉදිරියට ගිහින් තියනවා.ඒ වගේම මේ ප්‍රශ්නයේදී පරාජය පිලිගන්න මහින්ද සහ පොදු පෙරමුණත් සුදානම් නෑ.මුලදී ground සපෝට් එක අනුරට තිබුණත් ඒක දැන් ටික ටික මහින්ද පැත්තට හැරෙමින් තියනවා.රටේ රාළ මුලදීම ඒ අනතුරු ඇඟවීම කළා.අනුර නිසා ආයෙත් රාජපක්ෂවාදයට පණ ඇවිල්ලා. ඇත්තටම රටේ රාළ මහින්දගෙන් පලිගන්නවාට විරුද්ධයි වගේම නැවත රාජපක්ෂවාදය හිස ඔසවනවටත් විරුද්ධයි.

මේක හරියට මහින්දයි,අනුරයි කතාවෙලා පිට කසා ගන්නවා වගේ වැඩක්.අනුරට පුළුවන් කැබිනට් තීරණයක් අරන් මහින්දට වෙන ගෙයක් දීලා ඔය ගෙදරින් යන්න කියලා ලිඛිතව දන්වන්න. අනුර ඒක කරන්නෙත් නෑ.මහින්දත් ලිඛිතව දෙනකං යන්නේ නෑ.දැන් මහින්ද සහ අනුර දෙන්නම මේක දේශපාලන project එකක් කරගෙන.අනුර තමන්ගේ බැරිකම වහන්න සහ ප්‍රාදේශීය සභා ඡන්දය දක්වා හොරු ඇල්ලීමේ ස්ලෝගන් එක ගෙනියන්න මහින්දගේ ගෙදර පාවිචි කරනවා.

මහින්දත් මේ ප්‍රශ්නය උපරිම වශයෙන් ජනතාවගේ අනුකම්පාව දිනා ගන්න පාවිචිචි කරනවා.ඒ විතරක් නෙවෙයි ඒ වාසිය ලස්සනට උරා ගන්න නාමල් දන්නවා.කොහොම උනත් මෙතනදී අනුරට සහ ආණ්ඩුවට වැඩි හැකියාවක් මහින්ද සහ නාමල් පෙන්නනවා.දැන් වෙලා තියෙන්නේ මහින්දලාගේ අභියෝග ඉස්සරහා අනුර කෙඳිරි ගානවා නෙවෙයි අනුර විලාප තියන්න පටන් අරන්.කොහොම උනත් රනිල් එංගලන්තය ගියේ මේ ප්‍රශ්නය තවත් පැත්තකට හරවලා.ඒක අනුරට වගේම අනුරගේ දේශපාලනයටත් අවාසි දායී පියවරක්.

රනිල් කියන්නේ මහින්දට ඔය ගේ දෙන්න තීරණය ගත්ත තැන අනුරත් හිටියා කියලා.රනිල්,මෛත්‍රි, චන්ද්‍රිකා සහ අනුර විසින් ගත්ත තීරණය තමයි මෛත්‍රි සහ රනිල් කැබිනට් එකෙන් අරන් තියෙන්නේ.එහෙම නං මහින්දට ඔය ගේ දීමේ වගකීමේ කොටසක් අනුරටත් තියනවා.රනිල් කියන්නේ අනුර ඒ ගැන පක්ෂව හරි විපක්ෂව හරි කිසිම දෙයක් කිව්වේ නෑ කියලා.කොහොම උනත් අනුරගේ පොදු ස්වභාවය ඒක තමයි.රනිල්ට ඒ අද්දැකීම හොඳට ඇති.

මොකද අනුර සහ රනිල් අතර තිබුණ සමහර එකඟතාවලදී අනුර කියලා තිබුණේ ඔයාලා කරන්න අපි විරුද්ධ වෙන්නං කියලා බවයි ආරංචි.අනුර 2008 රටේ රාළ ජවිපෙන් අයින් වෙනකොටත් දැඩි රනිල්වාදියෙක්.අනුර එක තැනකදී කිව්වා අනිවාර්යෙන්ම ඊළඟ මැතිවරණයේදී අපි රනිල්ව දිනවන්න ඕනි කියලා. Unp දිනුවොත් ඒක ජවිපෙට වාසී,ඒකෙන් වමේ බලවේග නින්දට වැටෙනවා,ඒ තුලින් ශ්‍රිලනිපය බිඳවට්ටලා ජවිපෙට තහවුරු වෙන්න පුළුවන් කියලා.

ඒ කමිටුවේ හිටපු හය දෙනාම තවම ජීවතුන් අතර ඉන්නවා.ඒ කාලේ අනුර රනිල් අතර,අනුර මහා රාජා අතර,අනුර මලික් අතර ලොකු සමීපකමක් තිබුණා.ඒවා ගැන අනුර දේශපාලන මණ්ඩලයට කරපු පැහැදිලි කිරීම් අවශ්‍ය නම් කියන්නත් පුළුවන්.ඇත්තටම අනුර තමන්ගේ ගමන වෙනුවෙන් මේ හැම කෙනාගේම වාහනයේ නැගලා ගියා.ඒක තමයි දේශපාලනය කියන්නේ. වාහන කීයකින් හරි කාගේ ඇගේ එල්ලිලා හරි තමන්ගේ ඉලක්කයටයි යන්න ඕනි.

අනුර අද එතෙන්ට ඇවිත් තියනවා.හැබැයි මේ ජනතා විමුක්ති පෙරමුණේ ඉලක්කය නෙවෙයි.මේ තමයි මහින්දලා,රනිල්ලා හදපු ධනේශ්වර ක්‍රමයම පවත්වාගෙන යෑම.මෙතනදී අනුර හදන්නේ තමන් ආපු තැන නැවත උදාරා ගනී කියලා හිතෙන අයට ගහන එකයි.අනුරට සජිත් ගැන එහෙම බයක් දැනෙන්නේ නෑ.වයසට ගිගින් වල පයයි ගොඩපයි තියගෙන ඉන්න මහින්දට අනුර තවමත් බයයි.

ඒ වගේම අනුර රනිල්ටත් බයයි.ඇත්තටම අනුර දන්නවා රනිල් සහ මහින්ද කියන්නේ තරඟයේ ස්වභාවය ඕනිම වෙලාවක වෙනස් කරන්න පුලුවන් dangerous batsman ලා දෙන්නෙක් කියලා.ඒක නිසා අනුර ඊළඟ වටයේදී කැරකිලා රනිල් ළඟටත් එනවා.

(රටේ රාළ)

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 4
බෙදාගන්න